ඇමරිකානු පුරවැසිභාවය එක දිනකින් ඉවතට

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඇමරිකානු පුරවැසිභාවය එක දිනකින් ඉවතට

    ඇමරිකානු පුරවැසිභාවය එක දිනකින් ඉවතට.. ගෝටා ජනාධිපතිවරණයට සූදානම්

    අරවින්ද අතුකෝරල

    පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.
    19 වන සංශෝධනයෙන් පස්සේ ද්විත්ව පුරවැසියෙකුට ජනපතිවරණයට තරග කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වුණු බවට බරපතල බොරු ප්‍රචාරයක් සමාජ ජාලා වල පැතිරෙනවා. ඒ වගේම පුරවැසිභාවයෙන් ඉවත් වීම ඇමෙරිකාව විසින් අනුමත කරන්නේ ජනපතිවරණයෙන් පසුව බවට කටකතා පැතිරෙනවා. එතකොට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙනවා වගේ ගෝඨාභය මැතිතුමාට ජනපතිකමයි ඇමෙරිකානු පුරවැසිකමයි දෙකම නැති වෙනවා කියලායි පුවත්පත් වලට ලිපි ලියන ඩොලර් පවුම් විද්වතුන් කියන්නේ. මේ තත්වය නිසා ඇමෙරිකානු පුරවැසිකම පිළිබඳව නීතිමය තත්වය රටට පැහැදිලි කරන්න කියලා ගෝඨාභය මැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා.
    forum

    මුලින්ම කියන්න ඕනෑ ඇමෙරිකානු පුරවැසිකම අත් හැරීම ඇමෙරිකාවට නුහුරු දෙයක් නොවේ. විවිධ හේතු මත සෑම වසරකම 5,000ක් වැනි විශාල පිරිසක් ඇමෙරිකානු පුරවැසිකම අත් හරිනවා.
    ඇමෙරිකානු පුරවැසිකමට අදාළ නීතිය තමයි Immigration and Nationality Act of 1952 නොහොත් 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනත. මේ පනතේ 349(ඒ)(5) වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්න පුළුවන්. දෙපැත්තම කැමැති වෙන්න ඕනෑ නෑ. පුරවැසියා කැමති නම් අත් හරින්න පුළුවන්. පුරවැසිකම අත්හැරීම ප්‍රතික්ෂේප කළ යුතු හෝ කළ හැකි අවස්ථා නීතියේ සඳහන් වෙන්නේ නෑ. නමුත් නඩු තීන්දු වලින් තීරණය වී තිබෙනවා.
    ඇමෙරිකාවේ සිටිමින් පුරවැසිකම අත් හැරීමට අයදුම් කළොත් ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම අයදුම් කරන පුද්ගලයා සතු එකම පුරවැසිකම ඇමෙරිකානු පුරවැසිකම නම් ඔහුගේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
    පළමු පියවර තමයි වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීම. රටක් නැති පුද්ගලයෙකුට බරපතල නීතිමය ගැටළු වලට මුහුණ දෙන්න වන නිසා බොහෝ විට ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමේ සම්මුඛ සාකච්ඡාවට යන විට පුරවැසිකම තිබෙන අනිත් රටේ ගමන් බලපත්‍රය රැගෙන යෑම අතිශයින්ම වැදගත්. ගෝඨාභය මහතා දැනටමත් ලංකාවේ පුරවැසියෙකු නිසා පළමු පියවර සම්පූර්ණයි.
    දෙවන පියවර වන්නේ ඩීඑස් 4079 සිට ඩීඑස් 4083 දක්වා වන පත්‍ර පිරවීමයි. ඩීඑස් 4079 යනු පුරවැසිකම අත්හැරීමට අදාළ ප්‍රශ්න මාලාවක්. ඩීඑස් 4080 කියන්නේ පුරවැසිකම අත්හැරීමේ දිවුරුම් ප්‍රකාශයයි. ඩීඑස් 4081 යනු පුරවැසිකම අත්හැරීමේ ප්‍රතිවිපාක තමන් දන්නා බවට කරන ප්‍රකාශයයි. ඩීඑස් 4082 යනු පුරවැසිකම අත්හැරීම පිළිබඳ සාක්ෂිකරුවන් පුරවන පත්‍රිකාවයි. ඩීඑස් 4083 යනුවෙන් හඳුන්වන්නේ පුරවැසිකම අත්හැරීමේ සහතිකයයි.
    මේ පත්‍රිකා අධ්‍යනය කරලා අවශ්‍ය තොරතුරු සූදානම් කර ගත් පසු තෙවන පියවර වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අවශ්‍යතාවය දන්වලා වෙලාවක් වෙන් කර ගැනීමයි. හතර වන පියවර වෙන්නේ අදාළ පත්‍රිකා පුරවලා සාක්ෂිකරුවන් දෙදෙනෙකු සමග තමන්ගේ දෙවන පුරවැසිකම තහවුරු කරන ලේඛණ ද සමග අදාළ වේලාවට ඇමෙරිකානු තානාපති කාර්යාලයට යෑමයි.
    තානාපති කාර්යාලයේ දී පුරවැසිකම අත්හැරීමේ ලේඛණයට තානාපති කාර්යාලයේ නිලධාරියා සහ සාක්ෂිකරුවන් ඉදිරිපිට අත්සන් තැබුවාම ඒ මොහොතේ සිට පුරවැසිකම අවසන් වෙනවා. ඒ බව සහතික කරලා ඩීඑස් 4083 කියන මෙන්න මේ ලේඛණය ලබා දෙනවා. ඒකට තමයි පුරවැසිකම අත්හැරීමේ සහතිකය කියන්නේ. රියදුරු බලපත්‍රය ලැබෙන තුරු දෙන තාවකාලික රියදුරු බලපත්‍රය වගේ, රක්ෂණ සහතිකය ලැබෙන තුරු දෙන තාවකාලික රක්ෂණ ආවරණය වගේ මේ සහතිකය තාවකාලිකයි. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිකම අත්හැරීමේ ස්ථිර සහතිකයක් නිකුත් කරන තෙක් මෙම ලේඛණය වලංගුයි.
    අවසාන පියවර වන්නේ අවසාන බදු වාර්තාව ගොනු කළ දිනයේ සිට පුරවැසිකම අත් හරින දිනය තෙක් වූ කාලයට අදාළ බදු වාර්තාව ගොනු කිරීමයි. ඊට පස්සේ මාස දෙකක් සහ හයක් ඇතුලත පුරවැසිකම අත් හැරීමේ ස්ථිර සහතිකය නිකුත් කරනවා.
    මේ ක්‍රියාවලිය දෙස බැලුවාම කාරණා දෙකක් පැහැදිලියි. පළමු කාරණය තමයි වෙනත් රටක පුරවැසියෙකු වන ඇමෙරිකානුවෙකු විසින් ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම නැවැත්වීමට ඇමෙරිකානු ආණ්ඩුවට හැකියාවක් නැති බවයි. දෙවන කාරණය වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ඉදිරියේ පුරවැසිකම අත් හැරීමේ ප්‍රකාශය නිසි ලෙස සම්පූර්ණ කළ වහාම ඇමෙරිකානු පුරවැසිකම අත් හැරෙන බවයි. මේ නිසා ගෝඨා භය කියන භීතිකාව වැළඳුනු පිරිස් පතුරුන ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයට තරග කරන්න ඇමෙරිකානු පුරවැසිකම බාධාවක් නොවන වග ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ඕවා ඔහොම දාන්න එපා බං...

    විදග්ධ පුක් ශෝධකයට බයටම බඩ බුරැල් කරලා යනවා ඕවා දැක්ක ගමන්.
     
    • Like
    Reactions: kinkon

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    මුලින්ම ඇමරිකානු පුරවැසි කම අයින් කරලා එන්ඩ කියමු
    පේනවනේ පිටරට එකෙක්ට තනතුරු දීල උන වැඩේ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,110
    1
    11,123
    113
    Ai ehema karanne? Aparade.. Naththan US ekek Janadipathi una nana Apitath US State Ekak widihata add wenna tibba. Maru, Apith Nikanma US citizens la ethakota.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගෙම්බන්පිල වගේ හොර තක්කඩි එක්කද ගොට් දැන් මේ ඉන්න හොරු එලෝලා එන්න හදන්නේ





    අවරුදු 70 ක් ගහපු ලබ්බ