ඇමෙරිකාවේ මිනිස්සුන්ට

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇමෙරිකාවේ මිනිස්සුන්ට

    ඇමෙරිකාවේ මිනිස්සුන්ට ඇයි මෙච්චර කන්ඩ හම්බවෙන්නේ?

    ලෝකේ අනික් කවර ජාතියකටත් වඩා ආහාර පරිබෝජනය වැඩි රටක් තමයි ඇමෙරිකාව. ආහාර සුලභයි. හැම නගරයක ඇමෙරිකානු අවන්හල්, මැක්සිකන්, චීන, ඉන්දියානු, මැලේ, තායිලන්ත, වියට්නාම, ටිබෙට්, කොරියන්, එංගලන්ත, ඉතාලි, ස්කොට්ලන්ත, අප්‍රිකානු, ජර්මන්, රුසියන් වගේ ජාත්‍යන්තර කෑම ඕනේ කෙනෙක්ට අරන් කාලා යන්න පුලුවන්. මේ බෝඩරය පැන්නාම මැක්සිකෝවෙත් - කැනඩාවෙත් මෙච්චර කෑම සුලභ නෑ. යුරෝපයෙත් එංගලන්තෙත් අපි දකිනවා කෑම ගනන්. විවිධත්වය අඩුයි. පෝෂණීය ආහාර වේලක් ලංකාවට සාපෙක්ෂව තිබ්බට ඇමෙරිකාවට සාපේක්ෂව අඩුයි. මෙහේ මිනිස්සුන්ගේ කෑම ගොඩක් දෙනෙක් විශේසයෙන් තරුණ පරපුර බැලන්ස් කොරන් - සැලඩ්, පාන් පෙත්තක් දෙකක්, බනිස් පෙති දෙකක් එක්ක එළවලු පලතුරු ප්‍රෝටීන් කොටස අවශ්‍යතරම්. එලවලු පළතුරු හරිම සුළභ දෙයක්. කම්මැලි නැති හැම කෙනෙක්ටම හොද කෑම හදාගන්න පුලුවන් ඕනේ විදියට. සුලු සේවකයාගේ ඉදන් හැමෝටම - කෑම බීම ටික හොදට හම්බ වෙනවා, ඕනේ විදියට.

    කෑම කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක්නේ. ඇයි මේ මිනිස්සුන්ට මෙච්චර පහසුවෙන් කෑම ටික හැමෝටම හම්බ වෙන්නේ. ලංකාවේ, අපේ ගමේ නගරයේ, ධනවතුන් අලයි පරප්පුයි බතුයි මාලු කෑල්ලක් මස් කෑල්ලක් එළවලු ටිකක් එක්ක කෑවට, බහුතරයකට හාල් මැස්සෝ හොදි බත්, සම්බෝල, කරවල හොදි - හොදියි බතුයි හොදියි පානුයි තමයි. නැත්නම් පෝෂ්‍යදායී සමබර කෑම වේලක් නැහැ. එළවලු පළතුරු සමහර වෙලාවට අල්ලපු වැටෙන් පැනලා හොරෙන් කඩා ගත්තු ජම්බු ගෙඩියක්, අඹ ගෙඩියක් තමයි දුප්පතෙකුට. ඇයි අපි දුප්පත්. පිට රට ප්ලේන් වල ගිය අයගෙන් අහන්න - සිංගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව (සමහර), තායිලන්තය, ජපානය, චීනය, යුරෝපය, එංගලන්තය, අමෙරිකාව, අරාබිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තයේ (දකුණු ආසියාව ටිකක් අමතක කොරමුකෝ) - ලෝකේ කොයි අතරට පියැඹුවත් කලාතුරකින් දකින දුප්පත්, පොෂණයෙන් අඩු ශරීරය හරිරයට වර්ධනය නොවිච්ච අපිරිසිදු ඇදුම් ඇදගත් අසහනයෙන් අසතුටින් කලබලයෙන් විඩාවෙන් මිනිස්සු හිටපු රට මොකක්කද කියලා. මූණු පේන විදියට.

    ඉතිං අපෙයි ඇමෙරිකාවෙයි වෙනස මොකක්ද? ස්වබාවික සම්පත්ද? නැහැ. ඇත්තටම වෙනස තමයි හිතන විදිය. මේක වැඩිය සීරියස් ගන්න එපා. නිකන් හිතලා බලන්න. අපිට හිතෙනවා ඇමෙරිකානුවන්ට මෙච්චර කන්න හම්බ වෙන්නේ ඔවුන් සතු විශේෂ ගුණයක් - චරියාවක් නිසා. මොකක්ද චරියාව. මෙකක්ද මේ චරියාවට හේතු වෙච්ච හිතන විදිය?

    ඇමෙරිකානුවෙක්ට පාසැලෙන් සමාජයෙන් කුඩාකාලේ ඉදන්ම උගන්නනාවා - අපි හැමෝම එකයි. එක හා සමාන අයිතිවාසිකම් සතුයි. එක හා සමානව සැලකිය යුතුයි. සමාජය (ගොඩක්) ඒක හදවතින් පිළි ගන්නවා. ගොඩක් වෙලාවට ඒ දේ වෙනවා. අපේ වගේ සමාජ වල තියෙන අනිකා පාත්කිරීමේ ආකල්පය හෝ ඔහුව තමුන් පහසුව තකා පාවිච්චි කිරීමේ හැගීම ඔවුන් තුල එන්නේ නැහැ. තරුණ ගැටවර වයසේ හැමෝම එහේ මෙහේ වැඩ කරනවා. ගොඩක් අය වැඩ කරන්නේ ආපනශාලා වල. (තර්ක කරාවී ඇමෙරිකානු සුදු ජාතික කලු ජාතික වාද බේද අයිතිවාසිකම් අනං මනං ගැන. නමුත් බලන්නකෝ මේ කියන දේ ගැනත් හිතලා). ගොඩක් අයට ගැටවර ටීනේජ් අන්තිම වයසේ වැඩ කිරීම නිසාම අනිකාගේ දුක තේරෙන්නත් ගන්නවා. තමුන් උපයන්නත් හිතනවා. තමුන් වගේම මහන්සිවෙලා වැඩ කරලා වැඩ ඇරිලා එන අනික් කෙනා හොද කෑමක් කාලා විනෝද වෙලා ඉන්න තියෙන කැමත්තත් දන්නවා. ඒකට සිස්ටම් එකක් හැදෙනවා. ඒක තමයි ටිප් එක. ආපනශාලාවේ වැඩ කොරන ගැහුණු පිරිමි ළමයට බිලට 15% ට වැඩි ටිප් එකක් තියෙනවා. මම දැකපු විශේෂත්වය තමයි - ඇමෙරිකානුවන් නොවන අය මේ ටිප් එක තියන්නේ නැහැ - නැත්නම් තියන්න කැමති නැහැ. ගැටවර තරුණ හැම ඇමරිකානු කලු සුදු චීන ඉන්දියන් එවුන් මේක තියනවා මහා උවමනාවකින් වගේම ගෞරවයකින්. ආපනශාලාවේ වැඩ කරන්නේ ලස්සනට පිරිසිදුවට ඇදලා. හරිම උද්යෝගයෙන්. ප්‍රසන්න කතාව නිහතමානී සැලකීම හොද කස්ටමර් සර්විස් එකක් පට්ට විදියට තියෙනවා ගොඩක් තැන්වල.

    ඉතිං ඇමෙරිකානුවෝ ටිප් එක සම්ප්‍රදායක් විදියට ආඩම්බරයෙන් කරන දෙයක්. ඔවුන් එසේ මග ඇරියොත් තමුන් විසින්ම ලැජ්ජාවටත් අසහනයටත් පත්වෙනවා ගිල්ටි (guilty) හැගීමකින්, මම අනිකා කෙරෙහි දයාවක් නැහැ කියලා. ගොඩක් අය පල්ලි යන්නේ නැහැ. නමුත් ටිප් එක දෙන එක දෙනවා හරිම සතුටින් කේවල් නොකර. ගොඩක් අය කඩෙන් කන්නේ. ටිප් නොදෙන කඩ වර්ගත් තියෙනවා. ඒවාගෙත් ටිප් එකක් තියලා යනවා. විශේෂයෙන් හම්බකරන වැඩිහිටියෝ ළමයින්ට ටිප් එක තියලා අනිත් කෙනෙක් සතුටු වෙනවා දැකලා සතුටු වෙලා හරිම සතුටින් ගෙදර යනවා. ළමයි වැඩිහිටියෝ වෙලා ටිප් එක ලොකුවට තියෙලා යන එක ඔවුන්ගේ ජීවිතේ ලබන එක සතුටක්.

    ලංකාවේ අපි, හිතනවා අරපිරිමැස්සම, කියලා වැරදි චෛතසිකයක්. ඒක සම්ප්‍රදායක් - නැත්නම් කල යුතුම දේ කියලා හිතන් අභිමානයෙන් කියවනවා. එහෙම කියලා පොලට ගියත් කඩේට ගියත් කේවල් කරලා කරලා අඩුම මුදලට තියෙන බඩුව අරන් උස්සන් එනවා. ඒ බඩුව විකුණපු මිනිහා විකුණන්නේ අතේ පාඩුවට ගොඩක් වෙලාවට. ගොවියට ඇදුමක් ගන්න කෑම වේලක් හොද කඩේකට ගිහින් කන්න තරම් දිරියක් පාරිබෝගිකයා දෙන්න සූදානම් නැහැ. ගොවියා බඩිගින්නේ වේළි වේළි තරහින් ගෙදර යනවා. නිශ්පාදකත් අසතුටින්. ඒ අතර නිශ්පාදකයටත් කිසිම ප්‍රබෝධයක් නැහැ. මොකක් හරි හොර ක්‍රමයක් බලනවා. අවස්ථාව ලැබුනොත් කාට හරි වංචා කර වැඩි මිලට විකුණන්න හිතනවා. වංචා කරන්න හිතනවා. දැං ලංකාවේ කෙනෙක් දානයක් දුන්නත් -කෙනෙක් අවුරුද්දකට වතාවක් මේ දානය දේවි. මාසයකට සැරයක් දේවි. කුණු කොල්ලෙට කේවල් කොරලා බඩු අරන්, කඩේ අයියටත් කියලා දානයක් කියලා සල්ලි අඩුවට බඩු අරන් - අපි එතනම හදන චෛතසිකය ලෝභ දෝස මෝහ - වලින් මොකක්ද කියලා ඔයාලම හිතන්නකෝ. මේ ලෝභ කම (කුණු කම) අපි හැම කටයුත්තකම සිතේ මුලට ගන්නවා. මේ ලෝභකම කියන සිතුවිල්ල අපිට සීමාව ඉක්මවා හිතන්න බැරි වෙන තාප්පයක් වෙනවා. මේ ලෝභකම කියන සිතුවිල්ල සම්ප්‍රදාය ලෙසත්, නිවැරදි සිතුවිල්ල ලෙසත්, හැම තැනම හැම කටයුත්තකම, අපි පවත්වනවා. ඒක නිසාම ඇත්තටම දානය කියන එක වෙන්නේ බෙහොම කලාතුරකින්. ඒකට සමාජය තුල ක්‍රමවේදයක් (සිස්ටම් එකක්) අපි හදන් නැහැ. ඒ නිසාම අපි සදහටම දුප්පත්. හැබැයි උදේ ඉදන් හවස් වෙනකන් දානය සමානතාව ගැන බණ අහලා කයිවාරු වරු ගණං ගහලා තියෙනවා.

    නමුත් ගොඩක් ඇමෙරිකානුවෝ දානය කියන එක ඇත්තටම ප්‍රායෝගිකවත් අර්ථවත්වත් කොරනවා. ඒකට සිස්ටම් එකක් තියෙනවා - කෑම එකට ටිප් එකක් දෙනවා හැම කෙනෙක් ගොඩක් දවස්වලට පුලුවන් හැම විටම වගේ අවංක උවමනාවෙන්, අවංක හැගීමෙන්. ඒ හින්දා ඇමෙරිකානුවන්ට ඇති වෙන්න කන්න හම්බ වෙනවා. මිනිස්සු රට ඇතුලේ උද්යෝගෙන් වැඩ කරනවා. හැමෝම පිරිසිදුවට අදිනවා. පළදිනවා. රට භෞතික සම්පත් වලින් දියුණු වෙනවා. මේ ක්‍රමය සමාජය නවත්තපු දාට අමෙරිකාවත් අපි වගේ දුප්පත් හිගන රටක් වේවි.

    Artical by - charaka danansooriya
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඇමෙරිකානුවෙක්ට පාසැලෙන් සමාජයෙන් කුඩාකාලේ ඉදන්ම උගන්නනාවා - අපි හැමෝම එකයි. එක හා සමාන අයිතිවාසිකම් සතුයි. එක හා සමානව සැලකිය යුතුයි.

    මෙන්න පොයින්ට්ස් එක. ලංකාවේ මොකක්ද වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ. අම්මයි අප්පයි සිංහලේ, මුස්ලිම් මිනිහෙක් දෙමල මිනිහෙක් දැක්කොත් කියන්නේ තම්බිය දෙමල කියල, කතෝලිකය කුරුසය. පොඩි උනුත් ඉතින් හිත ගන්නවා සිංහලේ තමයි උසස්, අනිත් උන් ඔක්කොම අපිට යටයි, තම්බියෝ කුරුසයෝ දෙමෙල්ලු ඔක්කොම බලන් ඉන්නේ 2500 අරුව එක විනාස කරල අපේ සිරි ලංකා ඇටේ අල්ලගන්න කියල. ඉතින් ඔය ඔලු ඉදිමිලා සිරි ලංකා ඇටේ සූප්පනකන් මේ රටට හරියයිද :rofl::rofl:

    කවදාවත් වෙන මිනිහෙක් හොදක් කරොත් හොදක් කියනවද? මුස්ලිම් මිනිහෙක් මොකක් කොරත් ඒකෙ වද බෙහෙත් :rofl::rofl: කතෝලිකය කට ඇරියොත් උ කතා කරන්නේ NGO සල්ලි වලට :rofl::rofl::rofl:

    අනේ මටනම් හිනා :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sudu23 and lodbrok

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya kiyana deval Attha. But mevath Attha. Agriculture field eka ihalin thiyenava. A vagema Nispadayata dayaka vana America companies desiyava saha videsiya godak thiyenava. Professionals la godak denek Amercans la nevei. Ath Industry owners la godak denek Americans la and Israyel varun[Yudevan].
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    ඔය පයි#වල් නෙවෙයි බන්. අවංකව රට වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරන නිසා තමයි රටවල් දියුණූ වෙන්නේ..1940 ඉදන් 1960 දක්වා ඉපදුන ඇමරිකන් කාරයෙක්ගෙන් අහලා බලපන් මිනිස්සු කොච්චර මහන්සිවෙනවද කියන එක.
    එක දිගට දවස් දෙක විතර කම්මල් ඇතුලේ වැඩ. දැන් කොරියන් කාරයොත් ෆාලෝ කරන්නේ අන්න ඒක. ජපානය,චීනය වගේ රටවල්
    වල ගත්තහම දවස් 4,5 එක දිගට වැඩ කරනවා.
    අනික තමයි දක්ෂයාට අත දෙනවා. තමන්ගේ රටට සල්ලි ටික එන විදිහට තමයි සේරම හඳලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: sudu23

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලෝකේ කොයි අතරට පියැඹුවත් කලාතුරකින් දකින දුප්පත්, පොෂණයෙන් අඩු ශරීරය හරිරයට වර්ධනය නොවිච්ච අපිරිසිදු ඇදුම් ඇදගත් අසහනයෙන් අසතුටින් කලබලයෙන් විඩාවෙන් මිනිස්සු හිටපු රට මොකක්කද කියලා. මූණු පේන විදියට.--මේකනම් ඇත්ත පුතෝ.

    උඹ හොඳ කතාවක් දාල තියෙන්නේ. හිතන්න යමක් තියෙනවා.:yes::yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    USA gihin loku tip denawa dakala mulu ratama duwanne tip eken bargain karana eka adu kamin kiyala hithan liyala thiyenne.
    Deshapalane economics gana danumak aththema na wage.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇමෙරිකානුවෙක්ට පාසැලෙන් සමාජයෙන් කුඩාකාලේ ඉදන්ම උගන්නනාවා - අපි හැමෝම එකයි. එක හා සමාන අයිතිවාසිකම් සතුයි. එක හා සමානව සැලකිය යුතුයි. සමාජය (ගොඩක්) ඒක හදවතින් පිළි ගන්නවා. ගොඩක් වෙලාවට ඒ දේ වෙනවා. අපේ වගේ සමාජ වල තියෙන අනිකා පාත්කිරීමේ ආකල්පය හෝ ඔහුව තමුන් පහසුව තකා පාවිච්චි කිරීමේ හැගීම ඔවුන් තුල එන්නේ නැහැ. තරුණ ගැටවර වයසේ හැමෝම එහේ මෙහේ වැඩ කරනවා. ගොඩක් අය වැඩ කරන්නේ ආපනශාලා වල. ගොඩක් අයට ගැටවර ටීනේජ් අන්තිම වයසේ වැඩ කිරීම නිසාම අනිකාගේ දුක තේරෙන්නත් ගන්නවා. තමුන් උපයන්නත් හිතනවා.

    ජොනී බට්ට;21902465 said:
    මෙන්න පොයින්ට්ස් එක. ලංකාවේ මොකක්ද වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ. අම්මයි අප්පයි සිංහලේ, මුස්ලිම් මිනිහෙක් දෙමල මිනිහෙක් දැක්කොත් කියන්නේ තම්බිය දෙමල කියල, කතෝලිකය කුරුසය. පොඩි උනුත් ඉතින් හිත ගන්නවා සිංහලේ තමයි උසස්, අනිත් උන් ඔක්කොම අපිට යටයි, තම්බියෝ කුරුසයෝ දෙමෙල්ලු ඔක්කොම බලන් ඉන්නේ 2500 අරුව එක විනාස කරල අපේ සිරි ලංකා ඇටේ අල්ලගන්න කියල. ඉතින් ඔය ඔලු ඉදිමිලා සිරි ලංකා ඇටේ සූප්පනකන් මේ රටට හරියයිද :rofl::rofl:

    කවදාවත් වෙන මිනිහෙක් හොදක් කරොත් හොදක් කියනවද? මුස්ලිම් මිනිහෙක් මොකක් කොරත් ඒකෙ වද බෙහෙත් :rofl::rofl: කතෝලිකය කට ඇරියොත් උ කතා කරන්නේ NGO සල්ලි වලට :rofl::rofl::rofl:

    අනේ මටනම් හිනා :rofl::rofl::rofl:

    :yes::yes::yes: Rep added guys!
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :rofl:
    Economy
    ice_cube_wtf_gqvqs30u.gif
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇමරිකාවෙ වේටර් ජොබක් අරන එකෙක් වගේ ලියලා තියෙන්නෙ
    ලංකාවෙ වේටර්ලා වතුර එකක් එහෙම ඉල්ලුවම දෙන්නෙ නැහැ හැට පැයක් යන කල්
    ඉතින් ටිප් නෙමේ ඔළුවට පොලු පාරක් දෙන්න හිතෙන්නෙ :lol:
     
    • Like
    Reactions: CONCORDE777

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ජොනී බට්ට;21902465 said:
    මෙන්න පොයින්ට්ස් එක. ලංකාවේ මොකක්ද වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ. අම්මයි අප්පයි සිංහලේ, මුස්ලිම් මිනිහෙක් දෙමල මිනිහෙක් දැක්කොත් කියන්නේ තම්බිය දෙමල කියල, කතෝලිකය කුරුසය. පොඩි උනුත් ඉතින් හිත ගන්නවා සිංහලේ තමයි උසස්, අනිත් උන් ඔක්කොම අපිට යටයි, තම්බියෝ කුරුසයෝ දෙමෙල්ලු ඔක්කොම බලන් ඉන්නේ 2500 අරුව එක විනාස කරල අපේ සිරි ලංකා ඇටේ අල්ලගන්න කියල. ඉතින් ඔය ඔලු ඉදිමිලා සිරි ලංකා ඇටේ සූප්පනකන් මේ රටට හරියයිද :rofl::rofl:

    කවදාවත් වෙන මිනිහෙක් හොදක් කරොත් හොදක් කියනවද? මුස්ලිම් මිනිහෙක් මොකක් කොරත් ඒකෙ වද බෙහෙත් :rofl::rofl: කතෝලිකය කට ඇරියොත් උ කතා කරන්නේ NGO සල්ලි වලට :rofl::rofl::rofl:

    අනේ මටනම් හිනා :rofl::rofl::rofl:

    දැන් ඉතිං මේ රටට කරුමයක් වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ මිනිහනේ.අනිත් උන් හරි අහිංසකයි නේ.ආගමකවත් ජාතියකවත් වැරැද්ද නෙමෙයි මේ රට කාලයක් තිස්සේ පවත්වා ගෙන ආපු system එකේ වැරැද්ද​
     
    • Like
    Reactions: CONCORDE777

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    දැන් ඉතිං මේ රටට කරුමයක් වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ මිනිහනේ.අනිත් උන් හරි අහිංසකයි නේ.ආගමකවත් ජාතියකවත් වැරැද්ද නෙමෙයි මේ රට කාලයක් තිස්සේ පවත්වා ගෙන ආපු system එකේ වැරැද්ද​
    :):)
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේව නෙමේ බන් හේතු.ලංකාවෙ ශ්‍රම බලකායෙන් ආර්ථිකේට දායකත්වයක් හම්බවෙන්නෙ රටෙන් භාගෙකින් විතරයි. මන් මේ කතාව මීට කලින් ඇති තරම් කියල තියනව. ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙ ඕන දියුණු රටක කරන කර්මාන්ත වල ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම උපරිම දායකත්වයක් හම්බ වෙනව. ඒත් හොද බුද්ධියෙන් බලන්න ලංකාවෙ ඔය දායකත්වය හම්බ වෙන්නෙ පිරිමින්ගෙන් විතරයි. ලංකාවෙ ගෑනුන්ගෙන් භාගයක් ගෙවල් වලට වෙලා බුදියනව වැඩට යන උනුත් බොරුවට ගිහිල්ල අයිස් ගහනව. උන්ට නිකන් පින් පඩි දෙනව. මේක තමා ප්‍රධානම හේතුව. වෙන රටවල කෙල්ලො අවුරුදු 18 විතර උනාම තමන් තනියම හම්බකරගෙන ඉගනත් ගන්නව. ලංකාවෙ බහුතරයක් ගෑනු රටේ සල්ලි වලිනු ඉගනගෙන ඊට පස්සෙ ගෙවල්වල ඉන්නව. ඩිග්‍රි තියන් ගෙවල්වල ඉන්න ගෑනු කීයක් ලංකාවෙ ඉන්නවද? මුන්ට උගන්නන්න වියදම් කරපු සල්ලි තනිකරම අපරාධෙනෙ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :rofl:
    Tip dunnama harida? Ethakota bn rata diyunu wenwada?

    Pissuda bn... E e ratawala tradition eka thama oka... Eu wala ratin ratata wenas...Holland wala tip dennema nehe..eka unge hati.. Eth un oya inne yasa ageta one of best countries to live..
    Thawa kummahikamata inna un godak innawa...

    Anika oya sudda wage wiyadam karanawa kiwwata un api wage dakina dakina pa&&ta wiyadam karan na... :yes:
    Unuth lobai bunz...

    Habai samasthyak gattama ape mind set ekanam harima negative... Ratak widiyata gattama...
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl:
    Tip dunnama harida? Ethakota bn rata diyunu wenwada?

    Pissuda bn... E e ratawala tradition eka thama oka... Eu wala ratin ratata wenas...Holland wala tip dennema nehe..eka unge hati.. Eth un oya inne yasa ageta one of best countries to live..
    Thawa kummahikamata inna un godak innawa...

    Anika oya sudda wage wiyadam karanawa kiwwata un api wage dakina dakina pa&&ta wiyadam karan na... :yes:
    Unuth lobai bunz...

    Habai samasthyak gattama ape mind set ekanam harima negative... Ratak widiyata gattama...


    :lol::lol::lol: ලොබ නැතුව ටිප් දියන් හුත්තෝ රට දියුණු වෙන්න :lol::lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතිං අපිත් රජයේ ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්න tip දෙනවන‍ෙ,
     
    • Like
    Reactions: matheesh-bandara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇමෙරිකාවේ මිනිස්සුන්ට ඇයි මෙච්චර කන්ඩ හම්බවෙන්නේ?


    කෑම කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක්නේ. ඇයි මේ මිනිස්සුන්ට මෙච්චර පහසුවෙන් කෑම ටික හැමෝටම හම්බ වෙන්නේ.

    ගෙදර සීවලී යන්ත්‍රයක් එල්ලගෙන ඉන්න හින්ද :yes::yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උඹලත් ලෝබ නැතුව හෝටලේකින් කෑවා නම් රුපියල් 100ක්වත් tip එක දීපන් ලංකාවත් ඇමරිකාවක් කරන්න.