ඇමැතිගේ ලේබල් ගසා ආධාර බෙදීම
ආපදාවෙන් පීඩාවට පත්වූවන් සඳහා දිවයින පුරා පරිත්‍යාගශීලීන් විසින් එක්රැස් කර බෙදා හැරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදෙන භාණ්ඩ දකුණට සම්බන්ධ ඇමැතිවරයකුගේ අමාත්‍යාංශයේ ලේබලයක් යටතේ බෙදා හැරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දුප්පත් පොහොසත් සියලු ලාංකිකයන් තමන්ට හැකි පමණින් විපතට පත් වූවන්ට ආධාර ලබා දීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාණ්ඩ ලබා දෙමින් තිබූ බවත්, එම භාණ්ඩ අදාළ අමාත්‍යාංශයේ ලේබලය යටතේ පසුගිය දින කිහිපය පුරාම බෙදා හැරි බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
ස්වේච්ඡා සංවිධාන, පුරවැසි සංවිධාන, ආගමික සංවිධාන ආදිය පීඩාවට පත් වූවන්ට තම ඇඳිවත හැර අන් සියල්ල පරිත්‍යාග කළ පරිසරයක අවතැන් පිරිස් සඳහා සහන සැලසීම තුළින් මෙලෙස දේශපාලන වාසි ලබා ගැනීම අවමන් සහගත ක්‍රියාවක් බවද එම සංවිධානය පෙන්වා දෙයි.
Link