ඇපල් ට්‍රයිෆල් හදමු

Expire

Member
Dec 28, 2015
56
9
0
ඇපල් ට්‍රයිෆල් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ටූ කරගත් ඇපල් ග්‍රෑම් 450
ජෙලි පැකටි 1 (වතුර කෝප්ප 2 න් දිය කරගන්න)
ස්පොන්ජ් කේක් 4 (බිත්තර 2 න් සාදාගත්)
ඇප්‍රිකටි ජෑම් ස්වල්පයක්
කජූ ග්‍රෑම් 50
චෙරි ග්‍රෑම් 50
කිරි පයින්ටි 3·4
සීනි ග්‍රෑම් 50
විප් ක්‍රීම් - සැරසීමට
වැනිලා එසන්ස් ස්වල්පයක්

සාදන ක්‍රමය

ස්ටූ කරගත් ඇපල් කැබලි කුඩාවට කපාගන්න, පැත්තකින් තබන්න. ජෙලි පැකටිටූව වතුරෙන් දියකර එය දීසියක බාගෙට සෙටි වෙන්නට හරින්න. ස්පොන්ච් කේක් කුඩාවට කඩා එයට ජෑම් එකතුකර මෙය බාගෙට සෙටි වූ ජෙලි මත දමන්න. ඊට උඩින් චෙරි හා කජූ ද ඉසින්න. ඒ මත කුඩාවට කපා ස්ටූ කරගත් ඇපල් දමන්න. එය ශීතකරණයේ තබන්න. ඒ අතරතුර කස්ටඩ් සාදාගන්න.

පළමූව කස්ටඩ් ෆවූඩර්, කිරි, සීනි එකතු කරන්න. මෙය ඝන පතුලක් ඇති සාස්පානක දමා කූරුගාමින් සාදන්න. තරමක් උකු වූ පසූ ලිපෙන් ඉවතට ගන්න. සම්පූර්ණයෙන්ම නිවූනාට පසූව වැනිලා මෙයට එකතුකර ශීතකරණයේ තැබූ පූඩිම මතට වත්කරන්න. සැරසීමට චෙරි, විප් ක්‍රීම් භාවිත කරන්න.



apple-trifle+sinhala.jpg

 
  • Like
Reactions: sudokuu