ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට

chanaka

Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට

    ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට :shocked::shocked:
    CVR-1.png


    දැනට දියාගෝ ගාර්ෂියා හි ස්ථානගතව සිටින ආසියා – ෆැසිපික් සාගර කලාපයේ ඇමරිකානු 5 වන නෞකා සේනාංකය ලංකාවේ ඩෙල්ෆ් දූපත් සමූහයේ ස්ථානගත කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
    ඊට අදාළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම නුදුරේදීම එක්සත් ජනපදය විසින් සිදු කරනු ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටින්නේ එක්සත් ජනපදය මෙරට සමඟ 2007 වසරේ අත්සන් කළ The Acquisition and Cross – Services Agreement (ACSA) ගිවිසුම මත පදනම්ව ඇමරිකානු 5 වන නෞකා සේනාංකය සඳහා ඩෙල්ෆ් දූපත ඉල්ලා සිටීම සිදුවනු ඇති බවය.

    මේ අයුරින් ඇමරිකා එක්සත් ජනපදය ඩෙල්ෆ් දූපත වෙත අවධානය යොමුකර තිබෙන්නේ දැනට ආසියා – ෆැසිපික් සාගර කලාපයේ ඇමරිකානු 5 වන නෞකා සේනාංකය ස්ථානගත වී සිටින දියාගෝ ගාර්ෂියා දූපතෙන් ඉවත් වීමට සිදුව තිබීමත් ඒ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඉන්දියානු සාගර කලාපය තුළ කඳවුරක් පිහිටුවීම සඳහා භූමියක් අවශ්‍ය වීම නිසාත්ය.

    ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු 5 වන නෞකා සේනාංකය වෙනුවෙන් දියාගෝ ගාර්ෂියා දූපත් සමූහය ගිවිසුමක් හරහා බි්‍රතාන්‍යය වෙතින් මිලදී ගන්නේ 1966 දී වන අතර ඒ ඇමරිකානු ඩොලර් මිලියන 14ක මුදලකටය. එම ගිවිසුමට අනුව ඇමරිකා එක්සත් ජනපදයට එම දූපත් සමූහයේ කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන්නේ වසර 50ක කාලයක් සඳහා පමණි. ඒ අනුව මේ වසර අවසන් වන විට දියාගෝ ගාර්ෂියා හි සිට මෙහෙයුම් කටයුතු සිදු කිරීමට එක්සත් ජනපදයට අවස්ථාව අහිමි වේ.

    එක්සත් ජනපදය විසින් ඩෙල්ෆ් දූපත වෙත අවධානය යොමු කිරීමට පෙර අවධානය යොමුකර සිටියේ මාලදිවයින් දූපත් කෙරෙහිය. එහෙත් එම අදහස පසුව වෙනස් වූ අතර ඉන්දියන් සාගරය තුළ ඩෙල්ෆ් දූපත් සමූහය පිහිටා ඇති භූගෝලීය වැදගත්කම, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ඉන්දීය ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් තිබීම සහ මෙරට නාවුක ක්ෂේත්‍රයේ චීන ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සැලකිල්ලට ගෙන ඩෙල්ෆ් දූපත් සමූහය වෙත එක්සත් ජනපද අවධානය යොමුව ඇති බව ද අප ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
     
    • Like
    Reactions: crazzychathu

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    නිකංද දෙන්නෙ ලංකාවට ගානක් ගෙවනවලුද ?

    ඕකට අමෙරිකාවෙන් සල්ලි ගෙව්වට ඒවා ලංකාවේ ආර්ථිකයට යන්නේ නැහැ , ඒවා හෙමිට යන්නේ මැති ඇමැතියන්ගේ සාක්කු වලට.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

    මොනවද ඔය හැමදාම හැම පත්තර කාරයාම කියන ආරංචි මාර්ග?

    17903975_438892913132438_7786539286640142396_n.jpg
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    1. අනේ මන්දා මේක නම් හරියන වැඩක් නෙවෙයි. රුසියාවට වගේ දෙන්න පුළුවන් නම් සිරා.

    :lol::lol:tikak iwasala hitu Russian karaya withrai adu wunta galu waraya hari dei boruda kiytanne balan