ඇමෙරිකා_රහස් ලොවට හෙළි කළ ස්නෝව්ඩන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇමෙරිකා_රහස් ලොවට හෙළි කළ ස්නෝව්ඩන්

    ඇමෙරිකා රහස් ලොවට හෙළි කළ ස්නෝව්ඩන් කියුබාවට පලා යෑමට සැරසේ





    1(46).jpg






    2013 ජූනි මස 25 01:15:01 | රොයිටර් පුවත් ඇසුරිනි , මොස්කව් නුවරදීය. . .


    සී.අයි.ඒ බුද්ධි අංශයේත් එන්.එස්.ඒ. ආරක්ෂක අංශයේත් සහාය ඇතිව, දුරකතන ඇමැතුම්වලට කන් දෙමින් සහ ඊ මේල් පණිවුඩ කියවමින් ඇමෙරිකානු රජය එරට වැසියන් ගැන ඔත්තු බලන බව ලොවට හෙළි කළ එන්.එස්.ඒ. ආරක්ෂක අංශයේ හිටපු කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් කියුබාවට පලා යෑමට සැරසේ.
    ස්නෝව්ඩන් මේ වනවිට සිටින්නේ රුසියාවේ මොස්කව් නුවරය. හොංකොංහි හෝටලටක රැුඳී සිටි ඔහු, රුසියාවේ මොස්කව් නුවරට පැමිණියේ රුසියානු රජයේ ආරක්ෂාව මැදය.
    ස්නෝව්ඩන්, ඇමෙරිකා රහස් ලොවට හෙළි කළේ මීට සති කිහිපයකට පෙරය. ඒ, හොංකොං බලා පැමිණීමෙන් පසුවය. රහස් හෙළි කළ අවස්ථාවේ සිට ස්නෝව්ඩන් ඇමෙරිකාවට ගෙන්වා ගෙන ඔහුට එරෙහිව නීති මගින් පියවර ගැනීමට ඇමෙරිකාව සූදානමින් සිටී.
    ඔබාමා පරිපාලනය රුසියානු රජයෙන් ඉල්ලා ඇත්තේ ස්නෝව්ඩන් වහාම තමන්ට බාර දෙන ලෙසටය. ස්නෝව්ඩන් ඉල්ලීමක් කළොත්, ඔහුට ආරක්ෂාව දෙන බවටත් හොංකොංවල සිටිද්දී ඔහු තම රටට ගෙන්වා ගන්නා බවටත් රුසියා ජනපති වැලැඩිමීර් පුටින් ඉකුත් දා පැවැසීය. ස්නෝව්ඩන් රුසියාවට ගෙන්වා ගැනීමට පුටින්ගේ රජය කටයුතු කළේ ඒ අනුවය.
    මීට අමතරව හොංකොංවලින් පිටවන්නේ නම්, තමන් ද ස්නෝව්ඩන් වෙනුවෙන් ගුවන් යානයක් එවන බව අයිස් ලන්තයේ ව්‍යාපාරිකයකු ද පවසා ඇත.
    ස්නෝව්ඩන් පරිගණක සම්බන්ධයෙන් විශේෂඥයෙකි. පරිගණක කටයුතු සම්බන්ධයෙන් ඔහු දක්ෂයෙකි. ඔහු දක්ෂ මෘදුකාංග ශිල්පියෙකි. ස්නෝව්ඩන් පාසල් ගියත්, උසස් පෙළ හදාරා උපාධිය සම්පූර්ණ නොකළ අයෙකි.
    පරිගණක සම්බන්ධයෙන් සහ සෙසු තාක්ෂණික ශිල්ප සම්බන්ධයෙන් ඔහු තුළ ඇති එම සුවිශේෂී දක්ෂතාව නිසා, ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇසට ඔහු හසුවුණා පමණක් නොව, පාසල් යෑම නවතා ඇමෙරිකා බුද්ධි අංශ සමඟ එක් වීමට ද ඔහුට අවස්ථාවක් ලැබුණි. ඒ අනුව ඔහු ‘බුද්ධි සහ ආරක්ෂක අංශ කොන්ත‍්‍රාත්කරුවකු’ ලෙස රැුකියාව ඇරඹීය.
    ස්නෝව්ඩන් සිය රාජකාරි ආරම්භ කළේ ඇමෙරිකාවට අයත් හවායි දූපත්වල පිහිටි සන්නිවේදන සමාගමක් යටතේය.
    ඔහුගේ මාසික වැටුප ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙකකි.
    ස්නෝව්ඩන් ඔහු දන්නා සියලූ රහස් හෙළි කිරීමට තීරණය කළේ ඇමෙරිකන් රජය ඇමෙරිකන් වැසියන්ගේ දුරකතනවලට කන් දෙමින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා වන අයුරින් කටයුතු කිරීමට විරෝධය පාමිනි.
    සී.අයි.ඒ. හෙවත් ‘මධ්‍යම බුද්ධි අංශය’, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රධානතම බුද්ධි අංශ සේවයයි. අද එය ජාත්‍යන්තර මට්ටමේ බුද්ධි අංශයක් බවට පත් වී ඇත.
    සී.අයි.ඒ. බුද්ධි අංශයටත් එහි නිලධාරීන්ටත් ඉහළ බලතල ඇති අතර ඔවුන් වගඋත්තර කියන්නේ ජාතික බුද්ධි අංශ කාර්යාංශයටය. එය මෙහෙයවනු ලබන්නේත් ඊට උපදෙස් ලබා දෙන්නේත් ඇමෙරිකා ජනපතිවරයාය.
    ඇමෙරිකානුවන් බහුතරයකගේ අදහස, තොරතුරු හෙළි කිරීමෙන් ස්නොව්ඩන් කළේ නිවැරදි දෙයක් යන්නය. ස්නෝව්ඩන්ගේ රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් පසුගිය කිහිපයේ ඇමෙරිකා සෙනෙට් මණ්ඩලයේත් කොංග‍්‍රස් මණ්ඩලයේත් උණුසුම් වාද විවාද ඇතිවිය.
    ‘විකිලීක්ස්’ වෙබ් අඩවියේ සංස්කාරක ඕස්ටේ‍්‍රලියා ජාතික ජුලියන් ඇසෙන්ජ්, ඇමෙරිකාවේ හමුදා සහ රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසු, ඇමෙරිකාවේ තවත් ‘හොර වැඩ’ ලෝකයාට හෙළි වූ අවස්ථාවක් ලෙස ස්නොව්ඩන්ගේ රහස් හෙළි කිරීම බි‍්‍රතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත විසින් හඳුන්වා දී ඇත.
    ඕස්ටේ‍්‍රලියානුවකු වුවත් ඇමෙරිකා රහස් හෙළි කළ අවස්ථාවේ ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයට පැමිණ සැඟවී ජීවත් වෙමින් සිටියේය. බි‍්‍රතාන්‍ය රජයට ඔහු හමුවූ අවස්ථාවේ ඔහු නිවාස අඩස්සියට පත් කළේය.
    ඇසෙන්ජ්, ස්වීඩනයේ කලක් ජීවත් වූ අතර, ඒ කාලයේදී ඔහු තරුණියන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වන්න වූයේ එවිටය. ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ඇරැුඹිණි. ඇසෙන්ජ් තමන්ට දෙන්නැයි ස්වීඩනය බි‍්‍රන්‍යයෙන් ඉල්ලා සිටියේය.
    බි‍්‍රතාන්‍ය අධිකරණයක් ඇසෙන්ජ් ස්වීඩනයට බාර දීමට තීන්දු කළේය. ස්වීඩනයට තමා බාර දුන්නොත් ඇමෙරිකාව තමන් ඇමෙරිකාවට ගෙන්වා ගනීවි කියාත්, ඇමෙරිකාවේදී තමන්ට මරණ දඬුවම ලැබෙනු ඇතැයි කියාත් ඇසෙන්ජ් බියට පත් වූයේය.
    ඔහු ලන්ඩන් පොලිසියෙන් බේරී ලන්ඩන් නුවර පිහිටා ඇති එක්වදෝර් තානාපති කාර්යාලයට ගොස් ආරක්ෂාව පැතීය. මේ වනවිට ඇසෙන්ජ් මාස කිහිපයක් තිස්සේ ජීවත් වන්නේ එක්වදෝර් තානාපති කාර්යාලයේය.
    ලතින් ඇමෙරිකා රටක් වන එක්වදෝර් රජය, ඇසෙන්ජ්ට තම රටේ ආරක්ෂාව ලබා දීමට කැමැත්ත පළ කර ඇති නමුත් ඇසෙන්ජ්ට ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයෙන් පිටතට යා නොහැකිය. ඔහු පිටතට පැමිණෙද්දී අත්අඩංගුවට ගෙන ස්වීඩනයට උදර්පණය කිරීමට ලන්ඩන් පොලිසිය සීරුවෙන් සිටී.

     
    • Like
    Reactions: gayankuwait

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,366
    113
    Ohio, USA
    මම දන්න තරමින් 2016න් පස්සේ ඇමේරිකාව ලංකාවට පහලින් තියෙන ඩියාගෝ ගාශියා දූපතින් පිටවෙන්න ඕනේ නිසා එයාලා දකුණු ආසියාවේ ඇමේරිකානු කඳවුරු ගහන්න මීලඟට මාලදිවයිනේ දූපතක් අරගන්න හදන රහසත් එලි උනේ මේ කෙනා නිසා තමයි....:rolleyes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම දන්න තරමින් 2016න් පස්සේ ඇමේරිකාව ලංකාවට පහලින් තියෙන ඩියාගෝ ගාශියා දූපතින් පිටවෙන්න ඕනේ නිසා එයාලා දකුණු ආසියාවේ ඇමේරිකානු කඳවුරු ගහන්න මීලඟට මාලදිවයිනේ දූපතක් අරගන්න හදන රහසත් එලි උනේ මේ කෙනා නිසා තමයි....:rolleyes:

    :)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Mechchara manawa himikam ullanganaya karana americawata erehiwa kawruth ai katha karannaththe.un terrorists la maranne wena ratawal walata gihilla. wena ratawal wala thamange hamudawa thiyagena innawa. Wena ratawal wala minissu allan awilla americawe athule prisons wala thiyagena wada denawa. Wena ratawal athule kumanthrana karanawa. Wena ratawal wala natural resources gana puduma amaruwak thiyenne. unta wiruddawa wena godak ratawal katha karanna bayata.e unata un anith ratawal walata wiruddawa prasiddiye katha karanawa human rights kadanawa kiyala.