ඇපල් iPad හා තරගයට Sony Tablet 02 ක් එයි

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඇපල් iPad හා තරගයට Sony Tablet 02 ක් එයි

sony-tablet-ps-playstation.jpg




ඇපල් සමාගම නිෂ්පාදනය කළ කුඩාම ප්‍රමාණයේ iPad පරිගණකයට තරගයක් එල්ල කරමින් ජපාන සෝනි සමාගම "Sony Tablet" නමින් කුඩාම ප්‍රමාණයේ පරිගණක දෙකක් එළි දක්වයි.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ S1 හා S2 යන කේත නාම වලින් මෙම පරිගණක දෙක අද එළි දක්වා තිබුණත් එය වෙළඳ පොළට නිකුත් කරන දිනය හා එහි මිල ගණන් තවමත් දැනුම් දී නොමැති බවයි.
කුඩාම ප්‍රමාණයේ පරිගණක සෝනි සමාගම විසින් වෙළඳ පොළට නිකුත් කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.
සෝනි S1 පරිගණකය සඳහා අඟල් 9.4 ක් දිගැති එක් තිරයක්ද (screen) සෝනි S2 පරිගණකය සඳහා අඟල් 5.5 ක් දිග ස්පර්ශක වර්ණ තිර දෙකක්ද තිබෙන බව සමාගම විසින් අනාවරණය කර තිබෙන අතර පිටුවෙන් පිටුව පොතක් බලන අයුරින් කියවීම සඳහා මෙසේ තිර දෙකක් නිර්මාණය කර තිබෙන බව පවසා තිබේ.
මෙම තිර දෙකම එක්කර තනි තිරයක් ලෙසද භාවිතා කළ හැකි බව සඳහන්ය.
මෙම පරිගණක දෙක සඳහාම Google Android 3.0 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනු ලබයි.