slipform බිත්ති ගැන කවුහරි අහල තියෙනවද
මම සරලව කියන්නම්
නර්ඩ් එකේ කෙනෙක් කන්ටක් කරගත්තනම් වැඩි විස්තරයක් ගන්න පුළුවන් http://nerdc.lk
අඩි 5*8 යකඩ ප්ලේට් දෙකක් අගල් 3ක් වගේ ගනකමට තියල අච්චුවක් හදාගන්න ඕන අඩි 5 උස පැත්තට දෙපැත්ත යකඩිම්ම සිල් කරන්න ඕන
ඕකට සිමින්තින් වැලි චිප් ගල් කොහු කෙදි මිශ්‍රණයක් දාල කොටන්න ඕන.
කොහු කෙදි ඕන වෙන්නේ මිශ්‍රණය tension කරගන්න
දවසකට උස්සන්න පුළුවන් අඩි 5යි
ඊට පස්සේ අච්චුව ගැලෙව්වම කොහු එල්යට පැනපු ටික ගැස් ලම්පුවකින් පුච්චන්න ඕන . ඊට පස්සේ රබර් පේන්ට් ගවහම පොටි ඇදපු බිත්තියකට සමාන ෆිනිෂින් එකක් තියෙනවා. (බිත්ති වල සමහර විට පොඩි හිල් තියෙනවා එතකොට එක පොටි කෝඩ් එකක් ගන්න ඕන)
කපරාරු වියදම නෑ
පොටි වියදම නෑ
හැබැයි බිත්ති හරියට oneshot ලඹ කරගන්න ඕන
බිත්ති දෙකක් සම්බන්ද කරන විදිහනම් දන්නේ නෑ එකට ක්‍රමයක් තියෙනව
මම මේක කරපු එකක් දැක්ක කිසිම අවුලක් නෑ
ඊට පස්සේ මගේ යාළුවෙක් (civil engineer ) කෙනෙක් මේක උගේ ගෙදර කරන්න ගියා මු ලොබ කමට යකඩින් අච්චුව හදන්නේ නැතිව MDF බෝර්ඩ් වලින් අච්චුවක් හදාගෙන කරේ . මිශ්‍රණය දල කොටනකොට එන පොදනයට උගේ බිත්ති මැද්දෙන් පිම්බුනා . එදා ඉදන් උ කියන්නේ මේ ක්‍රමය හරියන්නේ නෑ කියල
එක නිසා තමයි කියන්නේ හරියට කරපු කෙනෙක් ගෙන්ම අහන්න කියල
http://nerdc.lk/en/sub_pgs/5_technical_details.html
Thanks machan

මැදට කම්බි දාල බිත්ති වැර නගන්න ඕනද?
ඒ කියන්නෙ බිත්තියෙ ගනකම අඟල් 3 ද?
වයරින් කරන්නෙ වෙන්නෙ බිත්තියට උඩින්ද? වයරින් box ෆිට් කරන්නෙ කොහොමද?
ගේ ඇතුලෙ පාටිෂන් බිත්ති වලට විතරද ගැලපෙන්නෙ?
යකඩ අච්චුව ගලවන්න කලින් කොච්චර දවස් තියන්න ඕනද?
එක කෑල්ලක දිග අඩි අටනම් අඩි අටට වඩා දිග බිත්තියක් දානකොට ජොයින් එකට කණුවක් දාන්න වෙනවද?

