ඇමැතිගේ ‍ලේබල් ගසා ආධාර බෙදීම

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    ඇමැතිගේ ‍ලේබල් ගසා ආධාර බෙදීම

    ආපදාවෙන් පීඩාවට පත්වූවන් සඳහා දිවයින පුරා පරිත්‍යාගශීලීන් විසින් එක්රැස් කර බෙදා හැරීම සඳහා දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල වෙත ලබාදෙන භාණ්ඩ දකුණට සම්බන්ධ ඇමැතිවරයකුගේ අමාත්‍යාංශයේ ‍ලේබලයක් යටතේ බෙදා හැරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
    දුප්පත් ‍පොහොසත් සියලු ලාංකිකයන් තමන්ට හැකි පමණින් විපතට පත් වූවන්ට ආධාර ලබා දීම සඳහා ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල වෙත භාණ්ඩ ලබා දෙමින් තිබූ බවත්, එම භාණ්ඩ අදාළ අමාත්‍යාංශයේ ‍ලේබලය යටතේ පසුගිය දින කිහිපය පුරාම බෙදා හැරි බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
    ස්වේච්ඡා සංවිධාන, පුරවැසි සංවිධාන, ආගමික සංවිධාන ආදිය පීඩාවට පත් වූවන්ට තම ඇඳිවත හැර අන් සියල්ල පරිත්‍යාග කළ පරිසරයක අවතැන් පිරිස් සඳහා සහන සැලසීම තුළින් මෙලෙස දේශපාලන වාසි ලබා ගැනීම අවමන් සහගත ක්‍රියාවක් බවද එම සංවිධානය පෙන්වා දෙයි.


    Link
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    33-33.jpg


    ඇමති ගයන්ත කරුණාතිලකගේ ඡායාරූපය හා ගංවතුර ආධාර ප්‍රචාරණ වාක්‍ය සහිතව කෙසෙල් ගෙඩි හතරක් සහිත පොලිතින් පැකට්ටුවක ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පතුරුවා ඇත්තේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් බවත් මේ ආකාර ලේබලයක් නිර්මාණාත්මකව මුද්‍රණය කර තමන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන්
    පතුරුවා හැරීම ගැන පරීක්ෂණයක් අවශ්‍ය බවත් කියමින් ඇමති ගයන්ත ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදු කර තිබේ.
    කෙහෙල් ගෙඩි 4 සහිතව ෆේස්බුක් ජාලයේ පළවී ඇති ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මෙය, තමාට දේශසහගත ලෙස අපහාස කිරීමට කවුරුන් හෝ සිදුකරන ලද දෙයක් බව පවසා ඇතතමා ගංවතුර ආධාර ලෙස ජනතාවට බෙදූ බඩුමල්ල රුපියල් 1,500කටත් වඩා වැඩි වටිනාකමින් යුත් බවත් ඒවාට ලේබල් නැති බවත් ඔහු පවසයි.
    ගාල්ලේ බුද්ධිමත් ජනතාවට කෙසෙල් ගෙඩි හතරක් පෙන්වා ඡන්දයක් ජයගත නොහැකි බවද ඔහු කියා ඇත.
    ඇමතිවරයා මේ ගැන අද සිදුකරන ලිඛිත පැමිණිල්ලෙන් පසු මෙම නිර්මාණය කළ අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙනු ඇත.
     
    • Like
    Reactions: Lejayange

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වජිර අබේවර්ධන ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා - අගමැටි රනිල්ග‍ෙ මීළඟ අනුප්‍රාප්තිකයා :lol:
     

    Similar threads