ඇමරිකානු ඉංග්‍රීසි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    TFS machan!! digatama karanna!!

    patta machan digatama karapan ;) rep + +


    Great work :) :)

    ගොඩක් වටිනවා, ලින්ක් එක වැඩ නෑ +7



    thank you thank you machanla , ubalata rep apahu denna paya 24 innalu ,


    ela machan , mama meka thread ekata daannam .:).. sorry rep denna barilu ...:(
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇමරිකානු ඉංග්‍රීස අපේ සිංහලෙන් - 4



    (to) butt in - "butt"


    කියල දැක්ක ගමන් වැරදි අර්ථයක් ගන්නවා එහෙම නෙවෙයි. (to) butt in කියල කියන්නේ බොහෝවිට දෙදෙනෙක් හෝ කිහිප දෙනෙකු කතා කරමින් සිටින අතරේ එයට අදාල නොවන පිටස්තරයකු කට දැමීමයි(to interrupt; to interfere). සමහරවිට එම පිරිස අතරේම කෙනෙක් කරගෙන යන කතා බහට අදාල නොවන සේ කට දැමීමටත් මෙය යොදගන්න පුළුවන්. කොහොමවුනත් මේ පුරුද්ද ග්‍රාම්‍ය, නරක එකක් වගේම මෙසේ යමෙකුට පවසන්නට සිදුවීමත් ටිකක් හොද මදි දෙයක්. නමුත් කරන්න දෙයක් නැහැ සමහර වෙලාවට මෙය යොදා ගන්නට සිදුවෙනවා.

    Nancy is always butting in to other people's business.
    Sara is really rude. She always butts in to other people's conversations.
    Pardon me for butting in on your conversation, but this is important. (මෙහිදී තමන් කරන්නේ වැරැද්දක් වුවත් ප්‍රමුඛතාවය දියයුතු යමක් තිබෙන නිසා කරන්න දෙයක් නොමැති කමින් දෙබස මැදට පැනීමට සිදුවූ බව අවධාරණය කරයි).

    John butted in on Tom and Jane to tell them that the mail had come.


    (to) drive one crazy -

    මේ පිස්සුවෙන් රිය පැදවීමක් ගැන නොවෙයි කියන්නේ. කෙනෙක් කරන යමකින් තවකෙකු කෝපයට හෝ අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් තමයි මෙසේ යොදා ගෙන තිබෙන්නේ (to force someone into a state of insanity or mental instability or to annoy or irritate someone).

    Don't ask Mrs. Smith how old she is. It drives her crazy.
    Please stop chewing gum so loudly. It's driving me crazy!
    The sound of the wind howling drove me crazy.
    This itch is driving me crazy. (මේ කසන එක මට මහ වදයක්!)

    ඒ වගේම drive someone insane සහ drive someone mad කියන යෙදුම්ද මේ සදහා භාවිතා කරන්නට පුළුවන්.

    The dog's constant barking drove me insane.
    All these telephone calls are driving me mad.


    (to) go into -

    මෙය අර්ථ කිහිපයක් සදහාම භාවිතා කරනවා. එකක් තමයි යම් වෘත්තියක් සදහා පිවිසීම දැක්වීමට භාවිතා කිරීම (to enter a profession).

    Lisa enjoys arguing with people, so she decided to go into law.
    Do you like solving people's problems? If so, you should consider going into psychology.
    යම් ගොඩනැගිල්ලක් තුලට යාම පැවසීමටත් යොදා ගන්නවා. (Enter)
    Go into the house and get a pen.
    වෙනත් මනෝභාවයකට පත්වීම දැක්වීමටත් (Enter another emotional state).-
    Sally went into hysterics.
    කිසියම් මාතෘකාවක් පිළිබදව කතා කරන්නට යෑමටත් භාවිතා කරනවා (Discuss details).
    I don't have time now to go into the whole story.
    (මේවාටද අමතරව තවත් අවස්ථා රැසකටම go into යොදා ගන්නා බව සැලකිය යුතුයි).

    green with envy -

    කොටින්ම කියනවා මෙයින් අදහස් වන‍්නේ ඉරිසියාව දැක්වීමටයි. සමහර විට එය සත්‍ය වශයෙන්ම ඉරිසියාව ප්‍රකාශ කරන (appearing jealous; appearing envious) අතර දෙවන උදාහරණය අනුව නම් සිය මිතුරාගේ ලොතරැයි ජයග්‍රහණය පිළිබදව අනෙක් මිතුරා යම් ආකාරයකින් සතුට ප්‍රකාශ කරන ආකාරයත් විය හැකියි (wishing very much that you had what someone else has). පස්වන උදාහරණයත් එවැන්නක්.

    When Daniel got promoted to vice president of the bank, his colleagues were green with envy.
    You won the lottery? I'm green with envy!
    My new car made my neighbor green with envy.
    Bill was green with envy that I won first place.
    Sharon's going off to the south of France for three weeks and we're all green with envy.


    head and shoulders above -


    අනෙක් අය අභිබවා දක්‍ෂතා‍වයෙන් යුතුවීම හෝ ඉහළින් සිටීම පිළිබදව දැක්වීමට මෙය යොදා ගන්නවා (clearly superior to someone or something).
    The Boston Symphony Orchestra is head and shoulders above any other orchestra in the area.
    I can't believe you only won second prize in the competition. You were head and shoulders above the first-prize winner!
    This wine is head and shoulders above that one.
    John stands head and shoulders above Bob.
    Chicago's basketball team may be the oldest, but it is still head and shoulders above the rest of the league.


    (to) hit the nail on the head -

    යමක් පිළිබදව නිශ්චිතවම නිවැරදි ලෙස පැවසීම පිළිබදව මෙය යොද ගන්නවා.
    (අපේ ඇතැම් අයත් කියන්නේ යමක් හරියටම කළාම ටක්කෙටම වදින්න කරාය කියලා. අන්න ඒ වගේ දෙයක් විය යුතුයි මෙයිනුත් කියන්නේ. සමහර විට ලංකාවේත් ඇතැම් ප්‍රදේශ වල මෙම අර්ථයම ඇති වෙනස් ආකාරයේ යෙදුම් භාවිතා කරනවා වෙන්න පුළුවන්).‍
    Dawn hit the nail on the head when she said that Tiffany is jealous of Amber.
    Steve hit the nail on the head with his idea of moving his company's manufacturing facility to China.
    Mike hit the nail on the head when he said most people can use a computer without knowing how it works.


    (to be) on thin ice (with someone) -


    අවදානම් තත්ත්වයක පසුවීම හෝ කෙනෙකු සමග තාවකාලිකව හිත අමනාපයෙන් සිටීම හැඟවීමටත් යොදා ගන්නා බව කියන්න පුළුවන්.
    Joey was on thin ice with his mom after he spent his lunch money on candy bars.
    Bill was on thin ice with his girlfriend after she saw him at the movie theater with another girl.
    Billy is on thin ice and is in great danger.
    If you try that you'll really be on thin ice.
    That's too risky. If you don't want to find yourself on thin ice, you must be sure of your facts.
    My brother was already on thin ice with the coach when he injured his knee.
    ඒ වගේම අවධානම් දෙයක් කිරීම හෝ පත්වීම සම්බන්ධයෙන් "to skate on thin ice" කියන යෙදුමත් භාවිතා කරනවා.
    Joey knew he was skating on thin ice when he bought candy with his lunch money.
    They knew that by publishing the article they were skating on thin ice.


    (to) pay (someone) a compliment -

    කෙනෙකු වර්ණනා කිරීම හෝ ප්‍රශංසාවට ලක්කිරීම මෙයින් කරනවා.
    Professor Russo paid Jennifer a compliment. He said she had a beautiful smile.
    Isn't it wonderful to pay someone a compliment? It makes them feel good, and it doesn't cost you anything!
    I was pleased with Alice's work and complimented her on it.
    They complimented me on my new tie.
    Tom paid Bill a compliment when he told him he was intelligent.
    Mary was very gracious when Anne paid her a compliment.


    (to) shake in one's shoes -


    අපි කියන්නේ බියෙන් කකුල් වෙව්ලුවා කියලා අන්න එහෙම වගේ අර්ථයක් තමයි මෙයිනුත් දෙන්නේ. කෙටියෙන් කියනවා නම් දැඩිසේ බියට පත්වීම.
    Brianna is scared of her French teacher, Monsieur Le Monstre. Whenever he speaks to her, Brianna starts shaking in her shoes.
    During the storm, Billy was hiding under his kitchen table and was really shaking in his shoes.
    I was shaking in my boots because I had to go see the manager for being late.


    shut up -

    කෙනෙකු කතා කරන විට හෝ කතා කරගෙන යන විට එයට තමන් කැමති නැත්නම් කට වහගන්න කියන එක තමයි මෙයින් කියා තිබෙන්නේ කොහොමවුනත් මෙලෙස භාවිතා කිරීම නම් එතරම් ශිෂ්ඨ නැති නිසා කරුණාකර කතාව නවත්වනවාද? වගේ අර්ථයක් තිබෙන "Please be quiet!" කියන එක භාවිතා කිරීම වඩාත් සුදුසු බව ඉංග්‍රීසිය පිළිබදව හොද දැනමුතු ඇත්තන්ගේ මතයයි.

    The professor talked for hours. I thought he'd never shut up.
    (මෙහිදී අදාල අයට ඍජුව ප්‍රකාශ නොකොට සිතින් පමණක් ඔහු තවදුරටත් කතාව කරගෙන යනු ඇතැයි අදහස් කරයි).
    Nicole kept telling Ted to turn down his stereo. Finally, he got angry and said, "Shut up!"


    Way to go! -

    "ඔහොම යං... ඔහොම යං", ඔව් අපි වැඩක් සාර්ථකව කරගෙන යනකොට යාළුවෝ එහෙම කියන්නේ. ඒවගේ තමයි දෙයක් හොදින් කරගෙන යන කොට එය පැසසීමට නැත්නම් ධෛර්යමත් කිරීමට මෙලෙස භාවිතා කරනවා (a phrase encouraging someone to continue the good work).

    You won $2,000 in the poetry writing contest? Way to go!
    That was an interesting article you wrote. Way to go!
    As John ran over the finish line, everyone cried, "That's the way to go!"
    "Way to go!" said Mary when Bob finally got the car started.

    අදට එච්චරයි....
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    good post machan
    You must spread some Reputation around before giving it to marachoon again.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇමරිකානු ඉංග්‍රීසි - පාඩම් අංක 5
    කෙලින්ම පාඩමට............


    (to be) crazy about -

    ‍මොකක් හරි දේකට ගොඩාක්ම කැමතිවුනාම පිස්සුවෙන් වගේ ආසයි කියන්නේ.
    Amy is so crazy about golf, she'd like to play every day.
    I'm sure Katie will agree to go out on a date with Sam. She's crazy about him!

    cup of tea -

    යමෙකු හෝ යමක් තමන්ගේ රුචිකත්වයට ගැලපීම සම්බන්ධයෙන් පැවසීමට තමයි මෙලෙස හදුන්වන්නේ. එහෙත් බොහෝවිට මෙය භාවිතා වන්නේ විරුද්ධාර්ථයෙන් එම දේ ගැන පැවසීමටයි (the type of person or thing that one generally likes - NOTE: This expression is almost always used in the negative. She's not my cup of tea).
    Hockey isn't Alan's cup of tea. He prefers soccer.
    I know Joy is nice, but she's simply not my cup of tea.


    (to be) down in the dumps -

    දුකෙන්, පශ්චත්තාපයෙන් පසුවීම ඇඟවීමට යොදාගන්න පුළුවන් (to feel sad; to be depressed)
    It's not surprising that Lisa is down in the dumps. Paws, the cat she had for 20 years, just died.
    It's easy to feel down in the dumps when it's raining outside.


    (to) drop by -

    සුළු කාලයක් සදහා යම් ස්ථානය නතරවීමට යොදා ගන්නා අතර බොහෝවිටකලින් දැනුම් දීමකින් තොරව එසේ කරනාවිට යොදා ගන්නකි (to pay a short, often unannounced visit).
    If we have time before the movie, let's drop by Bill's house.
    "Hi, I was in the neighborhood so I thought I'd drop by!"


    (to) hang around -


    දීර්ඝ වේලාවක් කල් ගත කරන්නට සිදුවීමට යොදා ගන්නට හැකිය (to spend time idly; to linger)
    We had to hang around the airport for an extra six hours because our flight was delayed.
    Nina's boyfriend Boris is coming over soon. She hopes her parents aren't planning on hanging around the house.


    (to) hang out -

    මොනවත්ම විශේෂ ‍දෙයක් නොකර කාලය කා දැමීම දැක්වීමට යොදා ගන්න පුළුවන් (to spend time (often doing nothing)
    Ted spent all of last summer hanging out by his friend's pool.
    Kathy and her friends like to hang out at the mall


    (to) have a blast [slang] -

    මේක සාමන්‍යයෙන් වැදගත් ලෙස කරන කථා බහට යොදා නොගැනෙන බව පැවසෙන අතර යමෙකු දැඩි ලෙස විනෝදවීම දැක්වීම පිණිස යොදා ගන්නවා (to enjoy oneself very much)
    Last summer, Nicole had a blast backpacking through Europe with some friends.
    Heather spent her spring break in Fort Lauderdale with millions of other college students. She had a blast!


    (to) have a good time -


    යමෙකු හෝ පිරිසක් ලැබුවාවූ විනෝදයක් පිළිදව තමයි මෙයිනුත් කියවෙන්නේ (to enjoy oneself)
    Marcy and Jose had a good time salsa dancing at Babalu, a nightclub in Manhattan.
    Nora and Jake had a good time on their honeymoon in Maui.


    take it easy -

    ඔළුවට වද ‍ගොඩකින් හිරිහැර සිදුවෙද්දී එයින් සැහැල්ලුවීමට කියන්නේ මෙසේය.
    (relax; don't worry)
    You lost your keys? Take it easy, I'm sure you'll find them.
    Stop yelling and take it easy. I'm sure there's a good explanation for why Joe borrowed your car without asking first.


    (to) take something the wrong way -

    ඔන්න මෙහෙම කියුවයි කියල වැරිදි විදියට හිතන්න එපා/තරහ වෙන්න එපා කියන දේට යොදා ගන්න පුළුවන් මෙයට Don't කියන කොටසත් එකතු කරගත්තහම. නැත්නම් වැරදියට හිතුවා/ වැරදියට තේරුම් ගත්තා කියන එකට අර්ථය දෙයි.
    Don't take this the wrong way, but I liked your hair better before you got it cut.
    Jessica is offended. I guess she took it the wrong way when I told her she should exercise more.


    there's no accounting for taste -

    මට නම් තේරෙන්නේ නැහැ එයාගේ රුචිඅරුචිකම් මොනවද කියලා වගේ දෙයක් කියන්න යොදා ගන්න හැකියි (it's impossible to explain individual likes and dislikes)
    Ted likes to put sugar on his spaghetti. I guess there's no accounting for taste.
    Tiffany has a tattoo of a squirrel on her leg. There's no accounting for taste.


    under one's breath -

    කෙනෙක් සමහර වෙලාවට මුමුනන්නේ තමන්ගේ නුරුස්නාබව හෝ වෙනකෙනෙකුට නොදැනිය යුතු දෙයක් කියන්න (quietly; in a whisper)
    "Amber is strange," muttered Nicole under her breath, as Ted was leaving the room.
    Mike agreed to take out the garbage, saying under his breath, "I always do the dirty work around here."


    (to be) up in the air -


    තාම නිශ්චිතවම තීරණය කර නොමැති දේට (not yet determined; uncertain)
    It might rain later, so our plans for the picnic are up in the air.
    Our trip to Russia is up in the air. We aren't sure we'll get our visas in time. 35
    ඊලඟට හයවැනි පාඩම...........