ඇමරිකාවෙන් ජී.එස්.පී. ගනිමු ද? මහින්ද ගෙනැව

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
ඇමරිකාවෙන් ජී.එස්.පී. ගනිමු ද? මහින්ද ගෙනැව

obama_burger.jpg



ශ්‍රී ලංකාවට නැවත වතාවක් ජී.එස්.පී. තීරු බදු සහනය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය ජුනි 29දා මේ සම්බන්ධ ලේඛනයට අත්සන් තැබුවේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවට 2017 දෙසැම්බර් 31 දක්වා මෙම සහනය හිමි වේ.

ජී.එස්.පී. හෙවත් Generalized System of Preferencesයටතේ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය 122කට තීරු බදු රහිතව භාණ්ඩ 5000ක් එක්සත් ජනපදයට අපනයනය කළ හැකි ය.

එය ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික වාසියකි. මෙම තීරු බදු සහනය 12.5%කි. එය හිමි වීමෙන් ලංකාවට තරගකාරී මිළකට සිය නිෂ්පාදන එක්සත් ජනපද වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.


2014දී ද ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 178ක හෙවත් රුපියල් බිලියන 23කට වැඩි අපනයන මිළ දී ගත්තේ ය.

සම්ප්‍රදායික ඇමරිකන් විරෝධීන් හා අධිරාජ්‍ය විරෝධීන් විසින් මෙම කරුණ ද සැලකිල්ලට ගත යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්මට ඇමරිකාවේ හා යුරෝපයේ වෙළඳපොළ අතිශය වැදගත් ය. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන්නේ එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, බෙල්ජියම හා ඉතාලියයි.

රාජපක්ෂ ආණ්ඩුව එක්සත් ජනපදය හා යුරෝපය සමග එදිරිවාදිකම් නිර්මානය කරමින් චීනය සමග සමීප විය. එහෙත් ඇත්ත වශයෙන් ම ගත්තොත් චීනය ලංකාවේ අපනයන වෙළඳපොළ ලේඛනයේ සිටින්නේ 16වන ස්ථානයේ ය. එරට ලංකාවෙන් මිළ දී ගන්නේ සමස්ත අපනයනයන්ගෙන් 1.2%ක් පමණි. ඒ වෙනුවට ඔවුහු සිය භාණ්ඩ විශාල වශයෙන් ශ්‍රී ලංකාවට අපනයනය කරයි. ශ්‍රී ලංකාවට වැඩිපුර ම භාණ්ඩ අපනයනය කරන රට ඉන්දියාවයි. දෙවන ස්ථානය හිමි වන්නේ චීනයටයි. ලංකාවේ ආනයනවලින් 14%ක් ම ලබා ගන්නේ චීනයෙනි.

අධිරාජ්‍ය විරෝධයෙන් කෑම ලැබෙන්නේ නැත. රටින් බඩු ගෙනැවිත් පරිභෝජනය කරන්නට නම් විදේශ විනිමය අවශ්‍ය ය. ඒවා එන්නේ ඇමරිකාවෙන් හා යුරෝපයෙනි.

ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන බලපෑම් කරන්නට ඇමරිකාවට හා යුරෝපයට අවස්ථාව ලැබී තිබෙන්නේ එමගිනි.



http://www.w3lanka.com/2015/07/blog-post_7.html