ඇමරිකාව වියට්නාමයට හෙළු කෘෂි රසායන ඉවත් &#3482

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇමරිකාව වියට්නාමයට හෙළු කෘෂි රසායන ඉවත් &#3482

    වර්ෂ 1961 සිට 1971 දක්වා වූ කාලය තුළ වියට්නාම වැසියන් ලක්‍ෂ හතරක් මරාදමමින් ඇමෙරිකානු හමුදාවන් විසින් වියට්නාමය පුරා ඉසින ලද පාරිසරික පද්ධතිය වෙනස් කිරීම සඳහා රසායන ද්‍රව්‍ය කිහිපයක එකමුතුවෙන් සාදාගන්නා ලද දීඔක්ෂන් (Dioxin) ගණයට වැටෙන උග්‍ර පළිබෝධනාශක විස ඇමෙරිකාවේ වියදමින් පිරිසිදු කිරීමට සැරසෙන බව ඊයේ දින (19) පළ වූ ඉතාලි ආන්සා වෙබ් අඩවි වාර්තාවක සඳහන් වේ.
    වියට්නාම යුද්ධයේ දී ඇමෙරිකානු විසින් හෙළනු ලැබූ තැඹිලි නියෝතයා (Agent Orange) සහ නිල් නියෝජිතයා (Agent Blue) යන නමින් හඳුන්වනු ලැබූ උග්‍ර විස සහිත පළිබෝධනාශක ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්වූ වියට්නාම භූමී ප්‍රදේශ මෙසේ ඇමෙරිකාව විසින් පිරිසිදු කරනු ලබන බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
    රුක්‍ෂලතා වල පත්‍ර විනාශ කිරීම සඳහා භාවිතා කරනු ලැබූ එක් පලිබෝධනාශකයක් තැඹිලි නියෝතයා යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වනු ලබයි. එය වියට්නාම ගරිල්ලන් වැනසීම සඳහා ඇමෙරිකානු හමුදාවන් වෙත හඳුන්වා දෙනු ලැබූ උග්‍ර විස සහිත කෘෂීරසායනයකි. 1961 සිට 1971 දක්වා වූ කාලසීමාවේ දී ඇමෙරිකානු හමුදා විසින් වියට්නායමයට හෙළනු ලැබූ මෙම විස පළිබෝධනාශකය හේතුවෙන් ලක්‍ෂ හතරක (4,00,000) වියට්නාම වැසියන් මියගොස් සිටි අතර ඒ හා සමාන පිරිසක් අංගවිකල තත්ත්වයට පත්විය. මෙම උග්‍ර විස හෙළීමෙන් අනතුරුව බිහි වූ ලක්‍ෂ පහක (5,00,000) වැඩි ළමුන් පිරිසක් අංගවිකල තත්ත්වෙයන්ම උප්පත්තිය ලබා ඇත.
    2,4,5-T සහ 2,4-D යන විස කාරක සම ප්‍රතිශතවලින් යෙදීමෙන් සාදා ගන්නා ලද මෙම තැඹිලි නියෝජිතයා නම් උග්‍ර විස ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවට මොන්සාතේ කොර්පොරේෂන් (Monsanto Corporation) සහ ඩොව් කෙමිකල් (Dow Chemical) යන සමාගම් විසින් හඳුන්වා දෙන ලදී. මෙම තැඹිලි නියෝජිතයා යෙදු 2,4,5-T නම් විස සෑදීම සඳහා යොදාගත් අමුද්‍රව්‍ය අතර අධික විසක් ලෙස සැලකෙන 2,3,7,8 – ටෙට්‍ට්‍රාක්ලෝරෝදීබෙන්සෝදීඔක්ෂන් (2,3,7,8-tetrachlorodibenzodioxin – TCDD) නම් ද්‍රව්‍යය අන්තරගතවූ වියට්නාමය බලධාරීන් විසින් පසුව සිදුකරනු ලැබූ පරික්‍ෂණ වලින් සොයාගන්නා ලදී. මෙම ද්‍රාවනය තැඹිලිපාට ඉරි සහිත වීම හේතුවෙන් එයට තැඹිලි නියෝජිතයා යන නම් තැඹූ බව ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තුමේන්තු වාර්තා වල සඳහන් වේ. ලීටර් 200ක් වූ මෙම ද්‍රාවනය වියට්නායමට ඉසිනු ලැබූ ලීටර් කෝටී පහක් (5,00,00,000) වූ දේදූණු පලිබෝධනාශක (Rainbow Herbicides) නමින් හදුන්වනු ලැබූ ‍පළිබෝධනාශක සෑදීම සඳහා ඇමෙරිකා විසින් වියට්නාමයට යවනු ලැබූ බව විකීපේඩියා වෙබ් අඩවියේ සඳහන් වේ.
    මෙම දේදුණු පළිබෝධනාශක ලීටර් කෝටි පහ 1962 සිට 1971 දක්වා වූ කාලය තුළදී රැන්ක් හැන්ඩ් (Ranch Hand) නමින් හඳුන්වනු ලැබු විශේෂ මෙහෙයුමක් තුළින් වියට්නාමයට ද නැගෙනහිර ලාඹ්සයට ද ඇතැම් කාම්බෝජයේ ප්‍රදේශ වලට ද එම ප්‍රදේශ වල රුක්‍ෂලතා වල පත්‍ර වඳවීම සඳහා ගුවනින් යෙදු බව සඳහන් වේ. එහෙත් මෙම උග්‍ර විෂ ගස්වල පත්‍ර හැකීළීම සඳහා නොව වියට්නාම් වැසියන් සමූල ඝාතනය කිරීමේ මූලීක අරමුණ ඇතිව ඉසිනු ලැබූ බව වියට්නාම විද්වතුන්ගෙන් සමන්විත ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූ පරික්‍ෂණයක දී හෙළි වූයේ යැයි ද සඳහන් වේ.
    කෙසේ වෙතත් මෙම විස ඉසීම හේතුවෙන් වනාන්තර සහ ජනපද හී පිහිටි රුක්‍ෂලතා විශාල ප්‍රමාණයක පත්‍ර සීග්‍රයෙන් හැළීගොස් ඇත. ගරිල්ලා භටයින්ට සැඟව සිටී‍මට ආරක්‍ෂාව සැපයූ මෙම රුක්‍ෂලතාවන් විනාශ කර එම ප්‍රදේශ වල වාසය කරන ගරිල්ලා භටයින්ට ආහාර ලබාදීමෙන් සහයෝගය දුන් පිරිස් ඇමෙරිකානු පාලනය සහිත නාගරික ප්‍රදේශ කරා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පළිබෝධනාශක ප්‍රහාරය එල්ල කරනු ලැබූ බව එය සාධාරනීකරනය කරමින් ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව විසින් එම කාලයේ දී මහත් උජාරුවෙන් සඳහන් කර ඇත.
    මෙහිදී, නිල් නියෝජිතයා නමින් හඳුන්වන්වනු ලැබූ ප්‍රථම විස ප්‍රහාරය 1962 දී වියට්නාමයේ භෝග වගාවන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක කර ඇත. 1965 වන විට සියයට හතලිස් දෙකක් (42%) වූ භෝග වගාවන් ප්‍රමාණයකට මෙම ද්‍රාවණය ඉස තිබින. එම කාලය තුලදී මෙම පළිබෝධනාශක ප්‍රහාරය හේතුවෙන් ගම්බද ප්‍රදේශ වලින් දකුණු වියට්නාමයේ නාගරික ප්‍රදේශ කරා වැළ නොකැඩි විශාල පිරිසක් ඇඳීවිත් ඇත. ග්‍රාමීය ප්‍රදේශ වල සිටි ලක්‍ෂ හතරක් වූ පිරිසක් මෙම පලිබෝධනාශක ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇති අතර ප්‍රහාරය හේතුවෙන් හටගත් දුර්භික්‍ෂය ‍හේතුවෙන් ග්‍රාමීය ජනයා ඇමෙරිකානු හමුදාවන් විසින් පාලනය කරනු ලබන ප්‍රදේශ කරා වැළ නොකැඩී ඇදී විත් ඇත. මෙම සංක්‍රමණය හේතුවෙන් 1958 දී දකුණු වියට්නාමයේ සිටි ලක්‍ෂ 28ක් වූ ජනතාව 1971 වනවිට ලක්‍ෂ 80 දක්වා ඉහළ ගොස් ඇති අතර මින් විශාල පිරිසක් පසුව සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඇමෙරිකානු හමුදාවන් විසින් යොදාගෙන ඇත. ඉනිදු විශාල පිරිසක් පැහැරගෙන යාමෙන් අතතුරුව තැන තැන ඝාතනය කර දමා ද ඇත
     
    • Like
    Reactions: ModelSriLanka

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් රහසේ පිට වූ විඩීයෝපට වලට අනුව 1971 වසරේ දී පමණක් රැන්ක් හැන්ඩ් මෙහෙයුම මඟින් 6,542 වතාවක් මෙම ද්‍රාවණය ගුවනින් ඉස ඇත. දකුණු වියට්නාමයේ ප්‍රදේශ වලින් සියයට දෙළහක් (12%) පූර්ණ වශයෙන් මෙම පත්‍ර වඳවීමේ කෘෂීරසායන ප්‍රහාරයට ලක්වී ඇත. පසුව ඇමෙරිකාව විසින්ම දකුණු වියට්නාමයේ කුඩා ප්‍රදේශයක පමණක් සිදුකල පර්යේෂණයකට අනුව ඇමෙරිකානු කෘෂිකර්ම දේපාර්තුමේන්තුව (USDA) විසින් සම්මත කර ඇති මට්ටමටත් වඩා 13 ගුණයකින් වැඩි විස ප්‍රමාණයක් එම ප්‍රදේශයේ අන්තරගත වූ බව හෙළී වී ඇත. දකුණු වියට්නාමයේ පිහිටි ප්‍රදේශවල පමණක් මෙම විස කෘෂීරසායනය හෙට්ටයාර් කෝටියක පමණ වූ වගාබිම් ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ කරමින් ඉස තිබින යැයි විකීපෙඩීයා වාර්තා වල සඳහන් වේ. මින් ඇතැම් ප්‍රදේශ වල පිහිටි පසේ සහ ජලයේ පමණක් ටීචීඩීඩී (TCDD) නම් උග්‍ර වස ඇමෙරිකානු පාරිසරික ආරක්‍ෂක ඒජන්සිය (USEPA) විසින් සම්මත කර ඇති මට්ටමට වඩා සිය ගණනක වූ වැඩි ප්‍රමාණයකින් අඩංගුව පැවති බව සඳහන් වේ. වර්ෂ නවයක් තුල දී දකුණු වියට්නාමයේ පිහිටි කැළෑ ප්‍රදේශ වලින් සියයට විස්සක (20%) ප්‍රදේශයක් පුරා මෙම විස ඉස තිබූ බවද සඳහන් වේ.
    වියට්නාමය තුළ ඉසින ලද මෙම දීඔක්ෂන් පලිබෝධනාශක විස ඇමෙරිකාව විසින් වියට්නාම වැසියන් ග්‍රාමීය ප්‍රදේශ වලින් පළවා හැරීම සඳහා සැලසුම් කරන ලද වැඩසටහනක (forced draft urbanization)අංගයක් බවද සඳහන් වේ. එනම් ග්‍රාමීය වියට්නාම් ජනතාව විසින් වියට්නාම ගරිල්ලන්ට ලබාදෙන ආධාර අනුබල නැවැත්වීම සඳහා ඇමෙරිකානු හමුදාවේ මෙහෙයුමක් ලෙස එය භාවිතා කර ඇත. එහිදී එම ජනතාවගේ ආහාර සුරක්‍ෂිතභාවය සම්පූර්ණයෙන්ම විනාශ කර දූර්භික්‍ෂයක් ඇති කිරීම මඟින් ඔවුන්ව එම ප්‍රදේශ වලින් ඇමෙරිකානු පාලන ප්‍රදේශ කරා ගෙන්වා ගැනීම සඳහා මෙම දීඔක්ෂන් පලිබෝධනාශක විස මුදාහැරීම යොදාගන්නා ඇත.
    දීඔක්ෂන් පලිබෝධනාශක විස ඉසීම හෙලිකොප්ටර් යානා සහ පහතින් පියාසර කළ හැකි සී-123 ප්‍රතිපාදකය (C-123 Provider) නමින් හඳුන්වනු විශේෂිත ගුවන්යානා යොදාගනීමින් සිදුකර ඇත. මෙම ගුවන්යානා සඳහා එම්සී-1 අවර්ග්ලාස් (MC-1 Hourglass) නමින් හදුන්වනු ලැබන ලීටර් 3,800 යේ විශේෂිත වූ ඉසින මෙවලම් කට්ටල පද්ධතීන් සවිකර ඇත. තවද, විස ඉසීම සඳහා ට්‍රක්රථ, බෝට්ටු මෙන්ම උරවලින් සෑදූ ඉසිනද යොදා ගත් බව සඳහන් වේ.
    මෙම පලිබෝධනාශක ඉසිමේ ප්‍රථම රැන්ක් හැන්ඩ් මෙහෙයුම 1962 ජනවාරි 9 වන දින ක්‍රියාත්මක කර ඇත. එම ප්‍රථම මෙහෙයුමේ දී ග්‍රාමීය ප්‍රදේශ හෙක්ටයාර් ලක්‍ෂ පනහක (වර්ග කිලෝමීටර 20,000) වගාබිම් අවරණය වන පරිදි මෙම විස ඉස ඇත. පූර්ණ වශයෙන් දකුණු වියට්නාම කැළෑ ප්‍රදේශ 20% ක් වසර නවයක් තුළ මෙම උග්‍ර විස ඉස ඇත.
    1965 දී ඇමෙරිකානු‍ කොංග්‍රසයේ සාමාජිකයින් විසින් මෙම විස ඉසීම පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙවැනි වූ දෙයකි.
    “බවභෝග විනාශ කිරීම වියට්නාම ගරිල්ලන්ගෙන් එම ප්‍රදේශ මුදවා ගැනීම සඳහා ගතයුතු අත්‍යය අවශ්‍යය ක්‍රියාමාර්ගයක් වූවා. නමුත් කැළෑ ප්‍රදේශ වල පිහිටි වෘක්‍ෂලතා වල පත්‍ර විනාශ කිරීම සඳහා පමණයි අපි එය භාවිතා කිරීමට ඉඩ දී ඇත්තේ” යැයි ඇමෙරිකානු ජනතාව විසින් කරුනු විමසීමකදී ඇඟට නොගෙනම ඔවුන් පවසා ඇත.
    මෙහෙයුම සඳහා පිටත්ව යන ඇමෙරිකානු හමුදා භටයින්ගෙන් කරුනු විමසීමකදී “ගරිල්ලන්ගේ ප්‍රදේශ මුදවා ගැනීම සඳහා තැඹිලි නියෝජිතයින්ව විසුරුවා හරිනවා.” යැයි සිනාමුසු මුහුණින් යුතුව දැවැන්ත මෙහෙයුමක් සඳහා යාමට පෙර ජයග්‍රහාහී ප්‍රකාශයක් සිදුකරන ආකාරයෙන් දකුණතේ මහපට ඇඟිල්ල උඩට ඔසවමින් පවසා ඇත. 1970 වසරේදී තුළ දී පමණක් කුවන්ග් නගායි (Quang Ngai) නමින් හඳුන්වනු ලබන පළාත 85% කින් ආවරනය වන පරිදි මෙම විස ඉස ඇත. එම ප්‍රදේශයේ පැතිරී ගිය දුර්භීක්‍ෂයෙන් ඇති වූ මන්දපෝෂණය නිසාවෙන් සිය දහස් ගණනක් මිනිසුන් මියගොස් ඇත. කෑමට කිසිවක් නොවු කළ එකළ වියට්නාම වැසියෝ ගස්වල පොතු තම්බා අනුභව කළ බව ඇතැම් වාර්තා වල සඳහන් වේ.
    වියට්නාම රතුකුරුස හමුදා වාර්තාවලට අනුව ලක්‍ෂ තිහක් (3,00,000) වූ වියට්නාම වැසියන් තැඹිලි නියෝජිතයා නම් විසට ඝෘජුවම ගොදුරු වී ඇත‍. මින් ළමුන් 1,50,000 ක් සම්පූර්ණයෙන්ම අංගවිකලව ඉපදී ඇත.
    වියට්නාම විදේශ අමාත්‍යංශ වාර්තා වලට අනුව ලක්ෂ හතතිස් අටක් (48,00,000) වූ වියට්නාම් වැසියන් ප්‍රමාණයක් මෙම තැඹිලි නියෝජිත විසට ඝෘජුවම ගොදුරු වී ඇතැයි සඳහන් වේ. එහි ප්‍රථිපලයක් වශයෙන් ලක්ෂ හතරක් (4,00,000) වූ ජනතාවක් මියගොස් ඇතැයි ද තවත් ලක්‍ෂ හතරක් වූ පිරිසක් අංගවිකල ද වී ඇත. එම වාර්තා වලට අනුව ලක්‍ෂ පහක් (5,00,000) ක් වූ දරුවන් අංගවිකලව ඉපිද ඇත.
    තැඹිලි නියෝජිත විසට ගොදුරු වූ අති විශාල පිරිසකගෙන් බිහිවූ මතු පරිම්පරාවල් බහුවිධි ලෙඩරෝගවලින් අදටත් පීඩා විදින බව සඳහන්ය. මෙම රෝග අතර තල්ල විකෘතිවීම්, මානෂික ආබාධ, හර්නියා රෝගය, දැතේ සහ පයේ ඇඟිළි අඩු වැඩිවීම් සහ විකෘති රූප ස්භාවයන් වලින් සමන්විත ජාන විකෘතිතා සහිත උපත් සඳහන් වේ. 1970 වර්ෂයේ දී ඉතා ඉහළ ප්‍රතිශතයකින් යුත් දීඔක්ෂන් විස දකුණු වියට්නාම කාන්තා මව්කිරි වලද අන්තර්ගත වී ඇත. තවද පාරිසරික පද්ධතියේ සමතුලිතාව සම්පූර්ණයෙන් විකෘතිවීම නිසාවෙන් ආහාරවල වසවිස අන්තරගතවීමෙන් කොන්ද අ‍ාශ්‍රීත ලෙඩ මෙන්ම පෙහළු, උගුරු සහ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රීත එකිනෙකට වෙනස් වූ පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයක් හමුවී ඇත.
    ඉහත ආන්සා වාර්තාවට අනුව ‍ඇමෙරිකාව වියදමින් තැඹිලි නියෝතයා නම් පළිබෝධනාශකයේ අඩංගු වූ වියට්නාම් භූමිය පුරා පැතිර ඇති “ටෙට්‍ට්‍රාක්ලෝරෝදීබෙන්සෝදීඔක්ෂන්” විස මෙසේ පිරිසිදු කිරීමට සැරසෙන බව සඳහන් වේ.
    එහෙත්, මෙම ප්‍රහාරය හේතුවෙන් මෙතෙක් මියගිය පිරිස් වලට, අංගවිකල තත්ත්වයන්ට පත්වූවන්ට සහ විනාශ වූ වගාබිම් වලට ඇමෙරිකාව විසින් කිසිදු වන්දි මුදලක් ලබාදෙනු නො ලැබේ.
    තවද, මෙම නීච ක්‍රීයාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හෝ වෙනත් බටහිර මානව හිමිකම් සංවිධානයක් හෝ මෙතෙක් ඇමෙරිකාව වෙත මේ පිළිබඳව මානවහිමිකම් කඩකිරීමේ චෝදනාවක් හෝ යුඬ අපරාධ චෝදනාවක් හෝ ගොනු කර ද නොමැත.
    මෙවැනි ක්‍රියාවන් නීච ක්‍රියාවන් ලෙස ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාව අඳටත් සළකන බවක් නෙපෙනේ. එයට හේතුව ඒක දේව වාදී බටහිර න්‍යාය ලෝකය මත කෙසේ හෝ පැතිරවීමේ සුවිශේෂී වූ බලයක් අහංකාර මමක්කාර බටහිර සමාජයට ඇතැයි ඔවුන් විසින් දැඩිව විශ්වාස කරන බැවිනි. වියට්නාමයෙන් පසුව ඉරාකය, අෆ්‍ගනිස්ථානය සහ දැන් ලිබියාවේ ද වන ලෙස මෙම තුජ්ජ ක්‍රියාවන් ඔවුන් විසින් නිරතුරුවම ක්‍රියාත්මක කරමින් සිටිති. ඉදිරියේදීත් ක්‍රියාත්මක කරනු ඇත. සමස්ත ලෝකයේම පැවැත්ම වෙනුවෙන් කවු‍රුන් විසින් හෝ බටහිර ලෝකය විසින් දරාගෙන සිටින මෙම මතවාදය යුඬමය වශයෙන් පරාජය කළ යුතුව ඇත. එසේ ඔවුන්ව පරාජය කරනු ලබන ජාතිය ලෝකයේ ආශ්චර්යමත් ජාතිය බවට පත්වනවා නොඅනුමානය. ඒ සඳහා අනේක වූ සම්‍යක් දුෂ්ඨික දෙවි දේවතාවුන්ගේ පිහිට ආධාරයද ඔවුන්ට නොඅඩුවම ලැබෙනු ඇත.


    වැදගත් කියලා හිතුනානම් ඉදිරියට අරන් රෙප් එකක් දෙන්න
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මානව හිමිකම් කාරයෝ කෝ!!!

    යුධ අපරාධ චෝදනා කෝ !!!

    චැනල් 4 කෝ !!!

    දරුස්මාන්ලා කෝ!!!

    බෑන් කී මූන් ලා කෝ !!!!

    අනේ ලංකාවෙ උඩ පනින කට්ටියවත් යවන්න කෝ !!!!!!!!!!!!!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මානව හිමිකම් කාරයෝ කෝ!!!

    යුධ අපරාධ චෝදනා කෝ !!!

    චැනල් 4 කෝ !!!

    දරුස්මාන්ලා කෝ!!!

    බෑන් කී මූන් ලා කෝ !!!!

    අනේ ලංකාවෙ උඩ පනින කට්ටියවත් යවන්න කෝ !!!!!!!!!!!!!



    කෝ තමා මචං ඉතින්....:sorry: වසල හැත්ත....:angry: අර LKDOOD කෝ.....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔච්චර කරලත් අන්තිමට ඇමරිකාව යුද්ධෙ පරාදයි.... ඇමරිකාව ලෝකෙ පුරා දීල තියෙන චාටර් ගේම් කියල ඉවර කරන්න අමාරුයි.....
    හැබැයි ෆිල්ම්ස් වලින් පෙන්නන්නෙ ඒ ගොල්ලන්ට වඩා වැඩකාරයො/මානව හිමිකම් වලට ගරු කරන අය ලෝකෙ වෙන කොහෙවත් නැහැ කියල.... :lol:

    හොඳ පෝස්ට් එකක්... source එකත් දැම්ම නම් තමයි හොඳ :yes:
     
    • Like
    Reactions: ModelSriLanka

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔච්චර කරලත් අන්තිමට ඇමරිකාව යුද්ධෙ පරාදයි.... ඇමරිකාව ලෝකෙ පුරා දීල තියෙන චාටර් ගේම් කියල ඉවර කරන්න අමාරුයි.....
    හැබැයි ෆිල්ම්ස් වලින් පෙන්නන්නෙ ඒ ගොල්ලන්ට වඩා වැඩකාරයො/මානව හිමිකම් වලට ගරු කරන අය ලෝකෙ වෙන කොහෙවත් නැහැ කියල.... :lol:

    හොඳ පෝස්ට් එකක්... source එකත් දැම්ම නම් තමයි හොඳ :yes:


    :yes::yes::yes:
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මානව හිමිකම් කාරයෝ කෝ!!!

    යුධ අපරාධ චෝදනා කෝ !!!

    චැනල් 4 කෝ !!!

    දරුස්මාන්ලා කෝ!!!

    බෑන් කී මූන් ලා කෝ !!!!

    අනේ ලංකාවෙ උඩ පනින කට්ටියවත් යවන්න කෝ !!!!!!!!!!!!!

    ඇත්තම ඇත්ත.........
    :yes::yes::yes::yes:
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    634
    71
    28
    HELL
    Gud post+ but.......Makkage kathawa wage...anthimata ivara wenne deshadrohi deshapremi aragalayakin...lol
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොද පෝස්ට් එකක්.
    ලංකාවට ඇගිල්ල දික් කරන කවුරුවත් මේ ගැන නිකමට වත් හොයල බැලුවද?
    රෙප්+
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හොද පෝස්ට් එකක්.
    ලංකාවට ඇගිල්ල දික් කරන කවුරුවත් මේ ගැන නිකමට වත් හොයල බැලුවද?
    රෙප්+

    ස්තුතියි යාලුවා ‍රෙප් වලට