ඇමරිකාව_සිරියාවට පහර දෙන දවස හෙටද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඇමරිකාව_සිරියාවට පහර දෙන දවස හෙටද?

    රසායනික අවි ප්‍රහාරයෙන් 1300ක් පමණ මියයෑම හේතුකොටගෙන සිරියාවට පහරදීමට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය මේ වනවිට සූදානම් වෙනවා.


    Siria+Attack-33000lk-.jpg


    ඒ සඳහා සබ්මැරීන් හා යුධ ප්‍රහාරක නෞකා 4ක් මේ වනවිට සිරියාව අවට මුහුදේ ස්ථාන කරමින් පවතින අතර පැය 24ක් ඇතුලත මෙම පහරදීම සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.

    පෙරේදා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හා බ්‍රිතාන්‍ය අගමැති කැමරන් අතර විනාඩි 40ක පමණ දුරකථන සාකච්ජාවක් පැවති අතාර එහි තීරණය පැය 48ක් ඇතුලත ක්‍රියාත්මක කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

    ඉන් පසුව ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍ය අගමැති වරයා විසින් හදිසියේම පාර්ලිමේන්තුව කැඳවූ අතර එහිදී අමාත්‍ය මණ්ඩලයේ තීරණය වී ඇත්තේද සිරියාව පහරදිය යුතු බවයි.

    ඒ අනුව ඇමරිකාව විසින් F-16 ප්‍රහාරක යානා හා රේඩාර් වලට හසු නොවන අති නවීන ප්‍රහාරක ගුවන් යානාවක් වන B-2 (B2 stealth bomber) යානාද මේ සඳහා යොදාගැනීමට නියමිතයි.

    B2 යනු ස්ටර්ලිං පවුම් මිලියන 600ක ලොව වැඩිම වටිනාකම සහිත ප්‍රහාරක යානයයි.

    රාත්තල් 40,000ක බෝම්බ ගෙන යා හැකි මෙහි වරක් ඉන්ධන පිරවීමෙන් සුපර් සොනික් වේගයෙන් කිලෝමීටර් 9,600ක් දුර පියාසර කළ හැකිය.

    එමෙන්ම බ්‍රිතාන්‍ය විසින් Tornado GR4 ප්‍රහාරක යානා මඟින් Storm Shadow මිසයිලද එල්ල කෙරෙනු ඇති. Tornados යනු වරක් ඉන්ධන පිරවීමෙන් කිලෝමීටර් 4,200ක් දුර පියාසර කළ හැකි ප්‍රහාරක යානයකි.

    Storm Shadows මිසයිලයට කිලෝමීටර් 150ක් දුර පිහිටි සතුරු ඉලක්ක කරා ගමන් කළ හැකිය. එය කිලෝග්‍රෑම් 1300ක් බර වන අතර අධි තාක්ෂණික GPS ඇසුරෙන් ඉලක්කය සොයාගනී. සිරියාවට අසල්වැසි රට වන ජෝදානය ඇමරිකානු මිත්‍ර රටක් වන නිසා ජෝදානයේ ගුවන් පථ මේ සඳහා යොදාගැනීමට නියම්තය.

    ගුවන් ප්‍රහාර වලට අමතරව නෞකා මඟින් Tomahawk මිසයිලද සිය ගණනක් සිරියාවට එල්ලකිරීම ඇමරිකාව බලාපොරොත්තු වේ. ඒ සඳහා අවශ්‍ය ඉලක්ක සිතියම් ගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

    දිගින් අඩි 18ක් වන මෙම මිසයිලයට සැතපුම් 1200ක් දුර ඉලක්කයක් හඹාගන යා හැකිය. ලිබියවට පහරදීමේදී ඇමරිකාව විසින් මුල් පැය 24ක් ඇතුලත මෙම Tomahawk මිසයිල 1,100ක් එල්ලකරන ලද අතර බ්‍රිතාන්ය විසින් මිසයිල 124ක් එල්ල කරන ලදි. .




    Siria+Attack-33000lk-+(1).jpg
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපෝ අර රසායනික අවි ප්‍රහාරයෙන් වැදිච්ච මිනිස්සු විදවන හැටි දැක්කම ඇඩෙනව :(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අපෝ අර රසායනික අවි ප්‍රහාරයෙන් වැදිච්ච මිනිස්සු විදවන හැටි දැක්කම ඇඩෙනව :(

    සිරියානු හමුදාවන්ට එරෙහිවත් රසායනික ප‍්‍රහාරයක්


    සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ ජෝබාර් ප‍්‍රදේශයේ මෙහෙයුම් වල යෙදී සිටි රජයේ හමුදාවන් ඉලක්ක කර ගනිමින් කැරලිකරුවන් විසින් රසායනික අවි ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි සිරියානු ආරක්‍ෂක අංශ පවසා තිබේ. ප‍්‍රහාරය එල්ල වූ ස්ථානයට යොමුකළ හමුදා ඛණ්ඩයක් විසින් ගබඩාවක් තුළ තිබූ ප‍්‍රති විෂ එන්නත් තොගයක් සොයාගෙන ඇත.

    එම ගබඩාවේ තිබූ ඇසුරුම් වල සවුදි අරාබියේ නිෂ්පාදිත බව සටහන් කර තිබූ බවත් ප‍්‍රතිවිෂ එන්නත් කටාර්-ජර්මානු ඖෂධ සමාගම විසින් නිපදවූ ඒවා බවත් සිරියානු හමුදා පවසති. මේ සමග මුහුණු ආවරණ විශාල ප‍්‍රමාණයක් ඇති බවද සඳහන් වේ.

    මේ අතර සිරියානු අර්බුදයට යුධමය විසඳුමක් නොමැති බවත් මෙවැනි කුපිත කිරීමේ ක‍්‍රියාමාර්ග විසින් තත්වය තවදුරටත් උග‍්‍ර දිශාවට හරවන බවත් දක්වන ඉරාන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක අබ්බාස් ඇරක්චි පවසන්නේ සිරියාවට එරෙහි ප‍්‍රහාරයක් මැදපෙරදිග කලාපය පුරා දැඩි ව්‍යාකූලත්වයක් ගොඩනගනු ඇති බවයි.

    සිවිල් වැසියන්ට එරෙහිව කැරලිකරුවන් විසින් රසායනික අවි භාවිතා කරන බවට පැහැදිලි සාක්‍ෂි ඇති බව ඔහ වැඩිදුරටත් පවසා තිබේ. සිදුවීමට පාත‍්‍රවූ ප‍්‍රදේශය වහා අවි පරීක්‍ෂකයන්ට විවෘත කරන ලෙස සිරියානු රජයෙන් ඉල්ලා සිටීම සඳහා අවිහරණ කටයුතු පිළිබඳ උසස් නියෝජිත ඇන්ජලා කේන් දමස්කස් වෙත ගොස් තිබේ.

    මේ අතර සිරියානු කැරලිකරුවන් විසින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ මෙය තමන් විසින් සිදුකරන ලද්දක් යයි නැගෙන විවේචනය සපුරා බැහැර කරන බවයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඒ ගහන ටෝම්හොක් මිසයිලයක් පාර වැරදිලා විල මැද හෝටලයට වැටෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු මචං
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඒ ගහන ටෝම්හොක් මිසයිලයක් පාර වැරදිලා විල මැද හෝටලයට වැටෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු මචං

    :D
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    hamadamath wage oka samanya deyak americawata machanla.. api nodannawa unata americawata wenama agenda ekak thiyanawa loke ratawal sambandawa.. CIA,NSA eke wenama jalayak thiyanawa oya sambandawa.. hambayonta kelina eka wenama katawak eth ape rata ganath unta wenama hidden agenda ekak thiyanawa.. :baffled::baffled:
    oya gana hondama wigrahaya kare john perkins kiyana hitapu CIA ekata sambanda arthika widyanjaya.. porata marana tharjana ella weddima pora pothak liwwa confession of economy hitman kiyala..

    http://en.wikipedia.org/wiki/Confessions_of_an_Economic_Hit_Man

    eke pariwarthanayak thama mamath kiyewwe.. eka kiyewwama pixxu kora wenawa eka eka ratawal walata kelapu hati dakkama.. :frown::frown:

    eka kiyewwama hondatama therum yanawa siriyawe case ekath CIA NSA kumanthranayak kiyala.. eke dekak ne..:yes::yes: