ඇමරිකාවට ගහයිද ? බයවෙලා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇමරිකාවට ගහයිද ? බයවෙලා

    රුසියාවට එරෙහිව යුරෝපයේ මිලිටරි බලය තරකිරීම සඳහා ‍පෙන්ටගනය බලපෑම් කරයි .... :eek:

    රුසියාව සමඟ මිලිටරි ගැටුමක දී නැටෝවේ එක්සත් ජනපද හමුදාවේ ප්‍රමානය සියයට 50කින් වැඩි කරමින් යුරෝපය තුල ඇමරිකානු පාබල හමුදාව යෙදවීමේ මෙහෙයුම් ඉහල නංවන සැලසුමකට පෙන්ටගනයේ ඉහල ජෙනරාල්වරු අනුබලය දක්වති.

    නැගෙනහිර යුරෝපයේ හා දකුනු චීන මුහුදේ එක්සත් ජනපද මිලිටරි බලය ගොඩනැංවීම ගැන රුසියාව හා චීනය දැනුවත් කරමින් නොවැම්බර් 7 දා දවල් දකුනු කැලිෆෝනියාවේ රීගන් පුස්තකාලයේ පැවති, ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් කතා කල ආරක්ෂක සාකච්ඡා මන්ඩපයක දී සැලැස්ම ඉදිරිපත් කරනු ලැබිනි.

    නොවැම්බර් 9 දා වෝල්ස්ට්‍රීට් ජර්නලය වාර්තා කල පරිදි නැටෝ අනදෙන නිලධාරී ජෙනරාල් ෆිලිප් බ්‍රීඩ්ලව් හා යුද හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් මාක් මිලි යන දෙදෙනා ම අදහස් දක්වමින් භටයන් වැඩි කිරීමේ සැලසුම සනාථ කලහ. සමස්ත සොල්දාදුවන් ගනන 7,000ක් වන එක්සත් ජනපද මිලිටරි සේනාංක දෙකක් යුරෝපය තුල ස්ථීර ව රැඳී සිටින අතර නව සැලසුමට අනුව තුන්වන සේනාංකයක් ද එක් කිරීමට නියමිත ය.

    ජර්නලයට අනුව ජෙනරාල් මිලි, යුරෝපය සමඟ හුවමාරු කරනවාට වැඩියෙන් සේනාංක එකතු කරමින් වඩා විශාල මිලිටරි බලමුලුගැන්වීමකටත්, “හෙලිකොප්ටර් ඒකක, ඉංජිනේරු සේවා හා කාලතුවක්කු ඒකක" එක් කිරීමටත් යෝජනා කලේ ය. යුරෝපය තුල රඳවා ඇති හා නැටෝවේ සේවය සඳහා වන එක්සත් ජනපද හමුදාවල ප්‍රමානය දෙගුන හෝ තෙගුන කිරීම මෙහි සැබෑ තේරුම යි.

    මිලිටරිය සවිමත් කිරීමේ සැලැස්මෙහි බොහෝ අංශ තවමත් තීරනය කරනු ලැබීමට නියමිත ව තිබුනත් බ්‍රීඩ්ලව් ප්‍රකාශ කලේ “ඉදිරි මාස දෙක ඇතුලත" අදාල තීරන ගනු ලැබෙන බව යි. මිලී ජර්ලනයට පැවසුවේ, ක්‍රිමියාව තුල රුසියානු මෙහෙයුම් මෙන්, ස්ථීර හා තාවකාලික හමුදා භට කන්ඩායම් ඒකාබද්ධ කරන, “දෙමුහුන් යුද්ධය" නමින් පෙන්ටගනය විසින් හඳුන්වන ක්‍රියාවලිය සමඟ කටයුතු කිරීම සඳහා මිලිටරිය සිය පුහුනු ක්‍රමෝපායන් වෙනස් කරමින් සිටින බව යි.

    2014 දී යුක්රේනයේ යනුකොවිච් ආන්ඩුව බලයෙන් ඉවත් කොට නැටෝ ගැති රූකඩ ආන්ඩුවක් ඇටවීමට තමන් සිදු කල ආක්‍රමනික මැදිහත්වීමෙන් අවධානය ඉවතට හරවා, බිම් ප්‍රදේශ අල්ලා ගැනීමේ නව ක්‍රමයක් වන “දෙමුහුන් යුද්ධය" ඔබාමා පරිපාලනය හා යුරෝපා සංගමය විසින් පෙරමුනට ගෙන තිබේ.

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා සීඅයිඒ පිටුබලය ලත් නව ෆැසිස්ට්වාදී කන්ඩායම් විසින් නායකත්වය දෙන ලද කියෙව් කුමන්ත්‍රනය, ජනගහනයෙන් බහුතරය රුසියානුවන් වන්නා වූ හා යුක්රේනයෙන් වෙන්වීමට ඡන්දය දුන් ක්‍රිමියාව තුල රුසියානු මැදිහත්වීමක් ද නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් හා ලුගාන්ස්ක් ප්‍රදේශවල රුසියානු ගැති බෙදුම්වාදීන්ගේ කැරැල්ලක් ද ඇවිලවී ය.

    ගෙවුනු සති කිහිපය පුරා ජෙනරාල් බ්‍රීඩ්ලව් හා ජෙනරාල් මිලී යන දෙදෙනා ම අනතුරු අඟවා ඇත්තේ, යුක්රේනය මුල්කරගෙන නැටෝව හා රුසියාව අතර ද රුසියාවේ බටහිර දේශසීමාව තුල ද එම දෙපාර්ශවය අතර ගැටුම පරදුවට තබා, ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුවේ සහායට රුසියාව, සිරියාවේ කරන මෙහෙයුමට ඕනෑවාට වැඩි අවධානයක් දෙමින් සිටින බව යි.

    ජර්නලයට බ්‍රීඩ්ලව් පැවසුවේ, “සිරියාව අරබයා රුසියාව සමඟ කරන ගනුදෙනුව මඟින් ඩොන්බාස් වෙතින් ඇස් ඉවතට හැරෙනවා" යනුවෙනි. “සිරියාව තුල සහයෝගී ව කටයුතු කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමේ දී ක්‍රිමියාව තුල සිදුවන දේ පිලිගැනීමට අප ඉඩ දිය යුත්තේ මන් ද? පෙරලා ප්‍රතිචාර නො දැක්වුවහොත් ආක්‍රමනය තව තවත් ආක්‍රමනවලට මාවත පෑදිය හැකියි" යයි මිලී පැවසී ය.

    සතියකට පෙර පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවක දී ජෙනරල් බ්‍රීඩ්ලව්, පාබල භටයන්, ප්‍රහාරක යුද නැව් හා ප්‍රහාරක යානා යොදාගෙන නැටෝවේ අනුග්‍රාහකත්වයෙන් මේ වසරේ පවත්වා ඇති මිලිටරි අභ්‍යාස මාලාවක ප්‍රතිඵල හුවා දැක්වීය. ඒවායින් අවසන් එක වසර 13ක් තුල පැවැත්වූ විශාලතම නැටෝ යුද අභ්‍යාසය වන ඔපරේෂන් ට්‍රයිඩන්ට් ජන්ක්චර් ය.

    නැටෝ සාමාජික රටක් නො වන යුක්රේනයේ භටයන් හා ජාතික ආරක්ෂක හමුදාව පුහුනු කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබීම ගැන ද ඔහු සඳහන් කලේ ය “දිනපතා රුසියාව විසින් ප්‍රකෝප කරනු ලබන යුක්රේන සොල්දාදුවන් පෙරමුනේ ම සිටිනවා" යයි ඔහු කීවේ ය. වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම කීවේ, එක්සත් ජනපද පුහුනු කරන්නන් සෑහීමට පත්කරන “නවීන කාල තුවක්කු මඟින් එල්ල කල හැකි ප්‍රහාර ගැන විශාල අත්දැකීමක් ඔවුන්ට තිබෙනවා" යනුවෙනි.

    මැදිහත් වීමට හෝ බාධා කිරීමට රුසියාව දරන උත්සාහයන් වැලැක්වීමට අත්ලන්තික් සාගරය හරහා වැඩි වැඩියෙන් හමුදාවන් මාරු කිරීමේ පෙර සූදානම් පුහුනු අභ්‍යාස පැවැත්වීමට පෙන්ටගනය සැලසුම් කරන බව ජෙනරාල්වරු දෙදෙනා අනාවරනය කලහ. පෝලන්තය ද ලිතුවේනියාව, ලැට්වියාව හා එස්තෝනියාව යන බෝල්ටික් රටවල් ද ඇතුලු නැගෙනහිර යුරෝපීය නැටෝ සාමාජික රටවල් සහ රුසියාව අතර විවෘත දේශසීමා යුද්ධ එවන් සැලැස්මක ප්‍රතිඵලය වනු ඇත.
    එක්සත් ජනපදයේ සිට යුරෝපය කරා භටයන් ගුවනින් ගෙන යාමේ දී සහ මුහුදු මඟින් උපකරන හා භාන්ඩ ප්‍රවාහනය කිරීමේ දී බාධාවන් මතු වනු ඇති බව පෙන්ටගනය පූර්වාපේක්ෂා කල බව බ්‍රීඩ්ලව් කීවේ ය. “අප යුරෝපය ශක්තිමත් කිරීම දෙස බලා, ඒ අනුව කටයුතු කිරීමට රුසියන් නාවික හමුදාව සූදානම් නැහැ. අත්ලන්තික් සාගරය හරහා ගමන් මාර්ගය වෙනුවෙන් සටන්වැදීමට සිදු වේ යයි දශක දෙකක් තිස්සේ අප සිතා නැත" යයි ඔහු ජර්නලයට කීවේ ය.
    අත්ලන්තික් සාගරය හරහා එක්සත් ජනපද භටයන් දස දහස් ගනනක් ප්‍රවාහනය කිරීම ආරම්භ කල රිෆෝජර් වැනි විශාල සීතල යුද මිලිටරි අභ්‍යාස මිලි උපුටා දැක්වී ය. “තව දුරටත් අපට රිෆෝජර් වැනි විශාල අභ්‍යාස අවශ්‍ය නැහැ. ඇත්තෙන් ම අප කල යුතු වන්නේ හදිසි හමුදා අභ්‍යාස ... එනම්, රිෆෝජර්හි සංකල්පය අනුගමනය කිරීම යි" යනුවෙන් ඔහු ජර්නලය වෙත සඳහන් කලේ ය.
    ප්‍රදේශවලට ඇතුලු වීමෙන් හමුදාවන් වැලැක්වීමට රුසියාව විසින් අනුගමනය කරන්නේ යයි ‍පෙන්ටගනය දක්වන බෙලරුසියාවේ හා කලිනිනග්‍රෑඩ්හි ආරක්ෂක කඳවුරු වෙතට ද ජෙනරාල්වරු අවධානය යොමු කලහ. පෝලන්තය, ලිතුවේනියාව හා බෝල්ටික් මුහුද මඟින් සීමා වන රුසියාවට අයත් බිම් පෙදෙසක් වන කලිනින්ග්‍රෑඩ්, කලාපය තුල නැටෝවේ ඕනෑ ම මිලිටරි මෙහෙයුමක ප්‍රථම ඉලක්කය විය හැක.
    රුසියාවේ ම භූමි ප්‍රදේශය තුල හෝ ඉන් පිටත පිහිටි -බොහෝවිට පැරනි සෝවියට් සංගමයට අයත් භූමියේ- අතලොස්සක් වන මිලිටරි කඳවුරක මෙහෙයුම් ගැන පෙන්ටගනය කලබලයට පත්ව ඇති නමුත් ලෝකය පුරා විහිදෙන මිලිටරි කඳවුරු 700ත් 800ත් අතර ප්‍රමානයක් එක්සත් ජනපදය විසින් නඩත්තු කරනු ලබයි. ලෝකයේ අනෙක් සියලු රටවල එවැනි කඳවුරු සංඛ්‍යාව ඊට වඩා අඩු ය. මෙම අසමානතාව ගෝලීය ආක්‍රමනිකයා කුමන රට ද යන්න පිලිබඳ වඩා හොඳ පින්තූරයක් ලබා දෙයි.
    ජෙනරාල්වරු ද ආරක්ෂක ලේකම් කාටර් ද භාවිතා කරන භාෂාව හා ධවල මන්දිරයත් යුරෝපා සංගමයත් කරන ඊට වඩා සැර අඩු කයිවාරු අතර අසමානතාව වෝල් ස්ට්‍රීට් ජර්නල වාර්තාවේ අවධානයට ලක් විය: “මෑත සතිවල දී සමහර මිලිටරි නායකයන්ට ඔවුන්ගේ අදහස් දැක්වීම්වල රලු බව සීමා කරන ලෙස ධවලමන්දිරය ඉල්ලා ඇති බව නිලධාරීන් කියා ඇතත් පරිපාලනය අනුගමනය කරන මූලෝපාය පෙන්ටගන නිලධාරීන්ට ආරක්ෂාව පිලිබඳ කතාවල ස්වාධීනත්වයට අවසර දෙන පිලිවෙතකි. එ ද රාජ්‍ය දෙපාර්තමේන්තුව මොස්කෝව සමඟ සාකච්ඡා කරන අතරතුරය."
    නිශ්චිත ව ම එවැනි නරුම වැඩ බෙදාගැනීකට පූර්වාදර්ශයක් ඇත. වඩාත් විය හැකි දෙය වන්නේ පෙන්ටගනය සරල ව තමන්ට පැවරී ඇති කොටස ඉටු කරනවාට වඩා සාකච්ඡාව මෙහෙයවමින් සිටීම යි. රුසියාව හා චීනය වැනි ප්‍රධාන විරුද්ධවාදීන් සමඟ යුද්ධය කරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගන්නා හැරීම අනිවාර්යයෙන් ම මිලිටරි-රහස් ඔත්තු සංස්ථාපිතය අත බලය කේන්ද්‍රගත කර ගැනීම දෙසට වන ප්‍රවනතා ශක්තිමත් කරයි.

    https://www.wsws.org/sinhala/2015/2015nov/nato-16n.html

    9Y7qmQ3.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකුන් දෙගොල්ලො ගහගන්නෑ බලං හිටියට වැඩක් නෑ :no: :no:
    ඕකුන් දෙගොල්ලො ගහගන්නකං බලං ඉන්න වෙලේ ටීවී සීරියස් එකක් බාගෙන බලපල්ල :dull: :dull:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕකුන් දෙගොල්ලො ගහගන්නෑ බලං හිටියට වැඩක් නෑ :no: :no:
    ඕකුන් දෙගොල්ලො ගහගන්නකං බලං ඉන්න වෙලේ ටීවී සීරියස් එකක් බාගෙන බලපල්ල :dull: :dull:

    සිරා මචං දෙගොල්ලොම පුම්බගන්නවා තමයි කරන්නේ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕකුන් දෙගොල්ලො ගහගන්නෑ බලං හිටියට වැඩක් නෑ :no: :no:
    ඕකුන් දෙගොල්ලො ගහගන්නකං බලං ඉන්න වෙලේ ටීවී සීරියස් එකක් බාගෙන බලපල්ල :dull: :dull:

    පොඩ් එකෝ ...

    අමතක උනාද සිරිසේනට සල්ලි පොම්ප කරේ කවුද කියලා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරා මචං දෙගොල්ලොම පුම්බගන්නවා තමයි කරන්නේ.


    නොවැම්බර් 9 දා වෝල්ස්ට්‍රීට් ජර්නලය වාර්තා කල පරිදි නැටෝ අනදෙන නිලධාරී ජෙනරාල් ෆිලිප් බ්‍රීඩ්ලව් හා යුද හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් මාක් මිලි යන දෙදෙනා ම අදහස් දක්වමින් භටයන් වැඩි කිරීමේ සැලසුම සනාථ කලහ. සමස්ත සොල්දාදුවන් ගනන 7,000ක් වන එක්සත් ජනපද මිලිටරි සේනාංක දෙකක් යුරෝපය තුල ස්ථීර ව රැඳී සිටින අතර නව සැලසුමට අනුව තුන්වන සේනාංකයක් ද එක් කිරීමට නියමිත ය.

    ජර්නලයට අනුව ජෙනරාල් මිලි, යුරෝපය සමඟ හුවමාරු කරනවාට වැඩියෙන් සේනාංක එකතු කරමින් වඩා විශාල මිලිටරි බලමුලුගැන්වීමකටත්, “හෙලිකොප්ටර් ඒකක, ඉංජිනේරු සේවා හා කාලතුවක්කු ඒකක" එක් කිරීමටත් යෝජනා කලේ ය. යුරෝපය තුල රඳවා ඇති හා නැටෝවේ සේවය සඳහා වන එක්සත් ජනපද හමුදාවල ප්‍රමානය දෙගුන හෝ තෙගුන කිරීම මෙහි සැබෑ තේරුම යි.


    මෙදා පොටේ නම් පුම්බගෙන නවතින පාර්ට් 1 නෙමේ සහෝ එන්නේ :no:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    'Operation Isis' Anonymous activists begin leaking suspected extremist Twitter account details
    ISIS called Anonymous "idiots"

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19305370 said:
    පොඩ් එකෝ ...

    අමතක උනාද සිරිසේනට සල්ලි පොම්ප කරේ කවුද කියලා

    ඔව් නෝර්වේ නෙ :D :D
    මටත් සල්ලි පොම්ප කලා කියහංකො බෝම්බයක් ගහන්න කියල :baffled: :baffled:
    මං බෑ කිව්ව :no: :no: