මොන මගුලටද බන් අපේ ටීම් එක යන්නේ ඉන්දියාවේ? නිකමට බලපන් බන්ගලාදේශ් උන් ඔහොම ඉන්දියාවේ ටුවර්ස් වලට යනවද? අපි තමයි එල්ලිලාම ඉන්නෙ BCCI උන් එක්ක. BCCI එකේ සල්ලි වලට ඇඔරෙන එක ඇත්ත. ඒත් මෙහෙන ටීම් එකේ උන් ටිකක් තත්වෙකට එද්දී හැමදාම ඉන්දියන් ටුවර් එකක් සෙට් කරගන්නවා. 
2005දිත් ඕකමයි වුනේ අපේ උන් 5-1 ද කොහෙද කෑවා. එතනින් පස්සේ ටීම් එක වැටුනා. 2014 දිත් පට්ට ෆෝම් එකේ හිටියේ. 2015 wc එකට කලින් 2014 අන්තිම කාලේ ටුවර් එකක් සෙට් කරගත්තා ඒක 4-1 ද කොහෙද අපි කෑවා ඒකෙන් අපි හිටපු ෆොම් එකත් බැහැලා ගියා සංගලා මහේලලා හිටපු කාලෙ මේවා වුනේ. මට මතකයි අර්ජුන එහෙම ගේමක් ඇද්දා 2014 සීරීස් එකට අපේ SLC එකත් එක්ක ඇයි ටුවර් එකක් දාගත්තේ කියලා. අනික ඉන්දියන් උන් කිව්වා අපේ දෙවන පෙලක් එව්වොත් කැන්සල් කරනවා කියකත් ටුවර් එක. 

මොකද සංගා මහේල විවේකයක් ගන්න ඕන කියලා ඔය කාලෙ කියල තිබ්බා මන් බොරුනම් පොඩ්ඩක් 2014 ඉන්දියාවේ ටුවර් එක ගැන හොයලා බලන්න. බංගලියෝ.ඇෆ්ගන් කාරයෝවත් ඔහොම පීචන් වෙන්න ඉන්දියාවේ යන්නේ නෑ බන් හැමදාම. 

මොකක්ද බන් අපේ බෝඩ් එකට වෙලා තියෙන්නෙ උන්ගේ පදේටම නටන්නේ මෙහෙම ෆේල් වෙනකොට Eng,Aus,Nz අඩුම SA ටුවර් එකක්වත් දෙන්නේ නෑ මොකද උන්ට ඕන හොද ගේමක් දෙන ටීම්. අනික ඉන්දියන් උන් නම් පට්ටම චාටර්. බලපන්කෝ අපිට දෙන පිච්. Flat tracks. 

අපේ එකෙක් ආසාවට IPl ගන්නේ නෑ ඒත් අපේ ටීම් එක උන්ට ඕන උන්ගේ ඇබිත්ත වැඩ කරන්න. කෝලියා ෆෝම් උනා රෝහිත් ෆෝම් උනා සූර්‍යා ෆෝම් උනා. උන්ට ඕන වුන දේ උන් කරගත්තා. හැමදාම අපිට ඊලග ටුවර් එක හරියට ගහමු කියන හෝප් එක තමයි තියෙන්නෙ...
අපේ cricket ඉවරයි. හරියට උරුගුවේ ෆුට් බෝල් ටීම් එක වගේ තමා. මුල් කාලේ වර්ඩ්කප් දෙකක් දින්නට ඊට පස්සේ සෙමිවත් ආවෙ නෑනේ...
දුකයි ක්‍රිකට් ගැන. මේකට දේශපාලනේ ගාවගන්න එපා.

එතකොට මේකට උත්තර හොයන්න අමාරුයි..