ඇමරිකාවට යන්න ගෝටාට වීසා නොදේ.. ඩුබායිහි රැදේ… ඇමරිකා පුරවැසිකම යලි අයදී..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියි.

    ඒ මහතා ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට යනු ඇතැයි මුලින් වාර්තා වූ නමුත් ඇමරිකාවට යාම සඳහා ඔහුට විසා නොතිබිණි.

    මෙම තත්ත්වයන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ ඔහුට නැවතත් එක්සත් ජනපද පුරවැසිභාවය ලබා දෙන ලෙසයි.

    පසුගිය ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතහැර දමන ලද ඇමරිකානු පුරවැසිභාවය නැවත ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීම මෙතෙක් එරට විසින් යළි සලකා බලා ඇතැයිද වාර්තාවේ සඳහන්ය.
     
    • Haha
    Reactions: hasithayad

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    බය වෙන්න එපා එථුමට සටස් ගාලා පුරවැසිකම හම්බ වෙනවා
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    @erozan now
    happy waynes world GIF