බැරැක් ඔබාමා ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘ බව තේරීපත් වූ නව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තරයේ ප්‍රකාශ කල කරුණකි.මෙය යම් ආකාරයකින් සනාථ කරන කෙරෙන සාක්ෂියක් පසුගිය 4 වෙනිදා විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කරන ලදි.පසුගිය සැප්තැම්බර් මස 22 දා නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරකදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සිරියාවේ විරුද්ධ පක්ෂයේ සාමාජිකයින් පිරිසක් හමුවී සිදුකල සංවාදයක් මෙලෙස මාධ්‍ය ඔස්සේ නිරාවරණය කෙරිණි.මිනිත්තු 35ක කාලයක් දිවෙන මෙම සංවාදය ඔස්සේ හෙළිවන කරුණක් වන්නේ සිරියාවේ පාලන අධිකාරිය වෙනස් කිරීමට කරන කුමන්ත්‍රණය සහ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට අරමුදල් සහ අවි සැපයීම, බටහිර පාලනයට නතු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන සමග එක්ව ඔබාමා පාලන තන්ත්රය සඟවන්නට දරන උත්සාහයයි.
සිරියාව තුලදී ඉෂ්ඨ කරගැනීමට ඔබාමා පාලන අධිකාරය බලාපොරොත්තුවන ප්‍රධාන අරමුණ වන්නේ එරට පාලනාධිකාරය වෙනස් කිරීම සහ ජනපති බෂාර් අල් අෂාඩ් බලයෙන් පහ කිරීම වන මුත් අෂාඩ් රුසියාවේ උදව් ලබාගැනීමට යොමුවේ යැයි වොෂිංටනය බලාපොරොත්තු නොවූ බව ජෝන් කෙරී මෙහිදී පිළිගෙන තිබේ.
මෙම ප්‍රධාන අරමුණ ඉෂ්ඨ කරගැනීම සඳහා ධවල මන්දිරය ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට වර්ධනය වන්නට ඉඩදෙන ලදි.ඔබාමා පාලනාධිකාරය බලාපොරොත්තු වූයේ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ බලය වර්ධනය වීම හමුවේ අෂාඩ් ඇමෙරිකානු කොන්දේසි මත පදනම්ව රාජ්‍යතාන්ත්‍රීය විසඳුමක් සඳහා යොමුවේ කියාය.
ඔබාමාගේ පාලන සමයේ මෙම ප්‍රධාන අරමුණු මුදුන්පත් කරගැනීමට වොෂිංටනය උවමනාවෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායමට අවි සපයන ලදි.
"මෙය වර්ධනය වෙනවා අපි දැන සිටියා,අපි පරීක්ෂාවෙන් සිටියා,අපි දැක්කා ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ශක්තියෙන් වර්ධනය වෙනවා සහ අපි සිතුවා අෂාඩ්ට එය තර්ජනයක් වේවි කියා" යනුවෙන් කෙරී මෙම හමුවේදී පවසා තිබේ.
"පුටීන්ගේ සහාය ලබාගැනීමට යොමුවෙනවාට වඩා අෂාඩ් අප සමග කතිකාවකට යොමුකරවා ගැනීමට අපට හැකිවේ යැයි සිතුවා"
"සිරියාව තුල හමුදාව යොදාගැනීමේ තර්කයෙන් මම පරාජය වුනා" කෙරී තවදුරටත් එසේ ප්‍රකාශ කරන ලදි.
මුලදී නිව්යෝක් ටයිම්ස් සහ සීඑන්එන් පුවත් සේවයන් විසින් මෙම සංවාදයේ තෝරාගත් කොටස් පමණක් පළ කලේය.සිරියාවේ සැබවින්ම සිදුවන දේ කියවෙන ප්‍රකාශ සමාජයෙන් සැඟවීම සඳහා ඔවුන් උත්සාහ ගන්නා බව ඉන් පැහැදිලිවේ.සම්පූර්ණ සංවාදය නියෝර්ක් ටයිම්ස් ඔස්සේ කිසිදා ප්‍රසිද්ධ නිකල අතර සීඑන්එන් පුවත් සේවය පළකල සංවාදය පසුව ඉවත් කරගෙන තිබුණේ සමහර පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් එය ඉවත් කරන්න යැයි ලැබුණු ඉල්ලීම් සලකා බලා බව සඳහන් විය.
Source:southfront.org
-HarshaLulzSec-
