ඇමරිකාව_සිරියාවට පහර දෙන දවස හෙටද?
රසායනික අවි ප්‍රහාරයෙන් 1300ක් පමණ මියයෑම හේතුකොටගෙන සිරියාවට පහරදීමට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය මේ වනවිට සූදානම් වෙනවා.
ඒ සඳහා සබ්මැරීන් හා යුධ ප්‍රහාරක නෞකා 4ක් මේ වනවිට සිරියාව අවට මුහුදේ ස්ථාන කරමින් පවතින අතර පැය 24ක් ඇතුලත මෙම පහරදීම සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
පෙරේදා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හා බ්‍රිතාන්‍ය අගමැති කැමරන් අතර විනාඩි 40ක පමණ දුරකථන සාකච්ජාවක් පැවති අතාර එහි තීරණය පැය 48ක් ඇතුලත ක්‍රියාත්මක කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.
ඉන් පසුව ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍ය අගමැති වරයා විසින් හදිසියේම පාර්ලිමේන්තුව කැඳවූ අතර එහිදී අමාත්‍ය මණ්ඩලයේ තීරණය වී ඇත්තේද සිරියාව පහරදිය යුතු බවයි.
ඒ අනුව ඇමරිකාව විසින් F-16 ප්‍රහාරක යානා හා රේඩාර් වලට හසු නොවන අති නවීන ප්‍රහාරක ගුවන් යානාවක් වන B-2 (B2 stealth bomber) යානාද මේ සඳහා යොදාගැනීමට නියමිතයි.
B2 යනු ස්ටර්ලිං පවුම් මිලියන 600ක ලොව වැඩිම වටිනාකම සහිත ප්‍රහාරක යානයයි.
රාත්තල් 40,000ක බෝම්බ ගෙන යා හැකි මෙහි වරක් ඉන්ධන පිරවීමෙන් සුපර් සොනික් වේගයෙන් කිලෝමීටර් 9,600ක් දුර පියාසර කළ හැකිය.
එමෙන්ම බ්‍රිතාන්‍ය විසින් Tornado GR4 ප්‍රහාරක යානා මඟින් Storm Shadow මිසයිලද එල්ල කෙරෙනු ඇති. Tornados යනු වරක් ඉන්ධන පිරවීමෙන් කිලෝමීටර් 4,200ක් දුර පියාසර කළ හැකි ප්‍රහාරක යානයකි.
Storm Shadows මිසයිලයට කිලෝමීටර් 150ක් දුර පිහිටි සතුරු ඉලක්ක කරා ගමන් කළ හැකිය. එය කිලෝග්‍රෑම් 1300ක් බර වන අතර අධි තාක්ෂණික GPS ඇසුරෙන් ඉලක්කය සොයාගනී. සිරියාවට අසල්වැසි රට වන ජෝදානය ඇමරිකානු මිත්‍ර රටක් වන නිසා ජෝදානයේ ගුවන් පථ මේ සඳහා යොදාගැනීමට නියම්තය.
ගුවන් ප්‍රහාර වලට අමතරව නෞකා මඟින් Tomahawk මිසයිලද සිය ගණනක් සිරියාවට එල්ලකිරීම ඇමරිකාව බලාපොරොත්තු වේ. ඒ සඳහා අවශ්‍ය ඉලක්ක සිතියම් ගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
දිගින් අඩි 18ක් වන මෙම මිසයිලයට සැතපුම් 1200ක් දුර ඉලක්කයක් හඹාගන යා හැකිය. ලිබියවට පහරදීමේදී ඇමරිකාව විසින් මුල් පැය 24ක් ඇතුලත මෙම Tomahawk මිසයිල 1,100ක් එල්ලකරන ලද අතර බ්‍රිතාන්‍ය විසින් මිසයිල 124ක් එල්ල කරන ලදි. .

e meruna minissunge age wahapu messoth merila wetunalu e tharam wisa mun gahala thiyenne 