ඇයි මෙහෙම උනේ ?
කිසිම පක්ෂයකට කඩේ යෑමක් නොවන බව කරුණාවෙන් සලකන්න ...
ඇයි අපේ රටට මෙහෙම උනේ ?මචන් මට හිතෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ හොඳ වැඩිකම නිසයි අපිට මෙහෙම උනේ. අපේ මිනිස්සුන්ගේ ඕනෑවට වැඩ තියෙන අපේකම , කලගුණ සැලකීම , ගැතිකම .
උදාහරණයක් වශයෙන් අපේ පවුලේ එකෙක්ට ජොබ් එකක් හොයල දෙනවා මොකක් හරි පක්ෂෙක ඇමති/ මන්ත්රී කෙනෙක්. ඉතින් අපිට හිතෙනවා අපි මේ කරපු උදව්වට කාලගුණ සලකන්න ඕනේ කියල. ඉතින් එතන ඉඳන් මුළු පවුලම උට තමයි චන්දෙ දෙන්නේ . එතනින් එහාට ඌ කරන වැරදි එකක් වත් පෙන්නේ නෑ . ඌ කරන සියලු වැරදි සදාරනිකරණය කරනවා තමන්ගේ ආත්ම ගරුත්වය පවා බිල්ලට දීලා.
ගමේ එකෙක් චන්දයක් ඉල්ලුවොත් අපි බලන්නේ උට චන්දෙ දෙන්න. "ගමේ එකානේ " කියන එක අපේ හිත වලට එනවා කොච්චර නෑ කිව්වත්. මලගේදරකට අවොත් , අඩුම තරමේ පාරේදී හම්බෙලා හිනා වුනොත් ඇති සමහර මිනිස්සුන්ට.මොන වැරැද්ද කරත් "අපේ එකා " කරන වැරැද්ද සුද්ද කරන ගතියක් තියෙනව අපේ මිනිස්සුන්ගේ.
හිතන්න අපේ ගමට එන පාරක් හදල දුන්නොත් කනුවකට ලයිට් එකක් දාල දුන්නොත් අපේ මිනිස්සුන්ට ඒ ඇති පක්ෂෙකට වහල් වෙන්න . අයි අපි හිතන් නැත්තේ මේවා අපේම සල්ලි වලින් කරන්නේ කියලා.. ? අයි අපි හිතන්නේ නැත්තේ මේවා හදන ඒවා උන්ගේ වගකීම් තමයි කියල..? උන් මේවා කරන්න ඕනේ ඒ තනතුරු වලට ගියානම් . අපි අමුතුවෙන් ඒවාට කලගුණ සලකන්න ඕනේ නෑ මට හිතෙන විදියට. අපි උන්ගෙන් වැඩ ගන්න ඕන පුළුවන් තරම් . ඒ තනතුරු වලට ගියා නම් වැඩ කරපල්ලා පඩියක් දෙන්නේ වරප්රසාද ඕනෑවටත් වඩා දෙන්නේ වැඩ කරන්න තමයි නේද ? අනික වැරද්දක් නම් කවුරු කරත් එක වැරද්දම තමයි.සුද්ද කරන්න එපා ඔය එක බල්ලෙක්වත් . මෙන්න මේ තැනට අපේ මිනිස්සුන්ගේ mindset එක කවදා හරි හැදෙන්න ඕනේ. එකට තව කොච්චරක් කල් යයිද කියන එකයි ප්රශ්නේ.....
මට හිතෙන විදිය මේක . වැරද්දක් ඇතොත් පෙන්වා දෙන්න.

Last edited: