Oats Recipes

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මාත් මේකේ තියෙන Thread එකක් දැකලා ඕට්ස් කන්න හිතාගෙන ගේනවා ඉතින්. ඕට්ස් පැකට් එකේ ගහලා තිබුන විදිහට ඔන්න හදන්න ගත්තා. :yes:
    කද්දී තමා තේරුණේ මේක රහ නෙනේ කියලා.:( කොහොම කොහොම හරි ටිකක් කැවා.
    පස්සේ Internet එකේ Search පාරක් දැම්මා මේක වෙන විදිහකට කොහොමද හදා ගන්නේ කියලා. එතකොට Set වුණා recipe ටික තමා මේ දෙන්නේ.
    මේකේ ඔම්ලට එකනම් මම කෑවා. එකනම් සෙට් :love:


    ඕට්ස් ඔම්ලට් එකක්

    F2Uel03.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය :
    නටන ජලය කෝප්ප 1 ක්
    ඕට්ස් අවශ්‍ය පමණ
    ලුණු
    බිත්තර 2 ක්
    හීනිවට කපන ලද බී ළූණු ගෙඩි භාගයයි
    කපන ලද අමු මිරිස් කරල් 3 යි
    අවශ්‍ය නම් විතරක් චීස් කැබලි 1 යි
    සාදන ක්‍රමය :
    නටන වතුරට ඕට්ස් දාල පියනකින් වහලා විනාඩි 5 ක් පමණ පැත්තකින් තියන්න. බිත්තර දෙක කඩලා සේරම කළමනා එක්ක හොඳට ගසා ගන්න. ඉන් පසු එයටම තම්බාගත් ඕට්ස් එක් කර හොඳින් ගසන්න. ඕනේ නම් කැබලි මිරිස් ටිකක් එකතු කරන්න.

    පෑන් එකකට තෙල් දාලා තිපේ තියලා ඔම්ලට් එකක් හදන ආකාරයට දෙපැත්ත දාල හොඳින් පිස ගන්න. රස, ගුණ පිරි ආහාර වේලක්.

    ක්ෂණික ඕට්ස් පලතුරු එක්ක

    vL7j1kC.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය :
    උණු කිරි වීදුරු 1 යි
    ඕට්ස් ඇති පමණ
    රසවත් කර ගන්න සීනි හෝ පැණි ( ඔබට නිකන් කන්න පුළුවන් නම් සීනි දමන්න අවශ්‍යත් නැහැ)
    පලතුරු වර්ගයක් ( කෙසෙල් ගෙඩි / ස්ට්‍රෝබෙරි / ඇපල්/ මිදී)
    සාදන ක්‍රමය :
    උණුසුම් කිරි භාජනයකට දමා ඒ මතට ඕට්ස් දමා හොඳින් මිශ්‍ර කරන්න. උකු තලපයක් බවට පත් වේවි. ඉන් පසු එයට සීනි හෝ පැණි ස්වල්පයක් දමා රසවත් කර ගන්න. පලතුරු කුඩා කැබලි වලට කපා එයටම එක් කරන්න.

    ඕට්ස් වලින් පෑන් කේක්

    YHtidI1.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය :
    ඕට්ස් කප් 1 යි
    පාන් පිටි කප් 1 යි
    බේකින් පවුඩර් හැඳි 1 යි
    බටර් ස්වල්පයක්
    බිත්තර 2 ක්
    උණු කිරි කෝප්ප 1 යි
    සාදන ක්‍රමය :
    ඕට්ස් කප් එකට උණු කිරි කෝප්පය දමා විනාඩි කීපයක් වසා තබන්න. එයට පාන් පිටි සහ බේකින් පවුඩර් තේ හැන්ද බැගින් එක් කරන්න. කැටි ඉතුරු නොවෙන විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න. එයටම වැනිලා තේ හැන්දක්, බටර් ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු හොඳින් ගසා ගත් බිත්තර දෙක මේ මිශ්‍රණයට එකතු කර නැවත වරක් හොඳින් ගසා ගන්න.

    රෙදි කඩකින් හෝ පියනකින් වසා පැය භාගයක් තිබෙන්න හරින්න. බැටර් එක තද වැඩියි වගේ නම් තව උණු වතුර මිශ්‍ර කරලා හැඳි ගා ගන්න.

    දැන් නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා තෙල් බිදු කීපයක් දමන්න. කපු රෙදි කඩකින් පෑන් එක පිස දමන්න. සාමන්‍ය පෑන් කේක් හදන විදිහටම බැටර් එක හැන්දෙන් එකක් අරගෙන පෑන් එකට දමා දෙපැත්ත දමමින් හදා ගන්න. පැණි, ක්‍රීම්, ස්ට්‍රෝබෙරි සමග ආහාරයට ගත හැක.



    ඕට්ස් පිට්ටු

    T1JrWje.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය :
    ඔට්ස් කප් 2 ක්
    ගා ගත් පොල් කප් 1 ක්
    ග්‍රේට් කළ කැරට් අලයක්
    ලියා ගත් බීලූනු ගෙඩියක්
    අමු මිරිස් කරල් 2,3ක් පුංචියට කපලා
    කරපිංචා කොළ ටිකක් හීනියට ලියලා
    ගොටු කොළ හෝ තියෙන පලා වර්ගයක් හීනියට ලියා ගෙන මිටක් විතර
    ලුණු, ගම්මිරිස්
    සාදන ක්‍රමය :
    මේ සියළු දේවල් එකට මිශ්‍ර කරන්න. වතුර ඉතාම ස්වල්පයක් ඉහලා ලුණු, ගම්මිරිස් ඇති පමණ දමා පිට්ටු බම්බුවකට දාලා තම්බා ගන්න. සාමාන්‍ය පිට්ටු වලට වඩා වැඩි වෙලාවක් තැම්බෙන්න අරින්න.

    මස්, මාළු කරියක් එහෙම නැත්නම් පරිප්පු , අල වගේ හොද්දක් එක්ක උනත් හරිම රසයි. උදේට වගේම රෑ කෑමටත් හොඳයි.

    ඕට්ස් රොටි

    s4nFfKQ.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය :
    ඔට්ස් කප් 2 යි
    පාන් පිටි කප් 1යි
    ගා ගත් පොල් කප් 2 යි
    ලියාගත් බී ළූණු
    අමු මිරිස් කරල් 2,3ක් පුංචියට කපලා
    කරපිංචා කොළ ටිකක් හීනියට ලියලා
    ලුණු
    සාදන ක්‍රමය :
    ඕට්ස් ධාන්‍ය වර්ගය පාන් පිටි සමග හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු උණු වතුර දමමින් රොටී අනන ආකාරයට අනා ගන්න. ඉතුරු කළමනා එකතු කරන්න. අවශ්‍ය පමණ ලුණු මිශ්‍ර කරන්න. ඉන් පසු බෝල හදා පැය භාගයක් පමණ තිබෙන්නට හරින්න.

    අත් දෙකේ තෙල් ආලේප කර ගෙන තෙල් ගාගත් ලෑල්ලක හොඳින් වඩා ගන්න. ඉන් පසු රත් වුන කබලක දමා දෙපැත්ත දමමින් සාමාන්‍ය ආකාරයට රොටී හදා ගන්න.

    ඕට්ස් සහ කුරක්කන් කැඳ

    fDRiOR8.jpg


    ඔබට උදේ හෝ රාත්‍රී ආහාරයක් ලෙස මේ ඉතාම ගුණ කැඳ වර්ගය හදා ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඕට්ස් කෝප්ප භාගයක්, කුරක්කන් කෝප්ප භාගයක්, පොල් කිරි කෝප්පයක්, ජලය සහ ලුණු ස්වල්පයක් පමණයි.

    ඕට්ස් සහ කුරක්කන් වතුරෙන් හොඳින් තම්බා ගන්න. ඉන් පසු එම මිශ්‍රණයට පොල් කිරි සහ පදමට ලුණු දමා ලිපේ තබාගෙන හැඳි ගාන්න. රසම රස කැඳක් ලැබේවි.


    ඕට්ස් වලින් අතුරුපස – ඕට්ස් කුකීස්

    tEweX27.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය :
    බටර් කෝප්ප භාගයයි
    දුමුරු සීනි කෝප්ප තුන් කාලක්
    පිටි වෙන්න කුඩු කර ගත් සාමාන්‍ය සීනි කෝප්ප භාගයයි
    බිත්තර 2 ක්
    වැනිලා තේ හැඳි 1 යි
    හලාගත් පාන් පිටි කෝප්ප එක හමාරයි
    ආප්ප සෝඩා ( බේකින් සෝඩා) තේ හැඳි 1 යි
    කුරුඳු කුඩු තේ හැඳි 1 යි
    ඕට්ස් කෝප්ප 3 යි
    වියලි මිදී කෝප්ප 1 යි
    සාදන ක්‍රමය :
    පළමුව අවන් එක සෙල්සියස් අංශක 170 ට පමණ preheat කර ගන්න. ඕට්ස් සහ වියලි මිදී හැර අනෙක් සියලු කළමනා ලොකු බෝල් එකකට දමා හොඳින් විදුලි මික්ෂර් එකකින් හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු ඕට්ස් කෝප්ප තුන සහ වියලි මිදී දමා හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න. මෙය තරමක් ඝන මිශ්‍රණයක් වේවි.

    බේකින් ට්‍රේ එකට තෙල් කඩදාසියක් දමා ගන්න. මිශ්‍රණයෙන් බෝල හදා ඈතින් ඈත බේකින් ට්‍රේ එකේ තියන්න. සාමාන්‍යයෙන් කුකීස් බේක් කරන විදිහටම කරන්න.

    විනාඩි 20 පමණ අවන් එකේ තියල එලියට ගන්න. නිමුනහම භාජනෙක අසුරලා පොඩ්ඩන්ට තේ බොන්න පාවිච්චි කරන්න.

    goodhousekeeping වෙතින්


    ඕට්ස් බිරියානි

    19905159_1809482319381805_1047135926866028701_n.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය.....

    * එක වේලකට එක් අයෙකුට හරියන්න ඕට්ස් යෝගට් කෝප්ප ප්‍රමාන 1ක්.

    * හොදින් තලාගත් සුදුලූනු ස්වල්පයක්
    * පොඩියට කපා ගත් රතුලූනු ස්වල්පයක්
    * කහ
    * අමු පහේ
    * තලා ගත් ඉගුරු ස්වල්පයක්
    * කුරුදු කෑල්ලක්
    * ගම්මිරිස් ස්වල්පයක්
    * ලුණු කුඩු ස්වල්පයක්
    * ගරම් මසාලා ටිකක් (තියනවනං විතරක්)
    * කරපිංචා පොඩියට කපා ගත්
    * කුඩා කොටු කපා ගත් සම රහිත චිකන් බ්‍රෙස්ට් එකකින් 1/2 හෝ 1/4ක්.
    * පොතු ඇරලා කබලෙ බැදගත් හරි අවන් කරගත් රටකජු (අවශ්‍යනම්)
    * ඉදුනු මිරිස් කරලක් කුඩාවට කපා ගත් (අත්‍යාවශ්‍ය නැත).
    * ඔලිව් ඔයිල් හැදි බාගයක්.
    * වතුර අඩු කෝප්ප 1 4/1

    📌 සාදාගන්නා ආකාරය.....

    මුලින්ම භාජනයක් ලිප තබා රත් වෙන විට ඔලිව් ඔයිල් තේ හැන්දක් හෝ භාගයක් දමන්න.එයට කුකුල් මස් කැබලි දමා කලවම් කරන්න.

    එයටම ලුණු,ලූනු ,කරපිංචා, කහ, අමු පහේ, ඉගුරු, ගරම් මසාලා, කුරුදු, ගම්මිරිස් දමා කලවම් කර වතුර කෝප්පයක් එකතු කරන්න.

    චිකන් කුඩා කොටු කපා ඇති නිසා ඉකමනින් තැම්බෙනවා. එවිට ඕට්ස් එයට එකතු කර කලවම් කරන්න. ඕට්ස් තැම්බී හොදින් වතුර හිදී ඝන වූ විට පොඩි රවුම් භාජනයකට පුරවා අනිත් පැත්ත ගසන්න.

    පාස්ලි, තක්කාලි, වැනි දෙයකින් ලස්සනට සරසා ගන්න. රටකජු ටික උඩින් ඉසගන්න.

    ඕන්න ඔයාලගේ ඕට්ස් බිරියානි එක ලෑස්තී......


    FIT Division වෙතින්

    ඕට්ස් උප්මා

    15338617_283516452046015_1931363163958243410_n.jpg


    ඕට්ස්(වතුරේ දමා පෙඟෙන්න තියන්න..හොඳින් වතුර මිරිකා ගන්න.)
    කැමති එළවලු(කැරට්/ලීක්ස් මං ගත්තෙ)
    කුඩාවට කපාගත් ලූණු
    සුදු ලූණු
    අමුමිරිස්
    රම්ප
    කරපිංචා
    අබ ඇට ටිකක්
    සූදුරු ඇට ටිකක්
    කඩල පරිප්පු ඇට ටිකක්
    වියළි මිරිස් කරලක්
    තෙල්/බටර්/එළඟි තෙල්
    කහ කුඩු
    මිරිස් කුඩු
    ලුණු

    භාජනයක් ලිපේ තියල එයට තෙල්/ බටර් එක් කරන්න.එයට අබ ඇට,සූදුරු,පරිප්ප ඇට දමා ටිකක් බැදෙන්න දෙන්න.ඊට පස්සෙ එයට රම්ප,කරපිංච දා ගන්න. කපාගත් ලූණු,සුදු ලූණු,අමුමිරිස් දමා බැදෙන්න දෙන්න.දැන් එයට කහ ටිකක්,මිරිස් කුඩු ටිකක් දමා කලවම් කර ගන්න.ලුණු කුඩු ටිකක් රස අනුව දා ගන්න.
    ඕට්ස් ටික එක් කර ටික වේලාවක් බැදෙන්න දෙන්න.මගේ විදියට මං මොසරැල්ලා චීස් ටිකක් රස්නෙ තියෙද්දිම උඩින් දා ගත්ත.රෙසිපි බල බල හදනවට වඩා හිතට එන දෙයක් කැමති විදියට අලුත් විදියට හදල වෙනස් අත්දැකීම් ලබා ගන්න...
    ඕට්ස් විතරක් නෙවෙයි,ඕනම කෑමක් එකම විදියට කන්න කවුරුත් කැමති නෑ..ඒ නිසා තනියම අලුත් දේවල් අත්හදා බලන්න..උයන එකත් කලාවක් විදියට දකින්න පුලුවන් එතකොටයි..උයන්න ආස හිතෙන්නෙත් එතකොටයි.


    ඉවුම් පිහුම් වෙතින්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම ඕට්ස් කන්නේ උදේ gym ගිහින් ඇවිල්ලා. ඕක කද්දි කොහොමත් දවල් 11.30 - 12 වගේ වෙනවා. උදේට වෙන මුකුත් කන්නෙත් නැහැ. Intermittent fasting :rofl:. ඕට්ස් ටිකක් දාලා ඕකට දානවා වියලි මිදි චොකෝ බබල්ස් හැන්දක් දෙකක් තව කෝන් ෆ්ලේක්ස් ටිකක් දාලා කිරිපිටි හැන්දක් විතර දාලා උණු වතුර ගානට දානවා . wash එකක් දාගෙන එද්දි ගානට තැම්බිලා. ඇරලා දානව එක හුස්මට
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මම ඕට්ස් කන්නේ උදේ gym ගිහින් ඇවිල්ලා. ඕක කද්දි කොහොමත් දවල් 11.30 - 12 වගේ වෙනවා. උදේට වෙන මුකුත් කන්නෙත් නැහැ. Intermittent fasting :rofl:. ඕට්ස් ටිකක් දාලා ඕකට දානවා වියලි මිදි චොකෝ බබල්ස් හැන්දක් දෙකක් තව කෝන් ෆ්ලේක්ස් ටිකක් දාලා කිරිපිටි හැන්දක් විතර දාලා උණු වතුර ගානට දානවා . wash එකක් දාගෙන එද්දි ගානට තැම්බිලා. ඇරලා දානව එක හුස්මට

    උබ මොකක්ද බන් ගන්න වර්ගේ ?

    Oats kiyanne monawada ?
    මේක බලන්න. මේකේ විස්තර තියෙනවා
    https://www.elakiri.com/forum/showthread.php?t=1814104


    ආසම නැති කෑමක්.මෙහෙම හදලා බලන්නම්.+10

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    පස්සේ 14ක්ම දෙන්නම්
    11.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බෙන් 10;23849377 said:


    උබ මොකක්ද බන් ගන්න වර්ගේ ?




    මතක නැහැ බන් ඒ වෙලේ තිබුන ගණන් අඩු එකක් බලල ගත්තේ. Cargills Food city එකෙන් ගත්තේ. Kellogs නෙවේ :nerd:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මතක නැහැ බන් ඒ වෙලේ තිබුන ගණන් අඩු එකක් බලල ගත්තේ. Cargills Food city එකෙන් ගත්තේ. Kellogs නෙවේ :nerd:

    මන් Oateo "INSTANT OATS" කියලා එකක් ගත්තේ Food City එකෙන්. ලංකාවේ එකක් වෙන්න ඕනේ. රු.220.00 ගියේ. ඊලග පාර වෙන ජාතියක් ගන්න ඕනේ :yes: