ඇමරිකානු රජය මහජන පෙත්සමට ප්‍රතිචාර දක්ව
(ලංකා ඊ නිව්ස් -2012.පෙබ.23, පෙ.ව.9.30) එල්ටීටීඊය සමග කළ යුද්ධයේ අවස්ථා ගැන තිඛෙන ගැටළු පසෙක තිබියදී සිය දේශපාලන නායකයන්ගේ මග පෙන්වීම අනුව ඊට අණ දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට දේශපාලන සිරකරුවෙකු බව ඇමරිකානු රජය නිල වශයෙන් පිළිගන්නා බව ඇමරිකානු රජය නිවේදනය කර තිබේ.
ජෙනරාල් ෆොන්සේකා මහතාට ඉතා වැදගත් වන මෙම තීරණය අද ඇමරිකාව විසින් මෙසේ නිවේදනය කර තිඛෙන්නේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට විසිපන්දහසක් මහජනතාව විසින් අන්තර් ජාලයෙන් පසුගිය දා ඉදිරිපත් කරන ලද පෙත්සමට ඇමරිකානු රජය විසින් දක්වන ප්‍රතිචාරයක් ලෙසය
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්රජාතන්ත්රවාදය කම්කරු සහ මානව හිමිකම් පිළිබඳ බියුරෝවේ සහකාර ලේකම් මයිකල් පොස්නර් විසින් එම පෙත්සමට ප්‍රතිචාර දක්වමින් නිල වශයෙන් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සරත් ෆොන්සේකා මහතාට මතයක් දැරීමේ අයිතියත් ශ්‍රී ලංකාවේ නීතියත් උල්ලංඝනය කරමින් ඔහුට ද~ුවම් දීමට අධිකරණ ක්‍රියාවලියක් පාවිච්චි කිරීම ගැන ඇමරිකාවේ දැඩි කනස්සල්ල පළ කරන බවයි.
ශ්‍රී ලංකාවේ ජනතාවට නිදහස් අදහස් දැක්වීමටත් බියෙන් තොරව ජීවත්වීමටත් ඇති අයිතීන්ට ඉඩ දෙන ලෙසත් ජාත්‍යන්තර නීතියට ගරුකරන ලෙසත් ඇමරිකාව ශ්‍රී ලංකා රජයෙන් දිගටම ඉල්ලන බවද එම නිවේදනයේ දැක්වේ.
මෙම පෙත්සම අත්සන් කළ 25000 ක් මහජනතාට ඇමරිකානු රජයේ ස්තූතියද පළ කර තිබේ.
මෙහි ඇති වැදගත්ම කාරණය නම් ජාත්‍යන්තර වශයෙන් දේශපාලන සිරකරුවෙක් ලෙස පිළිගත් පසු ෆොන්සේකා මහතා සිරකරගෙන සිටියද දේශපාලන සිරකරුවන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ලබා දිය යුතු වනවා ඇත. ලිවීමට, කියවීමට, අදහස් ප්‍රකාශ කිරීමට, හැදෑරීමට ඇති අයිතිය ඉන් වැදගත්ම දෙයක් වනවා ඇත