ආයෙත් එකක් දාන්නම් අද හෙටada bn dakke .. okkoma kiyewwa mchn.. mama ek wala dakka pattama watina thread ekk.. meke wadagath ewa aluth ekakata ganinnn ...rep ++ ubata godakk pin mchn
![]()



Save
ආයෙත් එකක් දාන්නම් අද හෙටada bn dakke .. okkoma kiyewwa mchn.. mama ek wala dakka pattama watina thread ekk.. meke wadagath ewa aluth ekakata ganinnn ...rep ++ ubata godakk pin mchn
![]()



චුට්ටක් බිසිවෙලා මේ දවස්වල,මේ ඔක්කොම එක තැනකට අරන් මම ත්‍රෙඩ් එක කරගෙන යන්නම් මචන්25/07/2016න් පස්සේ මේ thread එක දාපු කෙනා නෑනේ. පේජ් 60ම කියෙව්වා සෑහෙන වැදගත්.
වැඩේ දිගටම කරගෙන යමු. බම්ප්
චුට්ටක් බිසිවෙලා මේ දවස්වල,මේ ඔක්කොම එක තැනකට අරන් මම ත්‍රෙඩ් එක කරගෙන යන්නම් මචන්

චුට්ටක් බිසිවෙලා මේ දවස්වල,මේ ඔක්කොම එක තැනකට අරන් මම ත්‍රෙඩ් එක කරගෙන යන්නම් මචන්
patta comment ekThread එක නැගල යනවා නේ? එල එල
කාලෙකින් reply එකක් දාන්න බැරි උන හින්ද මම වෙන thread එකක දාපු reply එකක් දාන්නම්. මේක වැඩ කරන්න කම්මැලි/ කිසි දෙයක් පටන් ගන්න හිතෙන්නේ නෑ/ පටන් ගත්ත දෙයක් ඉවර කරගන්න හිතෙන්නේ නෑ කියල උදව් ඉල්ලලා දාපු thread එකකට දීපු reply එකක්. දෙයක් ගන්න තියෙනවනම් ගනින්![]()
##############################################
1. තයිරොයිඩ් check කර ගනින්.
2. "Someday never comes"
"කවදාහරි" කියන දවස කවදාවත් එන්නේ නැති බව තේරුම් ගනින්. මම කවදාහරි මෙහෙම කරනවා, මෙහෙම තත්වෙකට එනවා කියන ඒවා හරියන්නේ නෑ. අද පටන් ගනින්. ගොඩක් ඔය කම්මැලි කම තියෙන්නේ වැඩක් පටන් ගන්න. පටන්ගත්තට පස්සේ කරගෙන යන්න එච්චර කම්මැලි නෑ.
3. උඹේ කම්මැලි කම වාසියට හරවගනින්.
මම ඉස්සර පට්ටම කම්මැලි. ඉස්සර කියන්නේ මේ අවුරුදු 2කට විතර කලිනුත්. ඒත් දැන් මම මහන්සි වෙලා වැඩ කරනවා. ඒ කම්මැලිකම නැතිකරගත්ත හින්ද නෙවේ. කම්මැලි හින්දම තමයි වැඩ කරන්නේ. මොකක්ද ඒ හරුපේ?
මම පට්ට ආසයි නිදාගන්න, අපතය ගහල ඉන්න, රට වටේ / ලෝකේ වටේ කෙල්ලත් එක්ක ඇවිදින්න යන්න. ඒත් මම දන්නවා මට ඕවා මොකවත් කරන්න බෑ කියල සල්ලි නැතුව.
ඒක හින්ද මම target එකක් හදාගත්තා අවුරුදු 35 වෙනකොට ඉගෙනගන්න ඒවා අනන් මනං ඔක්කොම ඉවර කරලා, business කීපයක් ගොඩ දාගෙන ගෙවල් දොරවල්, වාහන අරගන්න ඒවා ඉවර කරගෙන අවම මහන්සියකින් සල්ලි හොයන්න පුළුවන් passive income streams කීපයක් හදාගෙන ඊට පස්සේ මැරෙනකන් දවසම අපතය වගේ බුදියගන්නවා කියල
ඒක හින්ද මම මහන්සි වෙලා වැඩ කරනවා. දැන් මහන්සි වෙලා වැඩ කරොත් පස්සේ අපතය ගහල ඉන්න පුළුවන් කියන දේ දැනගෙන
හොඳට බලපන්, final target එක "ඉගෙනගන්න ඒවා අනන් මනං ඔක්කොම ඉවර කරලා, business කීපයක් ගොඩ දාගෙන ගෙවල් දොරවල්, වාහන අරගන්න ඒවා ඉවර කරගෙන අවම මහන්සියකින් සල්ලි හොයන්න පුළුවන් passive income streams කීපයක් හදාගන්න එක" නෙවේ
මැරෙනකන් දවසම අපතය වගේ බුදියගන්න එක
4. kolaveri කියල තියෙන දේ.
Pressure එකක් නැති කම
එක මනුස්සයෙක් ගියාලු guru කෙනෙක් හම්බෙන්න. සාර්ථක වෙන්න ඕනේ උපදෙස් ගන්න. guru කිව්වලු හෙට උදේ 4ට කොට කලිසමක් විතරක් ඇඳගෙන මුහුඳ ලඟට එන්න කියල. (ගල් කපන්න නෙවේ, උපදෙස් දෙන්න)
මිනිහත් උදේ 4ට පට්ට සීතලේ ගියාලු.
guru මිනිහගේ අතින් අල්ලාගෙන මුහුන්දට අරන් ගියාලු වළලුකර වෙනකන් වතුර එනකං. පට්ට සීතලයිලු වතුර. guru ඇහුවලු අමාරුයිද, ගොඩට යන්න ඕනෙද කියල. මිනිහ කිව්වලු නෑ එච්චර අවුලක් නෑ කියල.
දණහිසක් වෙනකන් වතුර එනකන් ඉස්සරහට අරන් ගිහිල්ල ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහ ගැහි ගැහි කිව්වල නෑ කමක් නෑ කියල.
බෙල්ල වෙනකන් අරන් ගිහින් ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහට හොඳටම අමරුයිලු, එත් කිව්වලු කමක් නෑ ඉන්නම් කියල.
නහය ලඟට යනකන් අරන් ගිහින් ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහට දැන් හුස්ම ගන්නත් අමාරුයි. ඒත් කිව්වලු නෑ මම ඉන්නම් කියල.
ඊටපස්සේ guru අරුව අල්ලලා එබුවලු ඔලුව වතුර යට. මිනිහ දඟලල දඟලල guru වත් පෙරලගෙන නැගිටලා තමුසෙට පිස්සුද ඕයි කියල ඇහුවලු.
එතකොට ගුරු කිව්වලු "ඔන්න ඕක තමයි වෙනස. හැමෝටම සාර්ථක වෙන්න වුවමනාව තියෙනවා හිතේ කොනක. එත් හරියට උවමනාවක් නෑ. වතුර යට හුස්ම හිරවෙලා දඟලද්දී උඩට එන්න තියෙන උවමනාව වගේම උවමනාවක් සාර්ථක වෙන්න ඕනේ කියලත් තියෙනකොට තමයි මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන්" කියල.
5. හොඳට වියදම් කරපන්.
සල්ලි හම්බකරනකොට උඹට සතුටු හිතෙන දේට අත දිග ඇරලා වියදම් කරපන්. නාස්ති කාරයෙක් වෙන්න කියල නෙවේ කියන්නේ. ඒත් කුනෙක් වෙන්න එපා. එතකොට උඹට තව සල්ලි හොයන්න ආසා හිතෙනවා. හම්බකරනටික සේරම මෙට්ටේ යට දාගෙන දැන් ගෙවන ජීවිතේම ගෙවනවනම් ටික කාලෙකින් හිතෙයි මොන මගුලටද මෙච්චර මහන්සි වෙලා හම්බ කරන්නේ කියල.
6. හොයන සල්ලි ටිකක් invest කරලා passive income streams කීපයක් හදාගනින්.
දැන් තියාම ඒවා ගැන හොයල ටික ටික පටන් ගනින්. සල්ලි invest කරන්නේ නැතුව කරන්න පුළුවන් ඒවත් තියෙනවා.
7. ගොඩ ගියාට පස්සේ හොඳ කෙල්ලෙක් හොයාගෙන බැඳලා දවසම ඒකිව ලෙලි ගගහා ඇඳට වෙලා ආතල් එකේ අපතය ගහගෙන ඉඳපන්
මේක නම් කිව්වේ ඉතින් විහිලුවට. සුරංගනා ලෝකයක් හම්බෙන්නේ නෑ. එත් හිතට කරදරයක් නැතුව ගෑනිව දරුවන්ව රැකබලාගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්
#############################################
මෙන්න thread එක. මේකේ ගොඩ දෙනෙක් හොඳ replies දාල තියෙනවා. Kolavari, Wiki, රත්තරං ගේ replies ටික සෑහෙන හොඳයි![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1727160

.මේ ත්‍රෙඩ් එක දානකොට මම යන්තම් වෙනස් විදියකට හිතන්න පටන් ගත්තා විතරයි.අද මම ඊට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉන්නවා.ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා.අපි ඉස්සරහට කරගෙන යමු

.


මම සමාව ඉල්ලනවා මෙච්චර කාලයක් ත්‍රෙඩ් එක අප්ඩේට් නොවුන එක ගැන.මේ ත්‍රෙඩ් එක්ක දාලා දැන් අවුරුද්දක් වෙනවා.මේ අවුරුද්දට මම ඉගෙනගත්තු දේවල් මගෙ ජීවිතේට මම ඉගෙනගෙන නෑ.මේ ත්‍රෙඩ් එක දානකොට මම යන්තම් වෙනස් විදියකට හිතන්න පටන් ගත්තා විතරයි.අද මම ඊට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉන්නවා.ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා.අපි ඉස්සරහට කරගෙන යමු
.
නැපෝලියන් හිල්
නැපෝලියන් හිල් කියන්නෙ ලෝකෙ ඉන්න හැම එකෙක්ම කියවන්න ඕනෙ පොත් ලියපු මනුස්සයෙක්.මේ පොත් ගොඩක් පරණයි,ඒත් සෑහෙන දැනුමක් මේවගෙ ඇතුලෙ තියෙනවා.මේකෙ සමරි එක විතරක් කියන්නම්.
1.ඔබට දැවෙන උවමනාවක් තිබිය යුතුයි.
ඔබේ තුල තියෙන ආශාව,උවමනාව තමයි ඔබව ඉදිරියට ගෙනියන ගාමක බලවේගය.මේක තියෙනවනම් අනිත් කිසිම දෙයක් ලොකු ගේමක් නෙවෙයි.වෙනස් වෙනවා කියන්නෙ ගොඩක් අමාරු වැඩක්.ඒකෙදි ලෝකෙ ගොඩාක් දේවල් තමන්ව ආයෙත් කලින් කිව්ව සිස්ටම් එකට ඇදලා දාන්න උත්සහ කරනවා.ඒකෙන් බේරෙන්න බෑ,මුහුන දෙන්න විතරයි පුලුවන්.ඒකට මේ ගාමක බලය අත්‍යවශ්‍යයි.හැබැයි මේ උවමනාව සැබෑ උවමනාවක් වියයුතුයි.උඹ කැමති දෙයක්,උඹ ආදරය කරන දෙයක් වියයුතුයි.
2.ඔබේ මනසට අවශ්‍ය ආහාර දෙන්න.
දැවෙන උවමනාව බබානම් මේ තමයි මව්කිරි.තමන්ට ජීවිතේ කරන්න අවශ්‍ය දේ ලඟා කරන දේවල් වලින් මනස පුරවන්න.නලුවෙක් වෙන්න ඕන්නම් නලුවෙක් වගේ හිතන්න.සාර්ථක නලුවෙක්ගෙ ජීවිත කතාව කියවන්න.ඔහුගේ චිත්‍රපටයක් බලන්න.ක්‍රීඩකයෙක් වෙන්න ඕන්නම් ඒත් එහෙමයි.ජීවිතේ අවශ්‍ය දේට අදාල දේවල් බලන්න.මම පෞද්ගලිකව දන්නවා කෙනෙක්ගෙ ෆේස්බුක් පේජ් එක බැලුවනම් කියන්න පුලුවන් මිනිහගෙ හිතේ තියෙන්නෙ මොනවද කියලා.
3.ඔබේ ජාතියේ මිනිස්සු සමග එකතු වෙන්න.
උඹලා ක්‍රිකට් මැච් එකක් බලන්න ගියානම් හොඳට බලපන් යනකොට ඉන්න තැන නෙවෙයි ගොඩක් උන් එනකොට ඉන්නෙ.කොල්ලොනම් පපරයක් ගාවට සෙට් වෙලා නටනවා,වයසක මිනිස්සු පාඩුවෙ සයිඩ් එකකට වෙලා මැච් එක බලනවා.එක ජාතියෙ උන් ටික වෙලාවකින් එක තැනට සෙට් වෙනවා.මේක ජීවිතේදිත් එහෙමමයි.උඹ අනාගතයේ වෙන්නෙ කවුද කියලා උඹේ වටේ ඉන්න උන් දිහා බැලුවනම් උඹටම හිතාගන්න පුලුවන්.උඹට හිතෙනවනම් ඒක නෙවෙයි වෙන්න ඕනෙ කියලා,ආශ්‍රය කරන උන් වෙනස් කරපන්.
4.විශේෂිත දැනුමක් හදාගැනීම.
මේ කියන්නෙ ජීවිතේ තමන්ගෙ ෆීල්ඩ් එකේ මාස්ටර් කෙනෙක් වීම.උදාහරනෙක්ට උඹ බිස්නස් කාරයෙක්නම් බිස්නස් එකේ හැටියට සුපිරි දැනුමක් උඹට තියෙන්න ඕනෙ.ඒත් උඹ කරවල මුදලාලිනම් කරවල හදන හැටි උඹට වැඩක් නෑ.මිනිස්සු ගොඩක් දේවල් දන්නවා.ඩිග්රි තියෙනවා,ඩිප්ලෝමා තියෙනවා phd තියෙනවා ඒත් ඔය බහුතරේ අසාර්ථකයි.හේතුව ගොඩක් දේවල් දන්නවා,ඒත් වෙන්න ඕනෙ මොනවද කියලා නොදන්නාකම.ඒක කියන්න උන්ට වෙනම එකෙක් ඕනෙ.උට අපි කෙටියෙන් බොසා කියනවා.ඌ සමහරවිට ඕ ලෙවල් වලින් ගෙදර නැවතුන එකෙක් වෙන්න පුලුවන්.ඒත් ඌ දන්නවා ඊලගට මොකද කරන්න ඕනෙ කියලා.හැබැයි ඌ අර ඩිග්රි කාරයා තරම් ඒ ෆීල්ඩ් එක දන්නෙ නැති වෙන්න පුලුවන්.
ඉතුරු ටික පසුවට....![]()
