ඇමරිකාව වියට්නාමයට හෙළු කෘෂි රසායන ඉවත් ක
වර්ෂ 1961 සිට 1971 දක්වා වූ කාලය තුළ වියට්නාම වැසියන් ලක්ෂ හතරක් මරාදමමින් ඇමෙරිකානු හමුදාවන් විසින් වියට්නාමය පුරා ඉසින ලද පාරිසරික පද්ධතිය වෙනස් කිරීම සඳහා රසායන ද්‍රව්‍ය කිහිපයක එකමුතුවෙන් සාදාගන්නා ලද දීඔක්ෂන් (Dioxin) ගණයට වැටෙන උග්‍ර පළිබෝධනාශක විස ඇමෙරිකාවේ වියදමින් පිරිසිදු කිරීමට සැරසෙන බව ඊයේ දින (19) පළ වූ ඉතාලි ආන්සා වෙබ් අඩවි වාර්තාවක සඳහන් වේ.
වියට්නාම යුද්ධයේ දී ඇමෙරිකානු විසින් හෙළනු ලැබූ තැඹිලි නියෝතයා (Agent Orange) සහ නිල් නියෝජිතයා (Agent Blue) යන නමින් හඳුන්වනු ලැබූ උග්‍ර විස සහිත පළිබෝධනාශක ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්වූ වියට්නාම භූමී ප්‍රදේශ මෙසේ ඇමෙරිකාව විසින් පිරිසිදු කරනු ලබන බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
රුක්ෂලතා වල පත්‍ර විනාශ කිරීම සඳහා භාවිතා කරනු ලැබූ එක් පලිබෝධනාශකයක් තැඹිලි නියෝතයා යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වනු ලබයි. එය වියට්නාම ගරිල්ලන් වැනසීම සඳහා ඇමෙරිකානු හමුදාවන් වෙත හඳුන්වා දෙනු ලැබූ උග්‍ර විස සහිත කෘෂීරසායනයකි. 1961 සිට 1971 දක්වා වූ කාලසීමාවේ දී ඇමෙරිකානු හමුදා විසින් වියට්නායමයට හෙළනු ලැබූ මෙම විස පළිබෝධනාශකය හේතුවෙන් ලක්ෂ හතරක (4,00,000) වියට්නාම වැසියන් මියගොස් සිටි අතර ඒ හා සමාන පිරිසක් අංගවිකල තත්ත්වයට පත්විය. මෙම උග්‍ර විස හෙළීමෙන් අනතුරුව බිහි වූ ලක්ෂ පහක (5,00,000) වැඩි ළමුන් පිරිසක් අංගවිකල තත්ත්වෙයන්ම උප්පත්තිය ලබා ඇත.
2,4,5-T සහ 2,4-D යන විස කාරක සම ප්‍රතිශතවලින් යෙදීමෙන් සාදා ගන්නා ලද මෙම තැඹිලි නියෝජිතයා නම් උග්‍ර විස ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුවට මොන්සාතේ කොර්පොරේෂන් (Monsanto Corporation) සහ ඩොව් කෙමිකල් (Dow Chemical) යන සමාගම් විසින් හඳුන්වා දෙන ලදී. මෙම තැඹිලි නියෝජිතයා යෙදු 2,4,5-T නම් විස සෑදීම සඳහා යොදාගත් අමුද්‍රව්‍ය අතර අධික විසක් ලෙස සැලකෙන 2,3,7,8 – ටෙට්ට්රාක්ලෝරෝදීබෙන්සෝදීඔක්ෂන් (2,3,7,8-tetrachlorodibenzodioxin – TCDD) නම් ද්‍රව්‍යය අන්තරගතවූ වියට්නාමය බලධාරීන් විසින් පසුව සිදුකරනු ලැබූ පරික්ෂණ වලින් සොයාගන්නා ලදී. මෙම ද්‍රාවනය තැඹිලිපාට ඉරි සහිත වීම හේතුවෙන් එයට තැඹිලි නියෝජිතයා යන නම් තැඹූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තු වාර්තා වල සඳහන් වේ. ලීටර් 200ක් වූ මෙම ද්‍රාවනය වියට්නායමට ඉසිනු ලැබූ ලීටර් කෝටී පහක් (5,00,00,000) වූ දේදූණු පලිබෝධනාශක (Rainbow Herbicides) නමින් හදුන්වනු ලැබූ පළිබෝධනාශක සෑදීම සඳහා ඇමෙරිකා විසින් වියට්නාමයට යවනු ලැබූ බව විකීපේඩියා වෙබ් අඩවියේ සඳහන් වේ.
මෙම දේදුණු පළිබෝධනාශක ලීටර් කෝටි පහ 1962 සිට 1971 දක්වා වූ කාලය තුළදී රැන්ක් හැන්ඩ් (Ranch Hand) නමින් හඳුන්වනු ලැබු විශේෂ මෙහෙයුමක් තුළින් වියට්නාමයට ද නැගෙනහිර ලාඹ්සයට ද ඇතැම් කාම්බෝජයේ ප්‍රදේශ වලට ද එම ප්‍රදේශ වල රුක්ෂලතා වල පත්‍ර වඳවීම සඳහා ගුවනින් යෙදු බව සඳහන් වේ. එහෙත් මෙම උග්‍ර විෂ ගස්වල පත්‍ර හැකීළීම සඳහා නොව වියට්නාම් වැසියන් සමූල ඝාතනය කිරීමේ මූලීක අරමුණ ඇතිව ඉසිනු ලැබූ බව වියට්නාම විද්වතුන්ගෙන් සමන්විත ස්වාධීන පරික්ෂණ කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූ පරික්ෂණයක දී හෙළි වූයේ යැයි ද සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම විස ඉසීම හේතුවෙන් වනාන්තර සහ ජනපද හී පිහිටි රුක්ෂලතා විශාල ප්‍රමාණයක පත්‍ර සීග්‍රයෙන් හැළීගොස් ඇත. ගරිල්ලා භටයින්ට සැඟව සිටීමට ආරක්ෂාව සැපයූ මෙම රුක්ෂලතාවන් විනාශ කර එම ප්‍රදේශ වල වාසය කරන ගරිල්ලා භටයින්ට ආහාර ලබාදීමෙන් සහයෝගය දුන් පිරිස් ඇමෙරිකානු පාලනය සහිත නාගරික ප්‍රදේශ කරා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පළිබෝධනාශක ප්‍රහාරය එල්ල කරනු ලැබූ බව එය සාධාරනීකරනය කරමින් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් එම කාලයේ දී මහත් උජාරුවෙන් සඳහන් කර ඇත.
මෙහිදී, නිල් නියෝජිතයා නමින් හඳුන්වන්වනු ලැබූ ප්‍රථම විස ප්‍රහාරය 1962 දී වියට්නාමයේ භෝග වගාවන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක කර ඇත. 1965 වන විට සියයට හතලිස් දෙකක් (42%) වූ භෝග වගාවන් ප්‍රමාණයකට මෙම ද්‍රාවණය ඉස තිබින. එම කාලය තුලදී මෙම පළිබෝධනාශක ප්‍රහාරය හේතුවෙන් ගම්බද ප්‍රදේශ වලින් දකුණු වියට්නාමයේ නාගරික ප්‍රදේශ කරා වැළ නොකැඩි විශාල පිරිසක් ඇඳීවිත් ඇත. ග්‍රාමීය ප්‍රදේශ වල සිටි ලක්ෂ හතරක් වූ පිරිසක් මෙම පලිබෝධනාශක ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇති අතර ප්‍රහාරය හේතුවෙන් හටගත් දුර්භික්ෂය හේතුවෙන් ග්‍රාමීය ජනයා ඇමෙරිකානු හමුදාවන් විසින් පාලනය කරනු ලබන ප්‍රදේශ කරා වැළ නොකැඩී ඇදී විත් ඇත. මෙම සංක්‍රමණය හේතුවෙන් 1958 දී දකුණු වියට්නාමයේ සිටි ලක්ෂ 28ක් වූ ජනතාව 1971 වනවිට ලක්ෂ 80 දක්වා ඉහළ ගොස් ඇති අතර මින් විශාල පිරිසක් පසුව සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඇමෙරිකානු හමුදාවන් විසින් යොදාගෙන ඇත. ඉනිදු විශාල පිරිසක් පැහැරගෙන යාමෙන් අතතුරුව තැන තැන ඝාතනය කර දමා ද ඇත

වසල හැත්ත....

wimal ge web site eken aran thiyen ne