පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී ඊයේ දින සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතාගේ සොහොයුරායි. ඊයේ පෙරවරු හයයි තිහට (6.30) පමණ මෙම අනතුර සිදුව තිබේ.
මහ ඉලුප්පල්ලම පදිංචි ආනන්ද විජේපාල මහතාගේ සොහොයුරා වූ කේ.එස්.එම්. පියසේන දිසානායක (අවුඃ63) යන අය මෙම රිය අනතුරින් මරණයට පත්ව ඇත. ඔහු මහ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගි වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ගැටී ඔහු මරණයට පත්ව ඇත. ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.