ඇමරිකාව අපට සතුරු ඇයි?
කිසිදු ජාති ආගම් කුල භේදයක් නොසලකා මේ රටේ ජීවත්වන සියලු ප්රගතිශීලී ජන කොටස් පසුගිය සඳුදා (27 දා) එක හඬින් කතා කළහ. ශ්‍රී ලංකාවට බෝම්බ දැමීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමරිකාවට අවස්ථාවක් ලබා දෙනු පිණිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී රැස් වූයේ එදාය. එදින මහ පාරවලට බට මේ රටේ සියලු ජනයා මානව හිමිකම් කොමිසමේ අධිරාජ්‍යවාදී නීච ප්‍රතිපත්තියට එරෙහිව හඬ නැඟූහ. ශ්‍රී ලංකාවට විදේශික හමුදාවක් එවීමට බැරි වුණොත් ඇමරිකාවට නින්ද නො යන ගතියක් පෙනෙන්නට තිබේ. අඩු ගණනේ සාම සාධක හමුදාවක්වත් මෙහි එවන්නට ඔවුනට වුවමනාව තිබිණ. එහෙත් එබඳු හමුදාවක් එවන්නට කෝ යුද්ධයක්? කෝ ජනවාර්ගික අරගලයක්? කෝ ත්රස්තවාදයක්? ඒ කිසිත් මේ මොහොතේ මේ භූමිය මත නැත. මේ නිසා අධිරාජ්‍යවාදීන්ගේ අරමුණ සාක්ෂාත් කර ගනු සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව අඩුම ගණනේ සම්බාධකයක්වත් පනවා ගන්නට ඉඩ නැත. ඒ සඳහා ඉඩකඩ ලබා ගත හැක්කේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අපට විරුද්ධව යෝජනාවක් සම්මත කර ගෙන එය ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව ය. එහෙත් ආරක්ෂක මණ්ඩලයේදී අපට හිතවත් මහා බලවතුන් වන චීනය හා රුසියාව එම යෝජනාවට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කිරීම ස්ථිර වශයෙන් ම සිදු වන්නේය. මානව හිමිකම් කොමිසමේදී රුසියාව, චීනය මෙන්ම ඉන්දියාව ද අපගේ පැත්ත ගන්නේය. ඒ නිසා ඇමරිකාවේ ව්‍යායාමය නිරර්ථක එකකි. එහෙත් අනාගතයේදී ඇමරිකාව අපෙන් විවිධාකාර අනියම් මාර්ගවලින් පළි ගැනීමට ඉඩ ඇත.
ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රට මෙන්ම ලෝකයේ බලවත්ම රාජධානිය ද වන ඇමරිකාව (මේ රට දැනට බංකොලොත් වෙමින් පවතී) ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් අල්ලාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය වේදිකාව කර ගනිමින් නටන නාඩගම ගැන ලඡ්ජා විය යුතුය. අනුන්ගේ මඟුල් ගෙවල්වල හොදි හැඳිගාන්නට යැමෙන් ඇමරිකාව පළමුවන පාඩම ඉගෙන ගන්නේ වියට්නාම් යුද්ධයෙනි. මේ යුද්ධයේදී ඇමරිකන් සෙබළුන් අති විශාල පිරිසක් මියගිය අතර වියට්නාමයට ගිය ඇමරිකන් සෙබළුන්ගෙන් විශාල පිරිසක් අදටත් ආගිය අතක් නැත. ඉන් පසු ඇමරිකාව විවිධ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය. මුළු මහත් ලතින් ඇමරිකාවේත්, කැරිබියන් දූපත්වලත් නිදහස සහ ස්වෛරීභාවය සූරාකෑමට ඇමරිකාව කටයුතු කළේය. 1950 සිට ඇමරිකාවට අයත් ‘යුනයිටඩ් ෆෘට් කම්පැනි’ නමැති සමාගම ලතින් ඇමරිකාවේ ඉඩම් මිලට ගෙන ඇමරිකාවට අවශ්‍ය කෙසෙල් වැවීම කළේය. ගෝතමාලාව, හොන්ඩියුරස්, නිකරගුවා වැනි රටවල් අනියම් ලෙස පාලනය කළේ මේ සමාගමය. මෙය සැසඳිය හැක්කේ 1505 න් පසු නැඟෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගම නමැති කොම්පැනිය විසින් ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබීමට ය. යුනයිටඩ් ෆෘට් කොම්පැණිය පවතින රටේ ආණ්ඩුව කොම්පැණියට විරුද්ධව ගියොත් ඒ රටේ ආණ්ඩුව පෙරළනු ලැබීම සාමාන්‍ය ක්‍රමය විය. ඒ ආණ්ඩු පෙරළිය පිටුපස ස්ථිර වශයෙන් ම ඇමරිකන් යුද අවි, ඇමරිකන් ගුවන් යානා යනාදිය විය. 1954 දී ගෝතමාලාවේ ආණ්ඩුව යුනයිටඩ් පලතුරු සමාගමට එරෙහිව වීම නිසා බලයෙන් පහ කරන ලදී.
ඇමරිකාවට ඇති ප්රශ්නය අපේ රට සහ ඒ රට අතර ඇති දුර ප්‍රමාණය ය. අපේ රට ඇමරිකාවට අත පෙවිය හැකි හරියේ තිබුණේ නම් මේ රට ගිල දමා හමාරය. ඉන්දියාව වැනි කලාපීය බලවතකුගේ අත පොවන සීමාවේ සිටින අපට කවදාවත් එවැනි කරදරයක් ඉන්දියාවෙන් සිදු වී නැත. ඇමරිකාව ගිය තැන ලේ දහරා ගලා ගියේ ය. ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියේය. එමගින් දස දහස් ගණනක් මළ හ. ඔවුන් ඉරාකයට ගියේ ය. තවත් දස දහස් ගණනක් මළ හ. ඔවුන් පකිස්තානයට බෝම්බ දමා අසරණ සිවිල් වැසියන් ඝාතනය කළේ ය. කුරානයට ගිනි තබා ඉස්ලාම් ආගමට අපහාස කළේ ය. ඇමරිකන් ජනතාවගේ මතය එරට ආණ්ඩුවේ මතයට හාත්පසින් ම වෙනස් ය. රටේ ජනතාව ප්රගතිශිලී වන නමුත් පාලකයන් ප්රතිගාමී ය. මානව හිමිකම් ගැන කතා කරන්නට කිසිදු අයිතියක් ඇමරිකාවට නැත. ඔවුන් ගිය හැම තැනකම කළේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ය. ශ්‍රී ලංකාව යුද්ධය ජය ගත්තේ ඇමරිකාවේ අධි තාක්ෂණික අවි ආයුධ නැතිව ය. එයට රණ විරුවන්ද. දේශපාලන නායකත්වය ද නොසැලී කැප විය. ඇමරිකාවට දරන්නට බැරිත් මෙය ම ය.

http://www.lankacnews.com/sinhala/main-news/49813/