ඇමෙරිකාව උතුරු කොරියාව සමඟ යුද වදින්න ළඟය
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට මැදි වීමේ සමීප අවස්ථාවක් වර්තමානය වනවිට නිර්මාණය වී ඇතැයි ඇමෙරිකා හමුදාවේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙක් අනතුරු අඟවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කණ්ඩායමේ සභාපතිත්වය හෙබ වූ මයික් මලීන් ඒ බව පවසයි. ඇමෙරිකාව අද වන විට උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට යෑමේ ආසන්නයට පැමිණ ඇතැයි පෙන්වා ඔහු දෙයි. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ පාලන කඩකප්පල්කාරී ජනාධිපති පාලනයක් යැයි ද හෙතෙම පවසයි.
“මට අනුව උතුරු කොරියානු අර්බුදය දැන් වඩාත් අවදානමක් තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ අර්බුදය කෙසේ අවසන් වනු ඇත්දැයි කියන්න බැහැ. අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. අපි අද උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික අර්බුදයකට යෑමේ ආසන්නයට පැමිණ තිබෙනවා. පෙර කිසිදු අවස්ථාවක නොතිබූ ආකාරයෙන් කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික අයුරින් අවසන් වෙයි කියලා හිතන්න අමාරුයි. එවන්නකට අවස්ථාවක් නැති තරම්” යැයි ඔහු කියයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒ.බී.සී පුවත් සේවයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම කරුණු කීවේය.
මයික් මලීන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් ඩබ්. බුෂ් සහ බැරැක් ඔබාමා යන හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාගේම ඉහළම හමුදා උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබේ.
ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස්, ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මැස්ටර්ට හෝ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලීට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පාලනය කරගැනීමට හැකිවනු ඇත්දැයි ද මලීන් ප්‍රශ්න කරයි.
“ඔහු දිගින් දිගටම මේ අයුරින් වචන හරඹවල නිරත වේවිද ? එහෙමත් නැතිනම් මේ ඔහු මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගනීද” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රශ්න කරයි.
http://www.lankadeepa.lk/latest_news/%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF-%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%85%E0%B6%9F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%94/1-522393
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ලෝක ප්‍රජාවට රතු එළියක්
න්‍යෂ්ටික මිසයිල එල්ල කිරීමේ බොත්තම ඕනෑම මොහොතක තමාගේ මේසය මත සුදානමින් තිබෙන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි.
උතුරු කොරියානු නායකයා මෙසේ ප්‍රකාශ කළේ, නව වසර වෙනුවෙන් එරට පැවති රූපවාහිනි විකාශයක් අතරතුරදී ය.
අමෙරිකාව පිහිටා තිබෙන්නේ තම න්‍යෂ්ටික අවි පරාසය යටතේ බව ත්, එය අනතුරු ඇඟවීමක් නොව යථාර්ථය බවත් ඔහු පවසයි.
එමෙන්ම නව වසරේ දී දකුණු කොරියාවට මිත්‍රත්වයේ දෑත් දිගු කිරිමට, කිම් ජොන් උන් රෙජිමය සූදානම් වන බවක් ද ඔහුගේ කතාවෙන් පෙනී ගිය බව විචාරක අදහස වේ.
මේ වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් තරඟයට, උතුරු කොරියාවෙන් කණ්ඩායමක් යැවීමට සූදානම් බව ද කිම් ජොන් උන් පවසා තිබේ.
කෙසේ වෙතත්, ඔහුගේ අනතුරු ඇඟවීම් පිළිබඳව මාධ්‍ය නැගූ ප්‍රශ්න හමුවේ ට්‍රම්ප් පැවසුවේ “අපි බලමු” යනුවෙන් පමණි.
2017 වසරේ වැඩි කාලයක්, අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පිල, කිම් ජොන් උන් රෙජිමයේ අනතුරු ඇඟවීම් වලට සවන් දුන්නේය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රහාර හමුවේ, සම්බාධක පැනවීම හැර විකල්පයක් ලෝක නායකයින් හමුවේ නොතිබූ බව ඉකුත් වසරේ ප්‍රකට වු කරුණකි.
මේ වසරේදී, ලෝක නායකයින්ගෙන් සාමය රකින ලෙස ආයාචනා නොකරන බව ත්, රතු නිවේදනයක් නිකුත් කරන බව ත්, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් අද නිවේදනය කළේය.
“ලොව වටා සිටින මිතුරු මිතුරියනි සුභ අලුත් අවුරුද්දක්.මම මේ තනතුර අවුරුද්දකට කලින් බාරගන්නකොට ඉල්ලා සිටියේ 2017 වසර සාමයේ වසරක් බවට පත් කරමු කියලා.අවාසනාවකට යම් යම් පැතිවලින් එහි පසුබෑම් තියනවා.2018 අලුත් අවුරුදු දිනයේදී මම ඉල්ලීමක් කරන්නේ නෑ.මම ලබාදෙන්නේ ලෝකය පිළිබද රතු එලියක් දල්වන අනතුරු ඇගවීමක්.ලෝකය තුළ තිබුණ ප්‍රශ්න ගැඹුරුවෙලා අලුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙලා. සීතල යුද්ධ කාලයට පසුව න්‍යෂ්ඨීක අවි ආයුධ පිළිබදව ලෝකයේ වැඩිම බියක් තිබෙන්නේ මේ කාලයේ.අපි හිතුවාටත් වඩා වේගයෙන් කාලගුණ විපර්යාස සිදුවෙමින් පවතිනවා.අසාමාන්‍යතා වැඩිවෙමින් තිබෙනවා.දරුණු මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් අපි දකිනවා.ජාතිකත්වය හා රටවල් අතර ප්‍රශ්න ඇති වෙනවා මම ඉල්ලා සිටිනවා ඒකීයත්වය මට විශ්වාසයක් තියෙනවා මේ ලෝකය සුරක්ෂත කරන්න පුළුවන් කියලා ගැටළු විසදාගෙන වෛරයෙන් තොරව සියළු දෙනාටම තිබන විශ්වාසය තුලින් විතරයි මේය කරන්න පුළුවන් මම ඉල්ලා සිටිනවා සෑම නායකයෙකගෙන්ම අළුත් අවුරුද්‍දේ අලුත් පොරෝන්දු බවට මෙය පත් කර ගන්න කියලා තියේන පරතර අඩු කරගෙන නැවත විශ්වාසය ගෙඩ නගා එක් අරමුණක් වටා අපි එක්රැස් විය යතුයි . ඒකීය භාවයයි එකම මග. අපේ අනාගතය ඒ මතයි රදා පවතින්නේ . සාමයත් සෞභාග්‍යත් සපිරි සුභ නව වසරක් පතනවා”
http://newsfirst.lk/sinhala/2018/01/109227/

Last edited:

එතකොට ආයෙම ගලුයි, කොටුයි විතරයි ඉතුරු වෙන්නේ 