ඇමරිකාවේ_ජීවිතය

funny1234

Member
Jan 21, 2015
311
20
0
සැලරි නම් මචං මෙහෙ අයි ටී වලට හෙන අඩුයි අනෙක් එව්වට සාපේක්ෂව .මෙහෙ තැන තියෙන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට .සිවිල් වගේ එකෙක් එනවානම් අන්න සිරා .ඒත් උඹේ ජාතිය අනුව හා උඹේ පාස්පොර්ට් එක අනුව සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා .හැකියාවම නෙමේ බලපාන්නේ .ඒ කිව්වේ මෙහෙ වැඩියෙන්ම ටොප් ලෙවල් සැලරි ස්කේල් වල ඉන්නේ සුද්දෝ .ඒ කිව්වේ යුරෝපියන් ඇමරිකන් ඕස්ට්‍රලියන් සවුත් අෆ්‍රිකන් එවුන් හෝ ඒ රටවල් වල පාස්පොර්ට් එක තියෙන වෙනත් ඕනෑම ජාතියක අය .හැබැයි සුද්දෝ පාස්පොර්ට් එක වගේම ජාතියත් සුදු නිසා උන් ටිකක් වැඩිපුර ගන්නවා ඉමිග්‍රන්ට් ලාට වැඩිඅ .ඊට පස්සේ සැලරි ස්කේල් එකේ වැඩියෙන් ඉන්නේ ඇරබික් නැෂනලටිස් එවුන් .උන්ට වැඩිපුර හම්බ වෙන්න එකම ප්‍රධාන හේතුව උන්ට අරාබි ලියන්න කියන්න හැකිවීම .ඊට පස්සේ ඒෂියන්ලා .ඒෂියන්ලාගෙත් ඒක එක ජොබ් වලට එක එක එවුන් ගන්නේ .ඒ කිව්වේ එකවුන්ට් සයිඩ් එකේ වැඩියෙන්ම ඉල්ලුම තියෙන්නේ පිලිපීන්ලාට .ෂේක් ෆැමිලිස් වල ඩ්‍රයිවර්ලා වගේ එව්වට ගොඩක්ම ඉල්ලන්නේ ඉන්දියන්ලා .සෙකුරිටි වගේ ජොබ් වලට නේපාල් එවුන් .අපේ උන්ව ඉල්ලන්නේ ඉලෙක්ට්‍රිෂියන් ,මැකැනික් වගේ එව්වට තමා වැඩියෙන්ම .එකෙන් කියන්නේ නැහැ අනෙක් ජොබ් වලට අපිට පනින්න බැහැ කියලා .අපේ ඩොක්ටර්ස්ලා හිටන් මෙහෙ ඉන්නවා .එකවුන්ටන්ට්ලාත් ඉන්නවා .ඒත් එහෙන් මෙහෙන් වගේ තමා ඒ කිව්වේ කනෙක්ෂන් එකකින් පැන්න එවුන් .හරියට මේ මන් වගේ .
නැතුව අයිටි වලට කියලා වෙනම අපිව ඉල්ලන්නේ නැහැ .


normally keeyk wageda bn..akamaththak naththan ubata keyak wage hambenwada kiyala kiyapanko..mage malli kenek yanna inne ekai ahuwe mcn
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උඹේ පාස්පොර්ට් එක අනුව සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා .හැකියාවම නෙමේ බලපාන්නේ .ඒ කිව්වේ මෙහෙ වැඩියෙන්ම ටොප් ලෙවල් සැලරි ස්කේල් වල ඉන්නේ සුද්දෝ .ඒ කිව්වේ යුරෝපියන් ඇමරිකන් ඕස්ට්‍රලියන්

    :yes: ඩුබායි වලත් ඔහොමයි බන් එහෙනම් මැදපෙරදිග ඔක්කොම වගේ එහෙම වෙන්න ඇති , සාමාන්‍ය එකෙක්ට ලක්ෂ 3ක්‍ 4ක් ගෙවනවනම් ඕස්ට්‍රලියන් වගේ passport තියන එකෙක්ට 7+ වුනත් ගන්න පුළුවන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,503
    16,259
    113
    මමත් අමෙරිකාවේදි කැරි කල්ලෙක් ගෙන් වෙඩි කාලා අනූ නවයෙන් බේරුනේ . මට වෙඩි වැදුනෙ නැ. වැඩ දන්න නිසා බඩගාලා බේරුනා.:lol::lol: නමුත් ඇමෙරිකාව නියම රට බන්. :cool:

    :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    normally keeyk wageda bn..akamaththak naththan ubata keyak wage hambenwada kiyala kiyapanko..mage malli kenek yanna inne ekai ahuwe mcn


    ඒක කම්පැණි එක අනුව වෙනස් වෙනවා .මට නම් රියාල් වලින් 5000 ක් සෙට් වෙනවා .ඒත් සමහරක් කම්පැණිස් වල ඔයිට වඩාසෙට් වෙනවා .රජයේ ජොබ් නම් සුපිරි මෙහෙ .ඒත් අපිට රජයේ ජොබ් එකකට පනින්න නම් අවුරුදු දෙකක් එකම කම්පැණියක එකදිගට වැඩකරලා තියෙන්න ඕනේ .ඒත් සුද්දන්ට නම් ඔය මොන හුයන්නක් වත් නැහැ .
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇමරිකාවට පය තියද්දි තමන්ගෙම කියලා මිත්‍රයෙක් නැදෑයෙක් ලඟපාත හිටියෙ නැත්තං අතේ තියෙන සල්ලි ටික ඉවර වෙන්න කලියෙන් කල යුතුම දේ තමයි ඉක්මනින් රැකියාවකට එකතු වෙන එක. ඇමරිකාව වගේ විශාල රටක තමන්ගෙ සුදුසුකම් වලට රැකියාවක් ලබාගන්න තියෙන තරගය ගැන කියන්න දෙයක් නෑනෙ. ඉතින් ජීවන වියදමවත් දරාගන්න පුලුවන් රැකියාවකට හරි හා පුරා කියලා සම්බන්ධ වෙන්න තමයි ලංකාවෙ අය වගේම අනිත් රටවලින් මෙහාට එන අයත් උත්සාහ කරන්නෙ.

    ග්‍රීන් කාඩ් ලොතරැයියෙ ජයග්‍රාහකයෙක් විදියට මෙහෙට පය තියලා මගේ සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් ලැබෙනකං ලේසියෙන් පහසුවෙන් හොයාගන්න පුලුවන් සුපිරි වෙළඳ සැලක රැකියාවකට මමත් එකතු උනා. පස්සෙ කාලෙක වෘත්තීය සුදුසුකම් අනුව රස්සාවක් ලැබුනත් මම අදටත් සෙනසුරාදා රාත්‍රිය මේ සුපිරි වෙළඳසැල් ජාලයේ ශාඛාවක තට්ට තනියම සේවය කරන්නෙ අපි ඇමරිකාවට ආවෙ හැකි තරමක් සල්ලි එකතු කරගෙන ආයෙත් ලංකාවට එන්න බව තවමත් මට අමතක නැති හින්දයි.

    මගේ සේවා ස්ථානය

    IMG_1849.JPG


    සෙවන් ඉලෙවන් කියන්නෙ ලෝකයේ බොහෝ රටවල තියෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. මේ වෙද්දි ලෝකය පුරා ශාඛා 53000 කට කිට්ටුව තියෙනවා කියලයි කියන්නෙ. මේ ව්‍යාපාරයේ ආරම්භය 1927 දක්වා දුරකට විහිදෙනවලු. ඇමරිකාවෙ ටෙක්සාස් වල තියෙන මව් සමාගමේ අනුමත ශාඛාවන් ෆ්‍රැන්චයිස් ක්‍රමයට ලෝකය පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ යටතෙ ගොඩාක් වෙලාවට ඉන්දියානු ජාතිකයන් මේ ශාඛා පවත්වාගෙන යනවා. මම සේවය කරන තැනත් ප්‍රධානියා ඉන්දියානුවෙක්. ඉන්දියානුවන්ට වගේම ලංකාවෙ අයටත් මේ අය රැකියාවන් ලබාදෙනකොට ප්‍රමුඛතාවය දෙන්න‍ෙ ඇමරිකාවෙ ඉන්න අපේ රටේ අය වැඩට කම්මැලි නෑ කියලා නමක් හැදිලා තියෙන නිසයි.

    සෙවන් ඉලෙවන් සුපිරි වෙළඳසැල් ජාලයෙ 1946 වෙනකං තිබිලා තියෙන්නෙ වෙන නමක්. 46 දි විවෘතව පවතින වෙලාව උදේ 7 ඉඳන් රාත්‍රී 11 දක්වා වෙනස් කරපු නිසා අලුතින් තමන්ගෙ ලාංජනය හදලා ඒ කථාව එතනට සම්බන්ධ කරලා. වර්තමානයේ මේ වෙළඳසැල් පැය 24 ම විවෘතව තිබුනත් තවමත් පරණ ලාංජනයම තමයි යොදාගන්නෙ.

    මේ වෙළඳසැල් ජාලයේ ශාඛාවකට සේවකයෙක් විදියට එකතු උනාම මුලින්ම ලැබෙන අභියෝගය තමයි මුදල් රෙජිස්ටරය හරියට හසුරවන විදිය ඉගෙන ගන්න එක. මෙලෝ සංසාරයක් නොදන්නා කෙනෙකුට උනත් දවස් 3ක් ඇතුලත එය පුරුදු වෙන්න පුලුවන්.


    IMG_1840.JPG


    සාමාන්‍යයෙන් සේවා මුරයක් පැය 8 යි. දවසකට පැය අට බැගින් සතියකට පැය හතලිහක සේවා කාලයක් එක සේවකයෙකුට ලැබෙනවා. මේ පැය 40 ඇතුලෙ ඉටු කල යුතු වගකීම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් පිරිසිදු කිරීම් වලට ඉහළ ස්ථානයක් හිමි වෙනවා. අඩුම වශයෙන් දිනකට තුන් වරක් වත් පොළව හෝදන්න ඕනෙ. මේ වැඩේ තමයි මට නම් අපහසුම වැඩකට තියෙන්නෙ.

    IMG_1839.JPG


    ගොඩාක් තැන් වල දවල් කාලයට සේවකයො දෙන්නෙක් ඉන්නවා. ගණුදෙනුකාරයො විශාල ප්‍රමාණයක් ගැවසෙන කොට දෙන්නම භාණ්ඩ විකුණනවා. එහෙම නැත්තං එක්කෙනෙක් භාණ්ඩ විකුණනකොට අනිත් කෙනා පිරිසිදු කරන වැඩ ටික කරනවා. අපිට කරන්න තියෙන තවත් අපහසුම කාර්යයක් තමයි අධිශීතකරණ තුල භාණ්ඩ ගබඩා කිරීම. පළපුරුද්ද තියෙන කොට මේ වැඩේ හරිම ලේසියි. විවිධ වෙළඳ නාම යටතේ අති විශාල කෑම බීම වර්ග ප්‍රමාණයක් ගබඩා කරන එක සෙල්ලං නෑ. ඒ ඒ වෙළඳ නාමයට හිමි ස්ථානයේ ඒවා තිතට නූලට ගබඩා කරන්න ඕනෙ. විශාල කාමර වගේ තියෙන අධිශීතාගාර ඇතුලෙ තියෙන සීතල දරාගනිමින් මේ වැඩේ කරන එක මුල් කාලෙ නම් වහ කනවා වගේ වැඩක්.

    IMG_1842.JPG


    සෙවන් ඉලෙවන් වෙළඳ සැල් අැතුල‍ෙ විවිධාකාරයේ බීර වර්ග හා වයින් වර්ග විකිණීමට තියෙනවා. මම ජීවත් වෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිය අනුව මධ්‍යසාර මිළදී ගැනීමට වයස 21 සම්පූර්ණ කල යුතුයි. දුම්වැටි සඳහා වයස 18 සම්පූර්ණ කල යුතුයි. හැම වෙලාවෙම තරුණ තරුණියන්ට මධ්‍යාසාර හෝ දුම්වැටි අළෙවි කරද්දි හැඳුනුම්පත පරීක්ෂා කරලා වයස තහවුරු කරගන්න අවශ්‍යයි.

    IMG_1841.JPG


    මේ කාර්යයන්ට අමතරව සෑම පැය 2-3 කට වරක් කෝපි හදන්න ඕනෙ. සෙවන් ඉලෙවන් ඇතුලෙ කෝපි වර්ග 10 -15 අතර ප්‍රමාණයක් තියෙනවා. සිල්ලර බඩු විකුණනවට අමතරව පැත්තකින් ලොතරැයි විකිණීමකුත් තියෙනවා. මේක හොඳ සිහි කල්පනාවෙන් කරන්න ඕන‍ෙ වැඩක්. ලොතරැයි අළෙවි කරනවා වගේම ජයග්‍රාහකයන්ට එවලේම මුදල් ලබාදීමත් කරන්න ඕනෙ. ඩොලර් 500 ට අඩු ජයග්‍රහණ වලට විතරයි එවලේම සල්ලි දෙන්නෙ.

    IMG_1847.JPG


    ඇමරිකාවට ආව අයගෙ ජීවිත රෝසමල් යහනාවක් කියලා ලංකාවෙ ගොඩාක් දෙනා හිතනවා ඇති. නමුත් ඒක එහෙමම නෙමෙයි. මේ ජීවිත ඇතුලෙ සතුට වගේම දුකත් ඇති පදම් තියෙනවා. ඇමරිකාව ජීවන වියදම ඉහළ රටක් නිසා සමහර වෙලාවට එක රැකියාවක් විතරක් කරලා ලැබෙන ආදායමෙන් වියදම් ටික අඩු කලාම ඉතිරියක් කරන්න වෙන්නෙ අඩුවෙන්. ඒ නිසා ගොඩාක් දෙනා දහවලේ කරන රැකියාවට පස්සෙ රාත්‍රී කාලයේ සුපිරි වෙළඳසැලක සේවය කරන්නේ අමතරව කීයක් හරි හොයාගන්න චේතනාවෙන්. රාත්‍රියට සේවය කරනකොට අතිකාලත් ගෙවන නිසා එවැනි අයට මේක ඉතාමත් වටිනා රැකියාවක්.

    ලංකාවෙන් අපි එද්දි හිත් වල පුරවගෙන ආව හීන ලේසියට පහසුවට සැබෑ වෙන්නෙ නෑ. ඒ සඳහා ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකාව කැනඩාව වගේ රටවලට පැමිණෙන බොහෝ දෙනෙක් ස්ථිරවම මේ රටවල පදිංචි වෙනවා. තවත් පිරිසක් ආයෙමත් ලංකාවට යනවා. මම ඉන්න‍ෙ මේ අයගෙන් කොයි ගොඩේද...මට තවමත් හිතාගන්න බෑ

    සෙවන් ඉලෙවන් ජාලයට විවිධ භාණ්ඩ අරගෙන දිනපතා සැපයුම් කරුවන් රාශියක් පැමිණෙනවා. ඔවුන් රැගෙන එන භාණ්ඩ සේවකයන් විසින් හොදින් පරීක්ෂා කරලයි බාර ගන්න ඕනෙ. පරිගණක ගත කරන ලද ක්‍රමවේදයක් තියෙන නිසා මේ කටයුත්ත එතරම් අපහසු නෑ. ඒ වැඩසටහනට පින් සිද්ධ වෙන්න සංඛ්‍යාත්මක තොරතුරු වරදින්න තියෙන ඉඩකඩ අවමයි.


    IMG_1838.JPG


    මම මුලින්ම කිව්වා වගේ රස්සාවක් හොයාගෙන අැමරිකාවට එන බොහෝ දෙනෙක් තමන්ගෙ ගමන හා පුරා කියලා පටන් ගන්නෙ සුපිරි වෙළඳසැලක සේවය කිරීමෙන්. අඩියෙන් අඩිය ඉහළට ආවට පස්සෙ ඒ අය තමන් අතීතයේ දවසක නිරත වෙච්ච රැකියාවේ වර්තමානයේ නිරත වන්නන් දෙස බලන්නේ වපර ඇහැකින්. මම මේ කාරණේ අත්විඳලා තියෙනවා. ලාංකිකයන් අතර මේ තත්වය ඉතා සුළභයි.

    සමහර කෙනෙක්ට ඇමරිකාවෙ තමන්ග‍ෙ මුල්ම රැකියාව අවසාන රැකියාව බවට පත්වෙන වෙලාවලුත් තියෙනවා. තවත් කෙනෙක් අධ්‍යාපනය අවසන් කරන තුරු දැරිය යුතු වියදම් පියවා ගන්න මේ රැකියාව කරනවා. අනෙක් කොටස තමාට සරිලන රැකියාවක් ලැබෙන තුරු ජීවන වියදම දරාගැනීම පිණිස මෙවැනි රැකියාවක නිරත වෙනවා. කුමන අරමුණකින් රැකියාව කලත් මේ හැමෝම දකින්නෙ එකම හීනයක්. ඒ තමන් මව් රටින් මෙහෙට එද්දි ගෙනාව හීන සැබෑ කරගන්න එක.

    සුපිරි වෙළඳ සැල් වල මේ රැකියාව දීර්ඝ කාලීනව කරන්න අමාරුයි. අනෙකුත් රැකියා වලට සාපේක්ෂව ඇමරිකාවේදී මේ රැකියාවට ලැබෙන්නේ පුංචි වැටුපක්. ඒ වැටුප ලබාගැනීමටත් බොහෝ සේ මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකානු ජන සමාජය ගැන අවබෝධයක් ගන්න මේ රැකියාව ඉතාම ගැලපෙනවා. මාස කීපයක් වැඩ කලාම ඇමරිකානු ක්‍රමය ගැන වගේම මේ මිනිස්සු හිතන පතන විදිය ගැනත් පොඩි අවබෝධයක් ලැබෙනවා.

    සෙනසුරාදා දවසෙ රාත්‍රී සේවා මුරයෙ මට වැඩිපුරම විකුනන්න ලැබෙන්නෙ කොණ්ඩම්. කොණ්ඩම් ගන්න ජෝඩුවම මෙතනට ආවත් කොල්ලො ගොඩාක් වෙලාවට ලැජ්ජා කාරයො. කෙල්ලො තමයි භය නැතුව ඒවා තියෙන තැන් වලින් තෝරලා ගන්නෙ.

    මේ දෙකෙන් කොයි එකද හොඳ...සමහර වෙලාවට සුදු නංගිලා‍ කොණ්ඩම් දෙකක් පෙන්වලා මගෙන් අහනවා...හත් දෙයියනේ තනිකඩ මම කොණ්ඩම් වලින් බැලුම් පුම්බන්නද...එහෙම වෙලාවට මට හිතෙන එකක් හොදයි කියලා තෝරලා දෙනවා. සති අන්තය එළඹෙන නිසා වෙන්න ඇති සෙනසුරාදා රෑට කොණ්ඩම් වලට මේ තරම් ඉල්ලුමක්...


    enhanced-buzz-10063-1387823290-28.jpg


    මේ වෙළඳ සැල් වලට යන එන උදවිය අතර විවිධ ජාතීන් ඉන්නවා. ඔවුන් ගෙන් ඇතමෙක් රාත්‍රියට බීමතින් තමයි එන්නෙ. බීමතින් එන අය නිසා සමහර වෙලාවට නොසිතූ කරදරත් සිද්ධ වෙනවා. ඒ අස්සෙ හොරුන්ගෙන් වංචාකාරයන්ගෙන් අඩුවකුත් නෑ. රාත්‍රියට සේවය කරන සේවකයන්ට තමයි මේ දේවල් වලට බහුලව මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.

    තනියම සුපිරි වෙළඳ සැලක් බලාගෙන මහ රෑ ඉන්නවා කියන්නෙ අවධානම් සහගත වැඩක්. කථා කරන්නත් කෙනෙක් නැති නිසා කට්ට පාලුයි. පරණ සිංහල සින්දුවක් අහගෙන ඉද්දි ලංකාවෙ මගේ අතීතය මතක් වෙනවා. සමහර වෙලාවට සින්දු අහන ගමන්ම නින්ද යනවා. උදේ 6 ට ආයතනයෙ කළමණාකාර වරයා එනකං මම විතරයි. එයා ආවම මුදල් ටික ගැනලා බාර දීලා මම ගෙදර යනවා. ඔන්න ඔහොමයි මගේ රාජකාරියෙ ස්වභාවය. මම මේ අවධානම් සහගත වැඩේ දැන් සෑහෙන කාලයක ඉඳන් කරන්නෙ අනාගත බලාපොරොත්තු ගැන කල්පනා කරලා හිත තද කරගෙන. කොහොමත් මට දැන් භයක් දැනෙන්නෙ නෑ. මොකද මගේ පවුලෙ අයට මම උපයන හැම ඩොලර් එකම වැදගත් හින්දා. ඒ ගැන හිතුවාම ඕනෙ රෙද්දක් කියලයි මට හිතෙන්නෙ.


    මලක් වගේ මචං :cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    තැන්ක්ස් මචන් , උඹ මිනිස්සු මුලාවෙලා හිටිය හීනයක යතාර්ථය තේරුම් කරලා දුන්න
    ජිවිතේ කියන්නේ කොහේ හිටියත් අපිට ලැබෙන්න තියෙන දේ විතරයි ලැබෙන්නේ
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Rata giya kiwwama api hithanne kattiya sapa windinawa kiyalane...menna honda athdakeemak a minissu windina duka gana therum ganna....never give up bro!!! katta kaapu kenekta thamai ihalatama yanna puluwan :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බලන් ගිහාම ඇමරිකාවට වඩා මිඩ්ල් ඊස්ට්(සෞදිය හැර) දාස් ගුනයක් හොදයිනේ බන්:lol::lol::lol:

    ඔය ඩුබායි වල එහෙම සේෆ්ටිය 100ට 100යි. එහෙමත් එකෙක් ඉල්ලන් කෑවොත් මිසක් කිසිම අනතුරක් හිරිහැරයක් නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    රත්තරං;18435540 said:
    බලන් ගිහාම ඇමරිකාවට වඩා මිඩ්ල් ඊස්ට්(සෞදිය හැර) දාස් ගුනයක් හොදයිනේ බන්:lol::lol::lol:

    ඔය ඩුබායි වල එහෙම සේෆ්ටිය 100ට 100යි. එහෙමත් එකෙක් ඉල්ලන් කෑවොත් මිසක් කිසිම අනතුරක් හිරිහැරයක් නෑ
    එකෙන්ම බන් මිඩ්ල් ඉස්ට් හොඳයි සෞදිය ඇරෙන්න .අවුල ඉතිං රස්නේයි කැමයි තමා .
    ඩුබායි කටාර් වගේ එව්වා හම්බයො උනාට සිස්ටම් එක කන්ට්‍රොල් කරන්නේ යුරොපියන් ඇමරිකන් නිසා රටේ පොඩි වැදගත් ගතියක් තියෙනවා .කටාර් වල එහෙම ගහගැනීම තහනම් .ගහගත්තොත් ගුටි කාපු එකා ගොඩ ,දතක් එහෙම ගලවගත්තා කියනේ කාට හරි කියලා ගොඩේ ගොඩ .රියාල් 50000 ක් සෙට් වෙනවා.දත කඩපු එකා හිරේ .එක්කෝ ඌ රියාල් 50000 ගෙවන්න ඕනේ එහෙම ගෙවන්න බැරිනම් ඒක රජයෙන් ගෙවනවා දත කඩපු එකා හිරේ ඉන්න ඕනේ වටිනාකමට හරියන්න .
    ලොකල් එවුන්ට නම් ඉතිං මොකක්වත් කරන්න ඕනේ නැහැ උන්ට හැම එකම නිකන් .විදුලිය ,ජලය ,අන්තර්ජාලය ,දුරකථන සේවා ,සෞඛ්‍ය ,අධ්‍යාපනය ඒ වගේම සල්ලිත් නිකන් දෙනවා රජයෙන් .ඒ වගේම උන්ට තියෙන ස්පොන්සර්ෂිප් වලින් අනිවා ගානක් සෙට් වෙනවා .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    තැන්ක්ස් මචන් , උඹ මිනිස්සු මුලාවෙලා හිටිය හීනයක යතාර්ථය තේරුම් කරලා දුන්න
    ජිවිතේ කියන්නේ කොහේ හිටියත් අපිට ලැබෙන්න තියෙන දේ විතරයි ලැබෙන්නේ


    ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා . ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා .ඒත් ඇත්ත ඒක නෙමේ .මම දන්න සුද්දෙක් ඉන්නවා එංගලන්තේ ඌ කිව්වෙත් මේ ටිකම තමා .සමහරක් ඉගෙන ගන්න එන එවුන්ව අන්දලා හොර ඩිග්‍රි දෙනවාළු .පස්සේ සල්ලි වලට කෙල උනහම ගොඩාක් උන් පැනලා එක එක තැන් වල ජොබ් දෙකතුන කරනවාළු සල්ලි කීයක් හරි හොයාගන්න .
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා . ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා .ඒත් ඇත්ත ඒක නෙමේ .මම දන්න සුද්දෙක් ඉන්නවා එංගලන්තේ ඌ කිව්වෙත් මේ ටිකම තමා .සමහරක් ඉගෙන ගන්න එන එවුන්ව අන්දලා හොර ඩිග්‍රි දෙනවාළු .පස්සේ සල්ලි වලට කෙල උනහම ගොඩාක් උන් පැනලා එක එක තැන් වල ජොබ් දෙකතුන කරනවාළු සල්ලි කීයක් හරි හොයාගන්න .

    අන්තිමේදී සියලු දෙනාම බලාපොරොත්තුවෙන මානසික සහනය ලබනවා නම් මචන් එතන තම ජිවිතයේ සැප කියන්නේ ....