ඇමරිකන් ජනාධිපතිවරණය ගැන

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකයි තියෙන්නේ. ඕකෙන් ට්‍රම්ප් ඉල්ලන්නේ රිපබ්ලිකන් පක්ෂෙන්.එකේ ලකුණ අලියා. මීට කලින් හිටපු ජෝර්ජ් බුෂ්, රොනල්ඩ් රේගන් රිචඩ් නික්සන්, ලින්කන් වගේ අය රිපබ්ලිකන් පක්ෂයේ අය.

    ජෝ බීඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා. ඒ පක්ෂේ ලකුණ බුරුවා. බැරක් ඔබාමා, ක්ලින්ටන්, ජෝන් කෙනඩි වගේ අය ඩිමොක්‍රටික් පක්ෂයේ. ඒ වගේම ජෝ බීඩන් කියන්නේ ඔබාමා ජනාධිපති වේලා ඉන්නකොට උප ජනාධිපති විදියට වැඩ කරපු කෙනා.

    මේ පක්ෂ දෙක සලකද්දී රිපබ්ලිකන් පක්ෂය ඇමරිකාවේ Conservative පක්ෂය කියන්න පුළුවන්. ඩිමොක්‍රටික් පක්ෂය ලිබරල් පක්ෂය විදියට හදුන්වන්න පුළුවන්. ලංකාවේ විදියට බැලුවොත් කලින් තිබ්බ UNP එක ඩිමොක්‍රටික් පක්ෂය විදියටත්, පොහොට්ටුව රිපබ්ලිකන් පක්ෂය විදියටත් වගේ.

    ඉතිං මේ පක්ෂ දෙකෙන් මතධාරී රිපබ්ලිකන් පක්ෂයේ ජන්ද බේස් එක තියෙන්නේ ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශ වලට වෙන්නට ඉන්න සුදු ජාතිකයන් අතේ. ඩිමොක්‍රටික් පක්ෂයේ ජන්ද පදනම තියෙන්නේ නගරබද ජනතාව අතර. එහිදීත් සංක්‍රමික ජනතාව,කළු ජනයා වැඩිපුර ජන්දේ දෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට. ඇමරිකාවේ ඉන්න ද්‍රවිඩ ජනයාත් ජන්දේ දෙන්නේ ඒ පක්ෂයට. ඔබාමාත් ජනාධිපති උනේ ඒ නිසා ඒ පක්ෂෙන්.ඉතිං ඒ පක්ෂය ඒ නිසා සුළු ජනයාගේ ප්‍රශ්න ගැනත් වැඩිපුර කතාකරනවා. ලංකාවේ යුද්දේ අන්තිම හරියේ ඇමරිකාවේ බලයේ හිටියේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඔබාමා නිසා ලංකාව ගැන හෙව්වා වැඩිපුර. ඒ පක්ෂයේ හිලරි ක්ලින්ටන් එහෙමත් ලංකාව ගැන ප්‍රකාශ නිකුත් කරා මතක ඇති.

    ඉතිං මේ පක්ෂ දෙක බලද්දී ට්‍රම්ප් ගේ රිපබ්ලිකන් පක්ෂය කතා කරන්නේ දේශීය ආර්ථිකය ඉහල නැංවීම / ඇමරිකවේ ජනතාව ඇමරිකාවේ නිෂ්පාදන භාවිතා කිරීමට යොමු කිරීම වගේ දේවල්. ඒ පක්ෂයට සහය දෙන ව්‍යාපාර පවා දේශීය නිෂ්පාදන මිලට ගනිමු කියලා දැන්වීම් දානවා.

    හැබැයි ජෝ බීඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය කතා කරන්නේ සංහිදියාව ගැන .ඒ පක්ෂයට සහය දෙන ප්‍රධාන නාලිකාව තමයි CNN එක. ඉතිං CNN එක ට්‍රම්ප් ජන්දේ ඉල්ලපු මුල් වතාවේ ඉදන් ට්‍රම්ප් ට ගහපු එක තමයි කරේ. එතකොටත් CNN එකේ මත විමසුම් වලින් කිව්වේ ට්‍රම්ප් පරදිනවා දිනන්නේ හිලරි ක්ලින්ටන් කියලා. CNN එකට මුළු ලෝකෙම ඉන්න එක එක මහාචාර්ය වරු ගෙන්නලා මුළු දවසෙම එයලා කිව්වේ ට්‍රම්ප් දින්නොත් වෙන නරක ගැන .
    දවසක් CNN එක ගැන මලපැනපු ට්‍රම්ප් කිව්වා CNN කියන එකේ තේරුම ක්ලින්ටන් නිවුස් නෙට්වර්ක් කියලා. ඒත් ට්‍රම්ප් දින්නා. ට්‍රම්ප් ට සපෝර්ට් කරපු ප්‍රධාන නාලිකාව තමයි ෆොක්ස් එක. එකත් අතෑරියේ නැහැ. සිරස ටීවී වගේ කඩේ ගියා. මෝදී අගමැතිවරයා සහ ට්‍රම්ප් අතර හොද මිතුදමක් තිබුනත්,මේ සැරේ ජෝ බීඩන් ජනාධිපති උනොත් එයාගේ උප ජනාධිපති විදියට තෝරාගෙන තියෙන්නේ ඉන්දීය සම්භවයක් තියෙන කමලා හැරිස්. ඒ නිසා ඉන්දියානු-ඇමරිකානුවන් බීඩන්ට ජන්දේ දෙන්නත් ඉඩ තියෙනවා.

    CNN එක් වගේම බ්‍රිතානයේ බීබීසී එකත් කැමති ඩිමොක්‍රටික් පක්ෂය බලයට එනවට. ඒ නිසා මේ දවස් වල එයාලගේ සියළුම නිවුස් යන්නේ ඒ පක්ෂයට වාසි වෙන විදියට. හැබැයි ලංකාවේ අපිට හොද ට්‍රම්ප් බලයට එන එක. ඒ පක්ෂේ රොනල්ඩ් රේගන් ඉන්නකොට ජේ ආර් ජයවර්ධන ඇමරිකාවේ සංචාරය කරලා රේගන් හම්බුනා. ඒ පක්ෂේ ජෝර්ජ් බුෂ් ඉන්නකොට රනිල් ඇමරිකාවේ ගහින් එයාව හම්බුනා.

    ඉතිං ජන්දේ දිනන්නේ කවුද කියලා කිව්වොත්, ඇමරිකාවේ ජනාධිපතිවරණයේ හැටියට ජන්ද වැඩිපුර ගණන් කෙනා ඇතැම් විට දිනන්නේ නැහැ. මොකද ගියපාරත් වැඩිපුර ජන්ද තිබුනේ හිලරි ට . ඒත් ජනාධිපති උනේ ට්‍රම්ප් . අනික තමයි ගියපාර ට්‍රම්ප්ට එයාගෙම පක්ෂයේ හම්බුනේ නැති ජන්ද විශාල ප්‍රමානයක් තිබුනා. ඒ ටික මේ පාර වැටෙයි කියලා හිතෙනවා . ඉතිං ඒ නිසා ජන්ද ගානින් අඩු උනත්, ආසන වැඩි ප්‍රමානයක් දිනලා ට්‍රම්ප් ආයේ එයි කියලයි මම හිතන්නේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    රිපබ්ලිකන් පක්ෂෙ (ට්‍රම්ප් ඉල්ලන පක්ෂෙ) නේද වහල් වෙලඳාමට විරුද්ධව වැඩ කරේ? හැබැයි කලු මිනිස්සු ඡන්දෙ දෙන්නෙ අනිත් පැත්තට
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    රිපබ්ලිකන් පක්ෂෙ (ට්‍රම්ප් ඉල්ලන පක්ෂෙ) නේද වහල් වෙලඳාමට විරුද්ධව වැඩ කරේ? හැබැයි කලු මිනිස්සු ඡන්දෙ දෙන්නෙ අනිත් පැත්තට
    ඔව්. දැන් එහෙම තමයි
     
    • Like
    Reactions: dhanuka kumara

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    ඔබාමා කෙලවයි බලපන්කෝ ට්‍රම්ප් ට..
    කලු සුදු සීන් එක නිසා අවුලක් තියෙනවා..
    අනික ට්‍රම්ප් දුප්පතයෙක් වෙන්න යනවා කියලත් කියනවා..
    ඌ ජනාධිපතිවරනයට මාර විද්හට මේ පාර වියදම් කරනවලු..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රිපබ්ලිකන් පක්ෂෙ (ට්‍රම්ප් ඉල්ලන පක්ෂෙ) නේද වහල් වෙලඳාමට විරුද්ධව වැඩ කරේ? හැබැයි කලු මිනිස්සු ඡන්දෙ දෙන්නෙ අනිත් පැත්තට
    මම හිතන්නෙ ටික කාලෙකට කලින් ඇමරිකාවේ කලු ජාතිකයෙක් මරල වෙච්ච සිද්දිය වගේ දේවල් මේ සීන් එකට බලපායි කියල තමයි කියන්නේ කලු වෝට් එක අනිත් පැත්තට යන්න
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මචන් ට්‍රම්ප්ගේ පිස්සු ප්‍රකාශ, උන්මත්තක හැසිරීම් ඕව ඇමරිකන් එවුන්ට අල්ලනවද බන් උට චන්දෙ දෙන්න...:unsure:

    ම්ටනම් ඌව පේන්න බෑ ඔය හැසිරීම් නිසා.. බලපන්කෝ කොරෝන සීන් එක උනත් ඒක මාස්ක් දාන්නෙ නෑ, පන්ඩිත කතා කියනවා එකක් නෙවෙයිනේ..:sick: මට පෞද්ගලිකව හිතෙනදෙයක් මේ වෙලාවෙ ඔබාම හිටියනම් උන්ගෙ ඔච්චර මැරෙන්නෙ නෑ. පොර ඔයිට කලින් රටවහලා/ වැඩි ඇටෙන්ශන් එකක්දීල ඔයිට වඩා ටිකක් හරි හොදට සීන් එක සෙට්ල් කරනවා..
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336

    Ehema wena ekak nam na
    u kare obama karana eke anith pattha u kelinma ban kara covid effect wela tiyana rata wala flights
    obama eka karanne na moko biden karaya ekata mulin sahena kagahuwa, itapasse u kiytanawa ban karanna one lu :lol:
    anika ape wage USA unwa gewal athule tiyaganna lesi na, anika ape wage ekapatarata masa ganak rata wahannath baha
    States wala approval eka one

    • Like
    Reactions: dhanuka kumara

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මචන් ට්‍රම්ප්ගේ පිස්සු ප්‍රකාශ, උන්මත්තක හැසිරීම් ඕව ඇමරිකන් එවුන්ට අල්ලනවද බන් උට චන්දෙ දෙන්න...:unsure:

    ම්ටනම් ඌව පේන්න බෑ ඔය හැසිරීම් නිසා.. බලපන්කෝ කොරෝන සීන් එක උනත් ඒක මාස්ක් දාන්නෙ නෑ, පන්ඩිත කතා කියනවා එකක් නෙවෙයිනේ..:sick: මට පෞද්ගලිකව හිතෙනදෙයක් මේ වෙලාවෙ ඔබාම හිටියනම් උන්ගෙ ඔච්චර මැරෙන්නෙ නෑ. පොර ඔයිට කලින් රටවහලා/ වැඩි ඇටෙන්ශන් එකක්දීල ඔයිට වඩා ටිකක් හරි හොදට සීන් එක සෙට්ල් කරනවා..
    සාමානයෙන් ලංකාව වගේ රටවල රජයන් වැඩ කරනවා වගේ ඇමරිකාවේ වැඩ කරන්න බැහැ. ඒ රටේ මිනිස්සුන්ට එහෙම නීති දාන්න බැහැ. සාමානයෙන් ඇමරිකාවේ හිතන්නේ තමුන්ට කොරෝනා හැදුනත් ඒක හදාගන්න එක හෝ හදානොගන්න එක තමුන්ගේ අයිතියක් කියලා. රට වහන්නත් බැහැ, මිනිස්සුන්ට තමයි තීරණය කරන්න ඕනි මොකක්ද කරන්නේ කියලා. උදාහරණයක් විදියට ලංකාවේ මිනිස්සු කැමතියි තමුන්ගේ ජිවිතේ තීරණ තමුන් ගන්නේ නැතුව ආණ්ඩුව හෝ රජය ඒක තීරණය කරනවට. ඇමරිකාවේ එහෙම කරන්න බැහැ කවදාවත්.

    උදාහරණයක් විදියට ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තුව කියලා එකක් නැහැ. එක් එක් නගර, ආයතන වලට තමයි පොලිසි තියෙන්නේ. ඒ නගරයේ මිනිස්සු තමයි තීරණය කරන්නේ තමුන්ට පොලිසියක් ඕනිද, කොච්චර ප්‍රමානයක් එකේ ඉන්න ඕනිද, එකේ නීති මොනාද කියලා. (එක් එක් පළාත් වලට බලපාන නීති ගැන මේ කියන්නේ.) අර කලින් සුදු ජාතික පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරුණේ. ඒ වෙලේ ඒ නගරයේ පාලකයන් තීරණය කරා පොලිසියක් ඕනි නැහැ කියලා. ඊට පස්සේ ඒක විසිරෙව්වා.

    ලංකාවේ එහෙම නෙමෙයි නේ. ඇමරිකාවේ සුපිරි නිදහසක් තියෙනවා කියන්නේ ඒ නිසා. තමුන්ගේ ජිවිතේ තීරණ තමුන්ටම තමයි ගන්න තියෙන්නේ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    lol Trump is a thug & a bully. He knows no other way of solving problems than by starting conflicts.
    Not the kind of person who you want to see as the president of on of the most powerful countries for the sake of humanity

    Anika Democrats la thamai dan godak conservative. Republicans la liberal wadi enna enna

    ලංකාවේ එහෙම නෙමෙයි නේ. ඇමරිකාවේ සුපිරි නිදහසක් තියෙනවා කියන්නේ ඒ නිසා. තමුන්ගේ ජිවිතේ තීරණ තමුන්ටම තමයි ගන්න තියෙන්නේ.

    Ane palayan ban yanna. Unge athi nidahasak ne. Hema masema mass public shootouts. Gun crimes sahenna. Unge thiyena gun laws & policies ekka athi nidahasak ne.
    E madiwata unge rata athule ambanata prashna thiyagena wena ratawala prashna walata oluwa danawa.

    Lankawe godak un hithan inne USA tharan ratak ne kiyala. It's a country that gives no value to a human life
     
    • Like
    Reactions: asrock101

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    trump කියන්නේ අමනුස්සයෙක් වගේ ඩයල් එකක් .කට ඇරියොත් බොරු කියන්නේ .පුදුම බොරු කීමක් ඒක.පොරට සල්ලි විතරයි වැදගත් .තාත්තගේ සල්ලි වලින් බිස්නස් කරලා පොර වගේ දගලනවා .පොර දන්නවා මේ පාර පරාදයි කියල .ඒ පාර චන්ද ගණන් කරන එක නවත්තන්න මාර ගේමක් දෙනවා .මාරු ඩයල් එක .usa වල civil යුද්දයක් ඇති වෙන්න ඉඩ තියේ කියල කියන්නේ.walmart එකේ විකුනන්න දාල තිබ්බ තුවක්කුත් අයින් කළා .
     
    • Like
    Reactions: asrock101

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    trump කියන්නේ අමනුස්සයෙක් වගේ ඩයල් එකක් .කට ඇරියොත් බොරු කියන්නේ .පුදුම බොරු කීමක් ඒක.පොරට සල්ලි විතරයි වැදගත් .තාත්තගේ සල්ලි වලින් බිස්නස් කරලා පොර වගේ දගලනවා .පොර දන්නවා මේ පාර පරාදයි කියල .ඒ පාර චන්ද ගණන් කරන එක නවත්තන්න මාර ගේමක් දෙනවා .මාරු ඩයල් එක .usa වල civil යුද්දයක් ඇති වෙන්න ඉඩ තියේ කියල කියන්නේ.walmart එකේ විකුනන්න දාල තිබ්බ තුවක්කුත් අයින් කළා .
    මැතිවරණ නීති තව තද කරන්න ඕනි කියලා රීපබ්ලිකන් අය කියනවා. ඒකට තව හේතුවකුත් තියෙනවා. ඒ තමයි ඩිමොක්‍රටික් පක්ෂයට ජන්දේ දෙන නාගරිකව ජීවත් වෙන සංක්‍රමික ජනයා සැලකිය යුතු පමාණයක් ලග තමුන්ගේ අනන්‍යතාවය එහෙම හරියට තහවුරු කරන්න පුළුවන් ඩොක්යුම්න්ට්ස් නොමැති වීම.
    තුවක්කු ප්‍රදර්ශනය කරන එක නතර නතර කරා අලෙවිසැල් විශාල ප්‍රමාණයක. ඒත් සියල්ලගේම නෙමෙයි. ප්‍රදර්ශනය නොකරන තැන් වලත් අවශ්‍ය කෙනෙක්ට ඇනවුම් කරලා ගන්න පුළුවන්.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    covid failure eka kohomada okata balapanne. hamoma trump ta baninnadda covid kela una kiyala
    මේ වන විටත් ඇමරිකාවේ රෝහල් ඇඳන් ධාරිතාවෙන් රෝගීන් සිටින්නේ 62%ක පමණයි. එයින් කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය 8%ක් පමණයි. ඇඳන් වලින් 38%ක් පමණ මේ මොහොතේදීත් හිස්. එමෙන්ම ICU ඇඳන් වලින් 40%ක් පමණ හිස්. ඇමරිකාවේ රෝහල් ඇඳක් කියා කියන්නේ නිකම්ම ඇඳක් නෙමෙයි. බොහෝ පහසුකම් ඇඳටම සම්බන්ධයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සාමානයෙන් ලංකාව වගේ රටවල රජයන් වැඩ කරනවා වගේ ඇමරිකාවේ වැඩ කරන්න බැහැ. ඒ රටේ මිනිස්සුන්ට එහෙම නීති දාන්න බැහැ. සාමානයෙන් ඇමරිකාවේ හිතන්නේ තමුන්ට කොරෝනා හැදුනත් ඒක හදාගන්න එක හෝ හදානොගන්න එක තමුන්ගේ අයිතියක් කියලා. රට වහන්නත් බැහැ, මිනිස්සුන්ට තමයි තීරණය කරන්න ඕනි මොකක්ද කරන්නේ කියලා. උදාහරණයක් විදියට ලංකාවේ මිනිස්සු කැමතියි තමුන්ගේ ජිවිතේ තීරණ තමුන් ගන්නේ නැතුව ආණ්ඩුව හෝ රජය ඒක තීරණය කරනවට. ඇමරිකාවේ එහෙම කරන්න බැහැ කවදාවත්.

    උදාහරණයක් විදියට ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තුව කියලා එකක් නැහැ. එක් එක් නගර, ආයතන වලට තමයි පොලිසි තියෙන්නේ. ඒ නගරයේ මිනිස්සු තමයි තීරණය කරන්නේ තමුන්ට පොලිසියක් ඕනිද, කොච්චර ප්‍රමානයක් එකේ ඉන්න ඕනිද, එකේ නීති මොනාද කියලා. (එක් එක් පළාත් වලට බලපාන නීති ගැන මේ කියන්නේ.) අර කලින් සුදු ජාතික පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරුණේ. ඒ වෙලේ ඒ නගරයේ පාලකයන් තීරණය කරා පොලිසියක් ඕනි නැහැ කියලා. ඊට පස්සේ ඒක විසිරෙව්වා.

    ලංකාවේ එහෙම නෙමෙයි නේ. ඇමරිකාවේ සුපිරි නිදහසක් තියෙනවා කියන්නේ ඒ නිසා. තමුන්ගේ ජිවිතේ තීරණ තමුන්ටම තමයි ගන්න තියෙන්නේ.
    wow:oops: පට්ටනෙ බන්....

    covid failure eka kohomada okata balapanne. hamoma trump ta baninnadda covid kela una kiyala
    මේ වන විටත් ඇමරිකාවේ රෝහල් ඇඳන් ධාරිතාවෙන් රෝගීන් සිටින්නේ 62%ක පමණයි. එයින් කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය 8%ක් පමණයි. ඇඳන් වලින් 38%ක් පමණ මේ මොහොතේදීත් හිස්. එමෙන්ම ICU ඇඳන් වලින් 40%ක් පමණ හිස්. ඇමරිකාවේ රෝහල් ඇඳක් කියා කියන්නේ නිකම්ම ඇඳක් නෙමෙයි. බොහෝ පහසුකම් ඇඳටම සම්බන්ධයි.
    ඉතිම් බන් tv එකේ එහෙම ගියේ රෝහල් පිරිල ඉඩ නැහැ කියලා..🤔