ඇම්ඩා

තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු ඇම්ඩා තනිකඩ ජීවිතයක් ගත කලේය,
ඔහුගේ මව අනෙකුත් නෑයන් යාබද ගමක විසූහ,
නමුත් ඇම්ඩා තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේම ජීවත් විය,
ජනවාරි පළමුදා ඇම්ඩා තම මවට දිවා අහාරයට ආරාධනා කලේය,
තම පුතාගේ ආරාධන සතුටින් පිළිගත් ඇම්ඩාගේ මෙහෙකාරිය ඉතා ආකර්ෂණීය මෙන්ම හොඳ හැඩකාරියක් බව දිවා අහාරය අතරතුරදී ඇම්ඩාගේ මවට දැකගත හැකි විය,
මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය,
මෙහෙකාරිය දුටු වෙලේ සිට මවගෙ ඔලූවෙ දුවන්නට වූයෙ මොවුන් දෙදෙනා අතර මීට වඩා යම්කිසි සම්බන්ධතාවක් තිබිය නොහැකිද යන්නය,
තම පුතා හොඳ කුකුලෙක් බව ඇම්ඩාගේ මව හොඳින් දැන සිටියාය,
තම මව තමා දෙසත්,
තම මෙහෙකාරිය දෙසත් සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් ඇම්ඩා මෙසේ පැවසීය,
“ අම්මා හිතන විදිහෙ කිසිම දෙයක් අපි අතරෙ නෑ....!
ඒ මගේ වැඩකාරි,
එච්චරයි.... ”
ඊට දින තුනකට පමන පසු ඇම්ඩා වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය,
“ මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ,
මහත්තයගේ අම්මා වැර්දිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ, ”
“ හ්ම්ම්....
වෙන්න බෑ,
කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්, ” ඇම්ඩා පිළිතුරු දුනි,
ඇම්ඩා තම මවට මෙසේ ලිවීය :-
ආදර්ණීය අම්මේ,
" මම කියන්නෑ අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා,
ඒ වගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ කියලා මම කියන්නෙත් නෑ,
මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති උනේ,
- ඇම්ඩා....
දින කිහිපයකට පසුව ඇම්ඩා තම මවගෙන ලියුමක් ලැබිනි,
ඇය මෙසේ ලියා තිබුනාය,
ඇම්ඩා පුතේ,
මම කියන්නෑ පුතා වැඩකාර ගෑණිත් එක්ක නිදාගන්නවා කියලා,
ඒ වගේම පුතා ඒකිත් එක්ක නිදාගන්නෙ නෑ කියලා මම කියන්නෙත් නෑ,
මොකද මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ ඔය වැඩකාර ගෑනි තාම එක දවසක්වත් ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ,
නැතතම් ඔය කියන රිදි හැන්ඳ මෙලහකට හම්බවෙලා,
- ආදරණීය අම්මා....
 

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ ඔය වැඩකාර ගෑනි තාම එක දවසක්වත් ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ,
    නැතතම් ඔය කියන රිදි හැන්ඳ මෙලහකට හම්බවෙලා
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    පව් බන් මේ ඇම්ඩා මු ගැන හොද කථා ඇත්තෙම නැද්ද:(