ඇමරිකානු_මාධ්‍යවේදියාගේ_ඝාතනය

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
ඇමරිකානු_මාධ්‍යවේදියාගේ_ඝාතනය

ඇමරිකානු මාධ්‍යවේදියාගේ ඝාතනය පළිගැනීමක්?

140820021808_james_foley_624x351_afp.jpg

ඇමරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆොර්ලි

ඉස්ලාමික රාජ්‍යක් ගොඩනැගීම වෙනුවෙන් සටන් වැදෙන ISIS සංවිධානය විසින් ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියකු වන ජේම්ස් ෆොර්ලිගේ හිස ගසා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඝාතනයට ලක්ව ඇති ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියා 2012 වසරේ සිරියවේදී අතුරුදහන් වූ බවට වාර්තා විය.

ජිහාඩ් කැරලිකරුවන් පවසන්නේ මෙම ඝාතනය, ඉරාකයේ ISIS සටන් කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඇමෙරිකානු ප්‍රහාරයන්ට පළි ගැනීමක් ලෙස සිදු කර ඇති බවයි.

ජේම්ස් ෆොර්ලිගේ මව ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම පුතු තමන්ට ආඩම්බරයක් බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිරියාවේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති වේදනා ජනක අත්දැකීම් ලෝකයට හෙළි කිරීමට නිර්භයව ක්‍රියා කළ තම පුතුන් ඒ වෙනුවෙන් දිවි පුජා කර ඇති බවයි.


140820104944_james_foley_beheading_512x288_ap.jpg

ජේම්ස් ෆොර්ලිගේ හිස ගසා දැමීමට මොහොතකට පෙර


ඇය තම පුතුන් පැහැර ගෙන ගොස් ඝාතනය කළ කැරලි කරුවන්ගෙන් ඉල්ලා සිටියේ අනෙක් ප්‍රාණ ඇප කරුවන් නිර්දෝෂී මෙන්ම ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය හෝ ඒ සම්බන්ධ තීරණ වලට ඔවුන්ගේ කිසිදු අදාළත්වයක් නොමැති හෙයින් ඔවුන්ව නිදහස් කරන ලෙසයි.

නිකුත් කර ඇති වීඩියෝ පටය කෙතරම් දුරට අව්‍යාජ දැයි තවමත් ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කර නැති නමුත් ඇමරිකානු මාධ්‍ය ප්‍රකාෂකවරිය පවසන්නේ වීඩියෝ පටය අව්‍යාජ බවයි.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඉරාකේ ඉන්න ක්‍රිස්ටියන් & යස්දී උන් ටික අයින් කරලා ඔය රටම නුක් කළා නම් හරි.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කාටහරි බැරිද ඔය හැත්තට එක පාරම ෂොට් එක දෙන්න.. මුන් ලෝකෙටම මහා හිසරදයක්..