ඇමති ලොහාන් තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය ඇමති ධුරයේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.

    ඔහු ඇමති විෂයන් දෙකක කටයුතු කරනු ලැබූ අතර පසුගියදා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවල ඇතිවූ මතභේදාත්මක සිදුවීම් හේතුවෙන් බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කිරීමේ රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඔහු ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි. එම ඉල්ලා අස්වීම ජනපතිවරයා භාර ගනු ලැබීය.

    ඒ අනුව තවදුරටත් ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

    lohan-resignation.jpg
     
    • Like
    Reactions: usa_nihaal

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඇයි බං ඉල්ලා අස්වෙලා තියෙන්නේ
    හේතු දක්වන්න එපැයි

    මෙහෙම හිතුන හිතුන වෙලාවට එන්නයි , හිතුන වෙලාවට යන්නයි මුන්ට ස' නිකං පබයෙක් ගානට දාලා ද කල්පනා කරන්නේ

    අඩේ, දැන් හරියට කියෙව්වේ , ස' ගේ නිර්ධේශය ඉල්ලලා නේ
    ස නිර්ධේශ කරයි ද බං

    ටිකක් නිකක් නිර්ධෝශී කරනවා වගේ ද කියලත් හිතෙනවා 🤭

    ------ Post added on Sep 15, 2021 at 9:37 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.

    වැරැද්දක් උනොත් මුලින්ම පාරට බහින්නේ අපී 😎
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඕනෑම අවස්ථාවක බන්ධනාගාරය තුළට පැමිණීමට සහ සිරකරුවන් සමඟ සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයා ට හැකියාව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

    රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරයට බීමතින් ඇතුළු වී ගිනි අවියක් සමග හැසුරුණේ යයි පළ වන වාර්තා ගැන විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍ය වල වාර්තා වන ආකාරයේ සිදු වීමක් එදින සිදුව නැති බවයි.

    අදාල දිනයේදී විෂය භාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා තම කාර්ය මණ්ඩලය පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිර දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින සිරකරුවන් සමඟ ඔවුන්ගේ සමාවන් පිළිබඳ සාකච්ඡා කරන ලද ඔහු කියා සිටියේය.

    කෙසේ වෙතත් අදාල සිදුවීම්වල වගකීම බාරගෙන ලොහොන් රත්වත්තේ මහතා බන්ධනාගාර කලමණාකර හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

    :lol: :lol: 🤭
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කවුරු හරි කියනවද මේ යකා අයින් වෙන්න හේතුව 🤷‍♂️
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.

    වැරැද්දක් උනොත් මුලින්ම පාරට බහින්නේ අපී 😎
    images
     
    • Haha
    • Like
    Reactions: AEG and imhotep