පොහොසත් උන් ඇත්තටම නරකද?සූරා කනවද?සල්ලි අපිව නරක් කරනවද?
ගොඩක් උන් ගත්තු කටටම කියන්නෙ සල්ලි කාරයො හොරු,උන් ඔක්කොම නරකයි කියලා.සැකයක් තියෙනවනම් යට තියෙන ටැග්ස් කියපල්ලා.හැබැයි ඔය කියන එකෙක්වත් හොඳ ආර්ථික මට්ටමක නෑ කියලා සහතික වෙන්න පුලුවන් මට.හොඳයි අපි නිකමට හිතමු සල්ලි කාරයො නරකයි,උන් තමයි මේ රටේ ඉන්න ජරාම එවුන් කියලා.පොඩ්ඩක් සල්ලි නැති මධ්‍යම පන්තිය දිහා බලපන්,උන් ඔක්කොම හොඳයිද?පොලිස් කාරයොන්ගෙන් කීදෙනෙක් පගාගන්නවද කී දෙනෙක් නැද්ද?ගුරුවරු කී දෙනෙක් ඉස්කෝලෙ ඉගෙනගන්න තමන්ගෙ ක්ලාස් එන්නෙ නැති ළමයට කපනවද?රාජ්‍ය නිලධාරීන් කී දෙනෙක් ගොවීන්ට දෙනෙ පොහොර එක,ධීවරයොන්ට දෙන සහනාධාර,ඉස්පිරිතාලවල බෙහෙත් ටික හොරෙන් විකුනලා සල්ලි ගන්නවද?කොටින්ම ඔෆිස්වල ඉන්න් ක්ලාර්ක්ලා පවා ට්‍රයි කරන්නෙ හාෆ්ෂීට් බණ්ඩලයක් හරි ඔෆිස් එකෙන් උස්සන් ගෙදර ගෙනියන්න.මේ රටේ වැඩියෙන්ම හොරකම් කරන්න ගසාකන්න දඟලන්නෙ මේ මිනිස්සු.පොහොසත් මිනිස්සු මෙච්චර හොරකම් කරන්න දඟලන්නෙ නෑ මට සීයට දෙසීයක් ශුවර්.
එතකොට ඇයි මේ පොහොසත් එකාටම මේ දේවල් දික් වෙන්නෙ?ඇයි ඌම හැමදාම බැනුම් අහන්නෙ?ඒකට හේතුව ඌත් අපේ පන්තියෙ නොවෙන එකෙක්.අපි හොඳටම දන්නවා ඔය පගා ගහලා,සහනාධාරෙ ගහලා,පොඩි දෙයක් උස්සලා ඌට අපිව පාස් කරලා යන්න බැරි බව.
මට මතක නෑ කොහෙන්ද මේක කියෙව්වෙ කියලා,ඒත් මේ වාක්‍යය ඇති සුපිරියටම ඕක තේරුම් ගන්න.
"හැම එකාටම ඕනෙ අපි සන්තෝසෙන් ඉන්නවා දකින්න,හැබැයි උට වඩා පහලින්"
ඔන්න ඕක තමයි හේතුව මචන්ලා,අපේ උන්ට හොරෙන් පොල් ගෙඩිය ගෙනියන එකා පව් කියලා හිතෙන්නෙ ඌ අපිට වඩා දුප්පත් නිසා.හැබැයි කෝටිපතියෙක් ඔතනින් පොල් ගෙඩිය ගෙනිච්චන් අපි හිතන්නෙ "නොදකින් පරයා කෝටි ගානක් සල්ලි,ඒත් පොල් ගෙඩියෙනුත් කෙලින්න හදන්නෙ අපිටමයි" කියලා.අපි බයක් තව එකෙක් අපිව පාස් කරයි කියලා.ඒක නිසා අපිව පාස් කරපු උන්ට අපි වයිර කරනවා.අපිට පිටිපස්සෙන් එන උන්ට අපි අනුකම්පා කරනවා.
ඇත්තම බලුවොත් හොරු ඉන්නෙ පොහොසත් සමාජෙ විතරක් නෙවෙයි,එකම වෙනස අපි ඒක දිහා බලන විදිය.
බොහොම ස්තූතියි රෙප් දුන්න අයට සහ බම්ප් කරපු අයට,වැඩකුත් පාඩු කරගෙන මේ ටික දැම්මෙ බලන උන් ඉන්නවා කියලා දැක්ක නිසා.මම පස්සෙ දවසක මේ ඔක්කොම තනි ත්‍රෙඩ් එකකට ගන්නම්.Save
Save
) හබැයි මම කෑල්ලක් දාගත්තොත් කවදාහරි මේකට පින් සිද්ධ වෙන්න තමයි.

