සිරියාවේ ඩීර් එසෝර් නගරය කේන්ද්‍රකරගෙන කුඩා බිම් කඩක් පමණක් සිරියානු රජයේ හමුදා විසින් පාලනය කරන බව සිතියම් ඔස්සේ ඔබ දකින්නට ඇතැයි සිතමි.සතුරන්ගේ භූමිය තුල හුදකලාව පිහිටා ඇති මෙම බිම්කඩ අල්ලා ගැනීමට වසර ගණනක් තිස්සේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් නොගත් උත්සාහයක් නැති තරම්.නමුත් වසර 3කට වැඩි කාලයක් සතර අතින් වටලා තිබියදීත්,ගොඩබිමින් කිසිදු සැපයුම් මාර්ගයක් රජයේ පාලන ප්‍රදේශවලට නොමැතිව වුවද එම භූමිය රැක ගැනීමට සිරියානු අරාබි හමුදාව සමත්විය.නමුත් සියල්ල වෙනස් වූයේ එක්සත් ජනපද විසින් ඩීර් එසෝර් ප්‍රදේශයේ සිරියානු රජයේ හමුදා ඉලක්ක කරගෙන එල්ල කල ගුවන් ප්‍රහාරයකින් පසුවයි.ප්‍රහාරයෙන් පසුව ඩීර් එසෝර් ප්‍රදේශයට මහා පරිමාණයේ ප්‍රහාරයක් දියත් කරන්නට ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ක්‍රියා කලේය.ඔවුන්ගේ උත්සාහයේ උච්චතම ප්‍රතිඵලය ලගා කරගත්තේ පසුගිය දින කිහිපය තුලයි.එනම් ඩීර් එසෝර් නගරයේ සිටින සිවිල් වැසියන්,හමුදා සෙබලුන්ගේ ජීවනාලිය බදු වූ ගුවන් තොටුපොල තිබෙන ප්‍රදේශය වැටලීමට ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ක්රියාකිරීමයි.මේ නිසා ඩීර් එසෝර් නගරය සහ ගුවන් තොටුපොළ අතර සැපයුම් මාර්ගය විසන්ධි විය.ගුවන් තොටුපොල ඔස්සේ ලැබෙන ආහාර,යුදෝපකරණ සහ අනෙකුත් දෑ ඔස්සේ ඩීර් එසෝර් නගරයේ ඉරණම රැදී තිබිණි.
ඒ අනුව දැන් සිරියානු රජයේ හමුදා සිටින්නේ දරුණු පරාජයක් අභියසයි.නගරය රැකගැනීමට තිබෙන එකම මග වූ ගුවන් තොටුපොල මුළුමනින්ම වටලා ඇති මොහොතක,තවදුරටත් එම භූමිය ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වෙමින් තිබේ.ගුවන් තොටුපොල තවදුරටත් ප්‍රවාහන ගුවන් යානාවලට ආරක්ෂිත ගොඩබෑමකට සුදුසු තැනක් නොවනු ඇත.නගරය සහ ගුවන්තොටුපොල අතර සැපයුම් මාර්ගය නැවත විවෘත කරගන්නා තෙක් ඩීර් එසෝර් අතිශය අනාරක්ෂිතය.
පසුගිය වසරේ ඉරාකයේ මෝසූල් නගරය මුදාගැනීමට මෙහෙයුම් දියත් කිරීමට පෙර විශේෂඥයින් කියා සිටියේ ඉරාකයෙන් පළායන ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගෙන් ඔවුන්ගේ සිරියානු පෙරමුණුවල පිරිස් බලය වැඩි කරගන්නා බවයි.මෝසූල් සටනේ ප්‍රතිඵල දැන් සිරියාවේදී ලැබෙමින් තිබේ.පසුගිය වසරේ අගභාගයේදී සිරියානු හමුදා යටතේ තිබූ පැලමයිරා නගරය ඔවුන්ට අහිමිව ගියේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් 4000-5000 අතර පිරිසක් එල්ල කල දැවැන්ත ප්‍රහාර නිසාය.දැන් ඔවුන් නැගෙනහිර සිරියාවේ තිබෙන එකම බිම් කඩද අහිමිවීමේ තර්ජනයට මුහුණදී තිබේ.
2016 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදය විසින් ඩීර් එසෝර් නගරයේ සිරියානු අරාබි හමුදාව සතු උපායමාර්ගිකව වැදගත් ස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.සැප්තැම්බර් 17දා ඩීර් එසෝර් හි අල්-තාර්ඩාහ් කඳුකරයේ හමුදා රැදී සිටි ප්‍රදේශවලට ඇමෙරිකානු ගුවන් යානා පහරදෙන ලදි.එම ප්‍රහාරයෙන් සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් 90 මියගොස් 100 පමණ තුවාල ලැබූ බව වාර්තාවේ.එම සිද්ධියෙන් පසුව සිරියානු අරාබි හමුදාව අල්-තාර්ඩාහ් කඳුකරයෙන් ඉවත් විය.එම ස්ථානය ඩීර් එසෝර් ගුවන් තොටුපොලේ ආරක්ෂාව සඳහා බෙහෙවින් වැදගත් ස්ථානයක් විය.එලෙස ඇමෙරිකානු ගුවන් ප්‍රහාරය ඔස්සේ ඩීර් එසෝර් ගුවන් තොටුපොලට මරාගෙන මැරෙන ප්‍රහාර සහ ස්වයංඝාතක වාහන යොදාගෙන පහරදීමට අවස්ථාව ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට අත් කරදෙන ලදි.මෙම නගරය වඩාත් ප්‍රසිද්ධ එහි තිබෙන තෙල් බිම් නිසාය.ඩීර් එසෝර් හි තිබෙන තෙල් සම්පතින් ප්‍රයෝජන ලබාගන්නේ සිරියානු අරාබි හමුදාවයි.මෙම ප්‍රදේශය අල්ලාගැනීම ඔස්සේ ත්රස්තවාදීන්ට තෙල් බිම් වල අයිතිය හිමිවෙනවා පමණක් නොව,සිරියානු අරාබි හමුදාවේ තෙල් සැපයුමද යම් ප්‍රමාණයකට අඩාල කලහැකිය.
ඩීර් එසෝර් නගරය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම් ආරම්භ වීමෙන් පසුව මේ දක්වා ත්රස්තවාදීන් 200කට වැඩිගණනක් මියගොස් තිබෙන බව රජයට පක්ෂපාතී මාධ්‍ය කියා සිටියි.ඩීර් එසෝර් හි සිරියානු හමුදාවේ අණදෙන නිලධාරියා සහ රුසියානු ගුවන් හමුදාව නගරයත් ගුවන් තොටුපොලත් අතර මාර්ගය විවෘත කරගැනීමට උත්සාහ කරමින් තිබේ.නමුත් ගුවන් ප්‍රහාර ඔස්සේ පමණක් එම අරමුණ ඉටුකරගැනීම උත්සාහ දැරීම අසීරු කාර්යයකි.ඇමෙරිකාව සහ එහි මිත්‍ර යුරෝපා රටවල් ලෝකයා ඉදිරියේ ත්රස්තවිරෝධීන් ලෙස පෙනී සිටියත් ඔවුන්ගේ සැබෑ මුහුණුවර මෙවැනි ප්‍රහාර ඔස්සේ දැකගත හැකිය.ඇමෙරිකාව ප්රමුඛ රටවල් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට එරෙහිව සටන් වදින්නේ බොහෝ කාලයක පටන්ය.නමුත් එම සටනේදී ඔවුන් අත්කරගත් කිසිදු ප්‍රගතියක් පෙනෙන්නට නැත.
Source:southfront.org
-HarshaLulzSec-

