ඇයි අපි පොහොසත් නැත්තෙ?

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මමත් ඔය කතාව විස්වාස කරනවා බ්රෝ...නියමයි...
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ම්මෝ... pages 67 එක දිගටම කියෙව්ව. සිරාම thread 1 බන්... දිගටම කරගෙන යමු.:):)
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පොහොසත් උන් ඇත්තටම නරකද?සූරා කනවද?සල්ලි අපිව නරක් කරනවද?

    ගොඩක් උන් ගත්තු කටටම කියන්නෙ සල්ලි කාරයො හොරු,උන් ඔක්කොම නරකයි කියලා.සැකයක් තියෙනවනම් යට තියෙන ටැග්ස් කියපල්ලා.හැබැයි ඔය කියන එකෙක්වත් හොඳ ආර්ථික මට්ටමක නෑ කියලා සහතික වෙන්න පුලුවන් මට.හොඳයි අපි නිකමට හිතමු සල්ලි කාරයො නරකයි,උන් තමයි මේ රටේ ඉන්න ජරාම එවුන් කියලා.පොඩ්ඩක් සල්ලි නැති මධ්‍යම පන්තිය දිහා බලපන්,උන් ඔක්කොම හොඳයිද?පොලිස් කාරයොන්ගෙන් කීදෙනෙක් පගාගන්නවද කී දෙනෙක් නැද්ද?ගුරුවරු කී දෙනෙක් ඉස්කෝලෙ ඉගෙනගන්න තමන්ගෙ ක්ලාස් එන්නෙ නැති ළමයට කපනවද?රාජ්‍ය නිලධාරීන් කී දෙනෙක් ගොවීන්ට දෙනෙ පොහොර එක,ධීවරයොන්ට දෙන සහනාධාර,ඉස්පිරිතාලවල බෙහෙත් ටික හොරෙන් විකුනලා සල්ලි ගන්නවද?කොටින්ම ඔෆිස්වල ඉන්න් ක්ලාර්ක්ලා පවා ට්‍රයි කරන්නෙ හාෆ්ෂීට් බණ්ඩලයක් හරි ඔෆිස් එකෙන් උස්සන් ගෙදර ගෙනියන්න.මේ රටේ වැඩියෙන්ම හොරකම් කරන්න ගසාකන්න දඟලන්නෙ මේ මිනිස්සු.පොහොසත් මිනිස්සු මෙච්චර හොරකම් කරන්න දඟලන්නෙ නෑ මට සීයට දෙසීයක් ශුවර්.
    එතකොට ඇයි මේ පොහොසත් එකාටම මේ දේවල් දික් වෙන්නෙ?ඇයි ඌම හැමදාම බැනුම් අහන්නෙ?ඒකට හේතුව ඌත් අපේ පන්තියෙ නොවෙන එකෙක්.අපි හොඳටම දන්නවා ඔය පගා ගහලා,සහනාධාරෙ ගහලා,පොඩි දෙයක් උස්සලා ඌට අපිව පාස් කරලා යන්න බැරි බව.
    මට මතක නෑ කොහෙන්ද මේක කියෙව්වෙ කියලා,ඒත් මේ වාක්‍යය ඇති සුපිරියටම ඕක තේරුම් ගන්න.

    "හැම එකාටම ඕනෙ අපි සන්තෝසෙන් ඉන්නවා දකින්න,හැබැයි උට වඩා පහලින්"

    ඔන්න ඕක තමයි හේතුව මචන්ලා,අපේ උන්ට හොරෙන් පොල් ගෙඩිය ගෙනියන එකා පව් කියලා හිතෙන්නෙ ඌ අපිට වඩා දුප්පත් නිසා.හැබැයි කෝටිපතියෙක් ඔතනින් පොල් ගෙඩිය ගෙනිච්චන් අපි හිතන්නෙ "නොදකින් පරයා කෝටි ගානක් සල්ලි,ඒත් පොල් ගෙඩියෙනුත් කෙලින්න හදන්නෙ අපිටමයි" කියලා.අපි බයක් තව එකෙක් අපිව පාස් කරයි කියලා.ඒක නිසා අපිව පාස් කරපු උන්ට අපි වයිර කරනවා.අපිට පිටිපස්සෙන් එන උන්ට අපි අනුකම්පා කරනවා.
    ඇත්තම බලුවොත් හොරු ඉන්නෙ පොහොසත් සමාජෙ විතරක් නෙවෙයි,එකම වෙනස අපි ඒක දිහා බලන විදිය.
    බොහොම ස්තූතියි රෙප් දුන්න අයට සහ බම්ප් කරපු අයට,වැඩකුත් පාඩු කරගෙන මේ ටික දැම්මෙ බලන උන් ඉන්නවා කියලා දැක්ක නිසා.මම පස්සෙ දවසක මේ ඔක්කොම තනි ත්‍රෙඩ් එකකට ගන්නම්.
    :yes::yes::yes:
    Save
    Save

    very well said machan. great thread!
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හොඳයි පුතාලා දැඩි ඉල්ලීම් මධ්‍යයේ ඔන්න මම ආයෙත් මේකෙ ආර්ටිකල් එකක් එකක් දාන්න හදන්නෙ,අද ගෙනාවා මගෙ ජීවිතේ ගොඩක් ගරු අරන ඒ වගේම සිරා ඇත්ත කතාවක් උන ලෝ ඔෆ් ඇවරේජ් එහෙම නැත්තන් සාමාන්‍ය උන්ගේ නීතිය කියන එක.මේකෙන් කරන්න පුලුවන් වැඩ නිමක් කෙලවරක් නෑ පුතාලා... සල්ලි හොයන්න වගේම සුපිරි කෑල්ලක් දාගන්න විදියත් මම මේකෙ කියන්න හදන්නෙ (එහෙම කිව්වට තාම මට කෑල්ලක් නෑ සින්හලු:sorry: ) හබැයි මම කෑල්ලක් දාගත්තොත් කවදාහරි මේකට පින් සිද්ධ වෙන්න තමයි.
    හොඳයි මොකක්ද මේ ලෝ ඔෆ් ඇවරේජස් කියන්නෙ,ඒ කියන්නෙ ඇවරේජ් පොරක් සාර්ථක වෙන තියරි එක.ඒක වෙන්නෙ මෙහෙමයි අපි බඩුවක් විකුනන්න ගියොත් ඔනෙම මගුලක් 80%ක් දෙනා කොච්චර උඹේ ප්‍රොඩක්ට් එක හොඳ උනත් දැක්ක ගමන් රිජෙක්ට් කරනවා,අපි රුපියල් 1000ට රත්තරං පවුම දෙනවා කිව්වත් ඕක 500ට මම ගිය සතියෙ ගත්තා කියන උන් ගැන මම කියන්නෙ,මොකඛරි හේතුවක් හදාගෙන ඕක එපා කියන එක කියනවාමයි ඕකුන්,ඕක සර්විස් එකකට කියනවනම් උන් කැමති නෑ දැනට තියෙන සර්විස් එක වෙනස් කරන්න ලේසියකට.ඕකට පිචිස් වලනම් කියන්නෙ අවස්ථිතිය කියලා.ඉතින් උඹලා කවදාහරි බඩු විකුනන හෝ සර්විස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවනම් මේ 80% ගැන හිත හදාගනිල්ලා.එතකොට 10%ක් ඉන්නවා වැට උඩ පොරවල් මේ 10% උඩ තමයි පුතා හොඳ මාර්කටර් කෙනෙක් හා නරක මාර්කටර් කෙනෙක් අතර වෙනස කියන්නෙ,හොඳ මාර්කටර් කෙනෙක්ට මේ 10%න් ගොඩක් කඩන්න පුලුවන්,නරක එකෙක්ට පොඩ්ඩයි.ඉතින් මුන් ගොඩදගන්න පුලුවන් ටිකක් ට්‍රයි කරොත්,එතකොට ඉතුරු 10% තමයි ලේසි කස්ටර්මර්ලා ටික,උන්ට ඉතින් බඩු පෙන්නුවත් සල්ලි දීලා අරන් ඉවරයි,හරිම ලේසියි.ඒත් ඉතින් මේ 10% ඉන්නෙ අර 90% එක්ක මික්ස් වෙලා,සමහරවිට උඹට පලවෙනි සතියටම මේ වගේ එවුන් හම්බ වෙන්නෙ නැති වෙන්න පුලුවන්,ඒත් උඹ දිගටම ට්‍රයි කරොත් මේ වගේ කස්ටමර්ලා 10,15 එකදිගට සෙට් වෙන වෙලාවල් එනවා.ඉතින් උඹ ට්‍රයි කරන්න ඕනෙ මේ 10% හොයාගන්න මුලින්ම,පස්සෙ ටික ටික අර වැට උඩ 10% කඩලා ගන්න පුලුවන්.
    ඊලගට උඹලගෙ දැවෙන ප්‍රශ්නය,එතකොට කෙල්ලෙක් දාගන්න මේකේ වැදගත් වෙන්න කොහොමද? ඇත්තටම ඔය හොඳ ඇපල් පනුවො කන්නෙ ඇයි කියලා තමයි මේ කියන්නෙ හදන්නෙ.

    "අපිත් පනුවො තමයි කෝ යකෝ අපේ ඇපල්?"

    දැන් උඹලා දවසට පට්ට කෑලි කීයක් දකිනවද? 2,3ක්... 10ක් 20ක් වෙන්නත් පුලුවන්.කොහොමහරි අපි පට්ට කෑලි මාසෙට 300,400 කට එහා දකිනවනෙ. ඒත් ඉතින් ඕවා අපිට සෙට් වෙන එකක්යැ නේද? හැබැයි උඹලා නිකමට හිතුවද උඹලට ඕනෙ ඔතනින් එකයි කියලා? නෑනෙ. කෑලි ඔක්කොම එක කුලකෙට දාලා ඒවට සෙට් වෙලා ඉන්න කොල්ලො දිහා බලලා හූල්ලලා "තනිකඩ ජීවිතේ සැපයි" කියලා ස්ටේටස් දාන වෙලාවෙ අපි කරන්න ඕනෙ ඔය කෑල්ලකින් දෙකකින් අවන්කවම අහන එක.ඩෙෆා අපි වගේ කලු කොට කැත සින්හලුන්ට 80%ක් බෑ කියනවාමයි.ඒක අපිට විතරක් නෙවෙයි ශාරුක් ඛාන් ආවත් ඔය පුබ්බඩියො ඔහොම්මයි.ඒත් අපිට ඕනෙ එකයිනෙ බන්ස්.ඉතින් අපි අර 10% කින් එකක් හොයාගන්න එකයි කරන්න ඕනෙ,ඕක ඉතින් පලවෙනි ශොට් එක වෙන්නත් පුලුවන්,10වෙනි ෂොට් එක වෙන්නත් පුලුවන්.අපි අපිට කැමති පට්ට කෑල්ල හම්බ වෙනකල් අහගෙන යන්න තියෙන්නෙ.එහෙම කියලා නිකන් පොප්සියා වගේ අහුවෙන අහුවෙන එකෙන් අහන්න එපා,ඔෆිස් එකේ කෑල්ලකගෙන් ඇහුවොත් ඒකි බෑ කිව්වොත් ඊලගට බස් එකේ යන පට්ට කෑල්ලගෙන් අහපන්.ඒකත් බෑ කිව්වොත් ගමේ ඉන්න පට්ට කෑල්ලගෙන් අහපන්... අනිවා ඔය එකඛරි සෙට් වෙන එක ශුවර්.:D:D:D
     
    Last edited:

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    hammooo page 67ma kiyawala iwaraaaaaaaaii...
    patta watinawa kattiya dala thiyena adahas.
    watina adahas daapu kattiyatama thanks..
    digatama karagena yamu..
    me wage thread thamai kiriye udinma thiyenna one.