ඇමති පී. හැරිසන්
ඇමති පී. හැරිසන් මහතාගේ ආධාරකරුවසන් පිරිසක් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට දරුණු ලෙස පහර දීම හේතුවෙන් එක් නිලධාරියෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි.
එම නිලධාරියාගේ ගිනි අවියද පහර දුන් පිරිස විසින් පැහැරගෙන ගොස් තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේ තඹුත්තේගම නගරය ආසන්නයේදීය.
වාහන කිහිපයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිටියදී එම ක්‍රියාව නවත්වන්නැයි දන්වා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර ඇමති පී. හැරිසන් මහතාද එම ස්ථානයේ සිට ඇතැයි හෙළිව තිබේ