බලපත්‍ර පරීක්ෂණය
මොටර් රථ බලපත්‍ර ලබා ගැනීමේදී මාර්ග පරීක්ෂණය අතරතුර පරීක්ෂකවරයා ගේ සරළ ප්‍රෂ්ණ වලට මුහුණ දෙමින් සිටි පුද්ගලයෙකි.
“ප්‍ර: මෙහෙම යනකොට පාර හරහා අන්ධ පුද්ගලයෙක් මාරු වෙනවා ඔබ දකිනවා.. මොකද කරන්නේ.?
පි: මොකක් කරන්නද..? මගෙ වාහනේ නොම්මර තහඩුව දකින්නේ නැති එක වාසනාවක්.
ප්‍ර: මීදුම තියෙන අවස්තාවක ඔබ රිය පදවන කොට මොනවද පාවිච්චි කරන්නේ..?
පි: වාහනේ හෝන් එක.”
සැලකීම
හොවාර්ඩ් දිනපතාම යන අවන්හල ට එදිනද ගොස් මත්පැන් අලෙවිකරන්නා ට මෙසේ පැවසීය.
"මට විස්කි වීදුරුවක් ගේනවා. ඉන්න හැමෝටමත් විස්කි වීදුරුවක් දෙනවා.., ආ., තමුසෙත් විස්කි වීදුරුවක් බොනවා."
හොවාර්ඩ් කියූපරිදි ම මත්පැන් වීදුරුවක් බැගින් ලබා දී තමාද., විස්කි වීදුරුවක් හිස් කලේය. පසුව හොවාර්ඩ් නැවත ඔහු අමතන්න ට විය.
" මේ...... මට තවත් වටයක් විස්කි අරන් එනවා. තමුසෙත් එකක් බොනවා "
" සමාවන්න, ඒත් ඔබ කලින් වටයට බිල ගෙවලා ඉන්න " අලෙවි කරුවා පැවසීය..
" එහෙම කොහොමද...? මම ගෙවන්නෙ නැහැ., මට සල්ලි නැහැ.. " හොවාර්ඩ් ගේ බස් ඇසූ මත්පැන් අලෙවි කරන්නා ඔහුව අවන්හලෙන් ඉවතට ඇද දැමීය. එහෙත් පසුදින ද හේ අවන්හල ට ගොඩවිය.
" මට විස්කි ගේනවා.., හැමෝටම විස්කි දෙනවා "
සුපුරුදු ලෙස මතපැන් අලෙවි කරන්නාට අණ කලේය. එය ඇසූ ඔහු හොවාර්ඩ් වෙත පැමිණියේ ය.
" ඔබ අද මා ගැන සලකලා නෑ වගේ...? "
" තමුසේ ගැන සලකන්නේ කොහොමද? තමුසේ ඊයේ විස්කි වීදුරුවක් බීල මට සලකපු හැටි මතක නේ...? "
මවුත් වොෂ්
එක් පුද්ගලයෙක් තමන් පුවත්පතක කියැවූ ලිපියක් ගැන දීර්ඝ විස්තරයක් කරමින් අවසානයේ මෙසේ පැවසීය.
" ඔබ දන්නවාද මම හුස්ම ගන්න වාරයක් පාසා එක් පුද්ගලයෙක් මැරෙනවා කියලා "
එවිට අනෙක් පුද්ගලයා පිළිවදන් දෙමින් මෙසේ පැවසීය..
" හරි කතාවක්නේ තමුසේ කියන්නෙ.., මවුත් වොෂ් එකක් පාවිච්චි කරලා බලනවකෝ "
ජාවාරම
ඇමරිකන්-මෙක්සිකෝ දේශසීමාව හරහා එක්තරා පුද්ගලයෙක් තම පාපදියෙන් යන අතර තුර එහි මුර භටයෙක් ඔහු නතර කලේ ය. සයිකල් කරුවා ගේ පිටෙහි වූ බෑගය දෙස බලමින් මුරභටයා ඔහුගෙන් ප්‍රශ්ණ කරන්න ට විය.
" මොනවද බෑග් එකේ..? "
" වැලි. "
" වැලි..! එහෙම කියලා බෑ.., පරීක්ෂා කරන්න ඕනෑ.."
බයිසිකල් කරු මුරභටයා ට වැලි බෑගය දුන්නේය. කිසිත් නොවීය. වැලි බෑගයා හා යෑමට අවසර ලැබිණි.. සති 2 කට පසුවත් මෙලෙසම බයිසිකල් කරුවා ව සෝදිසිය ට ලක්විය.සැක කරයුතු යමක් නොවූ යෙන් නිදසේ යාමට ලැඉණි. මෙය මාස 6ක ම සෑම සතියක ම වන සිදුවීමක් බවට පත් විය.. දින කිහිපය කට පසුව නගරයේ දී මුරභටයා ට සයිකල් කරු නගරයේ දී හමුවිය...
" ආ.. තමුසෙට පිස්සු කියලා මම හිතන්නෙ නැහැ. අපි දන්නවා තමුසේ මොනවාහරි දේශසීමාව හරහා ජාවාරම් කලා කියලා. ඇත්තට ම තමුසෙ මොනවද ජාවාරම් කලේ..? "
" බයිසිකල් "
වෙනස
අමෙරිකානුවෙක් හා ඉන්දියානුක් අවන්හලක එකම මේසයක වාඩිවිය. චුයින්ගම් හපමින් තම පුරාජේරුව පටන් ගත්තේය.
අමෙරිකානුවා: තමුසෙ කාලා තියෙනවද.., තිරිඟු පිටි..?
ඉන්දියානුවා: ඔව්
අමෙරිකානුවා:අපි එහෙම නෑ. තිරිඟු ඇටය පෝශ්‍යදායක කොටස කාලා රොඩු ටික පිටි කරලා තමුසේලා ට එවනවා.
ඉන්දියානුවා: එහෙමද?
අමෙරිකානුවා: තමුසේ කාලා තියෙනවාද? ජෑම්..?
ඉන්දියානුවා: ඔව්
අමෙරිකානුවා: අපි ඒවා කන්නේ නෑ. අපි අලුත් පළතුරු කාලා කුණු විච්චි අහක දාන පළතුරු ජෑම් ලෙස සකසලා තමුසෙලා ට එවනවා.
මෙතෙක් නිහඬව සිටි ඉන්දියානුවා ඇමෙරිකානුවා ගෙන් මෙසේ ඇසීය.
ඉන්දියානුවා: තමුසේ ඇමෙරිකාවෙදී අනියම් සම්බන්ධතා පවත්වලා තියෙනවද..?
අමෙරිකානුවා: ඔව්..!
ඉන්දියානුවා: ඒ අවස්ථාවල තමුසේලා පාවිච්චි කරන උපත් පාලන කොපු වලට මොකද කරන්නේ..? අමෙරිකානුවා: විසිකරනවා.
ඉන්දියානුවා: තමුසේ දන්නවාද ඉන්දියාවේදී ඒවා එකතු කරලා සකස් කරලා චුවින්ගම් හදලා අමෙරිකාවට එවනවා කියලා...?
උපුටා ගැනීම මන්ත්‍රී බබා