ඇමරිකන්_නේවි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

පෝදා පන්සල් ගිය ඇමරිකානු නාවික භටයෝ





මේ යුටියුබ් වීඩියෝව අවසනවනතෙක් නරබන්න. අවසානයේ ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව මාගේ අදහස් කිහිපයකුත් එක් කොට ඇත.

පැසිෆික් සහයෝගිතා දූත මෙහෙවර සදහා මෙරටට පැමිණ සිටින පැසිෆික් නාවික බලඇණියට අයත් එක්සත් ජනපද නාවික හමුදා සෙබළ සෙබළියන් පිරිසක් අද (මාර්තු 12) පසළොස්වක පෝය දිනයේ, අම්බලන්තොට වාඳුරුප්ප සුනන්දාරාමයට ගොස් පූජාමය හා දානමය පින්කමකට සහභාගී වූහ.
පෝදින පින්කම් මාලා වැඩසටහනට සහභාගි වූ ඇමෙරිකානු නාවික හමුදා සාමාජිකයෝ එදින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දානය පිරිනැමීමෙන් අනතුරුව සුනන්දාරාමයේ විහාරාධිපති මාලිගාතැන්නේ ධම්මකීර්ති හිමියන්ගෙන් ආශීර්වාද ලබා ගත්හ.
එක්සත් ජනපද - පැසිෆික් නාවික බල ඇණිය රැගත් නෞකාව පසුගිය හත්වැනිදා (මාර්තු 07) හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට පැමිණියේය.


_95121319_7.jpg


පැසිෆික් සහයෝගිතා දූත මෙහෙවරක් සඳහා මෙම නෞකාව ආසියානු කලාපයේ රටකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා හම්බන්තොට කලාපයේ ප්‍රාදේශීය සංවිධාන සමග එක්ව කටයුතු කරන ඇමෙරිකානු නාවික හමුදාව ප්‍රජා සෞඛ්‍ය සායන, පාසල් හා රෝහල් පිළිසකර කිරීම්, වෛද්‍ය සහ ව්‍යසන වලදී ක්‍රියාත්මකවන්නන් හා අදහස් හුවමාරු කරගැනීම, සාමය හා ආරක්ෂාව පිළිබඳ කරුණුවල දී කාන්තා භූමිකාව ප්‍රවර්ධනය කිරීමේ සම්මන්ත්‍රණ ආදී වැඩ සටහන් රාශියක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය තුළ සිදුකරමින් සිටිති.

_95123003_18.jpg


එක්සත් ජනපද නාවික සිවිල් ඉංජිනේරුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අම්බලන්තොට ප්‍රාදේශීය රෝහල, වෛශාක්‍ය මහිලා පෙර පාසල, ශ්‍රී ගුණානන්ද පෙර පාසල හා මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන ගණනාවක් ඇතුළු ස්ථාන රැසක ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරති.

මේ යුටියුබ් වීඩියෝව අවසනවනතෙක් නරබන්න. අවසානයේ ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව මාගේ අදහස් කිහිපයකුත් එක් කොට ඇත.

 
  • Like
Reactions: lkqwd123

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිල් සමාදන් වෙලා තමා බෝම්බ දාන්නෙ කොහොමද සුද්දන්ගෙ දියුණුව :lol: :lol:
 

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    සිල් සමාදන් වෙලා තමා බෝම්බ දාන්නෙ කොහොමද සුද්දන්ගෙ දියුණුව :lol: :lol:
    ewa ithin unge decision nemene ban. job 1ta gihin karanda kiwama ba kiyala apahu endaya ban.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ewa ithin unge decision nemene ban. job 1ta gihin karanda kiwama ba kiyala apahu endaya ban.

    අම්බේ ඔව් උන් හෙන අහිංසකයො ලොක්කන්ගෙ අණ හින්දම විතරයි බෝම්බ දාන්නෙ නැත්තං හා පැටව් වගේ :rolleyes: :rolleyes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අම්බේ ඔව් උන් හෙන අහිංසකයො ලොක්කන්ගෙ අණ හින්දම විතරයි බෝම්බ දාන්නෙ නැත්තං හා පැටව් වගේ :rolleyes: :rolleyes:

    :rofl: අපේ මිනිස්සු රවට්ටන්න ලේසියි බං
     

    Similar threads