ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....

    ඔබ කවුරුත් දන්නවා NASA එහෙමත් නැතිනම් ජාතික අභ්‍යවකාෂ හා ගඟනගාමී පරිපාලන මණ්ඩලය... අද වන විට අභ්‍යවකාෂ තරණයේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කරන්නේ ඔවුන්.
    එදා මෙදා තුරදී NASA හී අභ්‍යවකාශ ෂටල ව්‍යාපෘතිය මගින් නිපදවා ඇති යානා ශ්‍රේණි එහෙමත් නැතිනම් ඔබීටර් ශ්‍රේණි සංඛ්‍යාව 6කි. විසිවන ශතවර්ශයේ මැද භාගයේ සිටම එහි ඉංජිනේරුවන් සිහින දැක්කා මිනිසුන් සහ භාණ්ඩ යන දෙවර්ගයම ප්‍රවාහනය කල හැකි උසස් අභ්‍යවකාෂ යාත්‍රාවක් නිර්මාණය කිරීමට. අද වන විට ඒ අභියෝගය ඉහලින්ම ජයගැනීමට ඔවුන් සමත් වෙල තියෙනවා .
    මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වෙනවා නවතම අභ්‍යවකාෂ යානයක (The orbiter) සැලැස්ම, ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිලිබඳ ඔබ දැනුවත් කිරීමට​
    .


    1256vjb.jpg

    මේ පහත රූප රාමු මඟින් දිස්වන්නේ ඔබීටර් එකක බාහිර පරිමාණ සහ එහි අභ්‍යන්තරයේ සැකැස්ම ගැන සාමාන්‍යය අදහසක් .... මෙහීදී විශේෂයෙන්ම සදහන් කරන්න ඔනේ මෙහි විවිද කොටස් සඳහා බාවිතා කරන ඉංග්‍රීසි නම් සිංහලයට පරිවර්ථනය කරේ නම් නැති බව ඇත්තටම එහෙම කරොත් මෙහි අදහස් හාත්පසින්ම වෙනස් වෙනවා... හැබැයි බැලූ බැල්මට එය තෙරුම් ගැනීම අපහසු නෑ.

    30jnwja.jpg
    2a7u5hh.png


    පාලක මැදිරි....

    මෙය තමයි ඔබීටර් එකේ කාර්ය මණ්ඩලය සදහා වෙන්වූ අවකාශය...එය ප්‍රධාන ලෙස මැදිරි දෙකකින් සමන්විත වේ. වර්ග අඩි 2,325 ක් තරම් වූ අවකාශයක් මෙහි නියමුවන්හට හා එහි පාලන ක්‍රියා සදහා වෙන් වී තිබෙනවා.
    මෙහි නියමුවන් දෙදෙනෙකු සදහා ධාවනය කල හැකි ලෙස වම් පස හා දකුණු පස දෙකෙහිම පාලන පද්ධති තිබීම සුවිශේෂි කරුණක්, එය හදිසි අවස්ථාවකදී මෙය හැසිරවීම සදහා භාවිතා කරන ලද උපක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ


    24lsisp.png

    පහත රූපයෙන් දිස්වන්නේ 21 වන ශතවර්ශය සදහා නිර්මාණය කර ඇති නවතම නියමු පාලක මැදිරියයි. එහි කැතෝඩ් කිරණ නල සහිත ඉතා පැතලි සහ සැහැල්ලු රූප රාමු තිර යොදාගනිමින් යාන්ත්‍රීය මිනුම් දර්ශක ලබා දේ.

    284ff8.png

    ප්‍රධාන එංජිම්........

    මේ ඔබීටර් වර්ගයේ යානයක් සමකෝණී ලෙස සවිකරන ලද ප්‍රධාන එංජිම් තුනකින් සමන්විත වන අතර ඒවා දනහනය කිරීම සදහා හයිඩ්‍රසීන් නම් ඉංධන භාවිතා කරයි. මීට අමතරව solid rocket booster නම් ඉංධන පිරවු භාහිර ටැංකි 2ක් සහ බාහිරින් සවි කරන ලද විශාල ඉංධන ටැංකියක් (External fuel tank) ඇත. වරක් කක්ෂ ගත වු පසු මේ එංජිම් ක්‍රියා විරහිත වන අතර නැවත පොලවට ලගා වීමේදී කුඩා උපමාරු පද්ධතිය (Orbiter Maneuvering system [OMS])ලෙස හදුන්වන එංජිම් 2ක් බාවිතා කරයි.

    2cyrwpx.png
    qybgcx.jpg


    දියත් කිරීමට සැකසුම.....

    පහත රූප මගින් කොහොමද මේ ඔබීටර් 1ක් කක්ෂ ගත කරන්න සූදානම් කරන්නේ කියන කාරණය ගැන ඔබට වැටහෙයි. මේ පිලිබඳව වැඩි විස්තරයක් ඉදිරිපත් නොකරන අතර යම් වැටහීමක් ලබා ගැනීමට රූප රාමු ප්‍රමාණවත් වෙයි ලියලා හිතනවා.

    2rrsbno.png
    2lt3475.png


    පොලවේ සිට අභ්‍යවකාශය දක්වා විනාඩි 8.5 න්..........

    මෙය කාල රාමු 5කට බෙදා දක්වනු ලබයි.

    1. වේදිකාවෙන් සමුගැන්ම-
    බින්දු වෙනි තප්පරයේදී ඔබීටර් එක එය ස්ථානගතකර ඇති වේදිකවෙන් නික්මෙයි. මේ සදහා එංජිම සහ පිටතින් සවිකර ඇති solid rocket booster යන දෙකම එකතුව නිවුටන් මිලියන 32.4 ක් තරම් වූ ඉතා විශාල තෙරපුමක් ලබාදේ.

    2. බූස්ටර් වෙන්වීම
    126 වෙනි තප්පරයේදී පිටතින් සවිකරන ලද rocket booster වල ඉංධන නිමා වී ඒවා වෙන් වීම මෙහිදී සිදු වේ. ඉතා වේගයෙන් පොලව වෙත ලගාවෙන මේ බූස්ටර් පැරෂුට් ආධාරයෙන් මුහුද වෙත මුදාහරී. මේවා පසුව නැවතත් භාවිතයට ගනු ලබයි.

    3. එංජිම් ක්‍රියාවිරහිත වීම
    විනාඩි 8කුත් තප්පර 30ක් ගතවූ පසු ප්‍රධාන එංජිම් ක්‍රිය විරහිත කිරීම සදාහා විධානයක් ලැබේ. බාහිරින් සවිකරන ලද ඉංධන ටැංකි ඉවර වීමට ඉතා ආසන්න අවස්තාවෙදී තමයි මෙය සිදු කරන්නේ.. එයට හේතුව නම් අදික දහනය නිසා රත්වූ ටැංකි මඟින් එංජිමට විය හැකි හානිය වැලකීමට.

    4. External ටැංකිය මුදාහරීම...
    8.40 වන විනඩියෙදී එනම් එංජිම ක්‍රියාවිරහිත කර තප්පර 10ක් ගතවූ පසු ඔබීටර් එක සහ ටැංකිය වෙන්වන අතර එය පොලව වෙත ලගා වේ. මෙය ඉහල වායූගෝලයේදීම කැබලි වලට වෙන් වන අතර මුහුද වෙත පතිතවේ.

    5. කක්ෂ ගත කිරීම-
    මෙහීදී මුලින් සදහන් කරන ලද Orbiter Maneuvering system [OMS]ලෙස හදුන්වන එංජිම් 2ක ක්‍රියාත්මක කරන අතර එය ඔබීටර් එක නැවත් වායුගෝලයට ඇදවැටීම වලක්වා ස්ථාවර කක්ෂීය තලයකට යොමු කරයි.


    m2a1k.png

    වැඩ රාජකාරි වල නිරත වෙමින්....


    16m28f5.png

    ගිනි ගෙන ගෙදර එනවා.....

    අදාල කටයුතු නිමවූ පසු මේ ඔබීටර් එක නැවතත් පොලව වෙත ලගා වෙනවා. ඇත්තටම වායුගෝලය දක්වා එය කඩා වැටෙනවා කිවුවොත් වඩා නිවැරදියි. මෙහිදී හටගන්නා වායු ප්‍රතිරෝධය නිසාවෙන් ඉතා ක්ෂණිකයෙන් මේ ඔබීටර් එකෙහි පහල පෘෂ්ටයේඋෂ්ණත්වය 1650 තරම්වු විශාල අගයක් ගන්නවා. මෙහිදී මූලික වශයෙන් වඩා රත්වන කොටස් ලෙස ඉදිරිපස (nose cap) හා පියාපත් කෙලවර හදුන්වන්න පුලුවන්... මෙය ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම gray Reinforced Carbon-Carbor (RCC) නම් අමුද්‍රව්‍ය යොදා ගන්නවා.

    103txt2.jpg

    මෙහි පහල පෘෂ්ටය නිමවා ඇත්තේ කලු ටයිල් එහෙම නැත්තම් black tiles ලෙස හදුන්වන ද්‍රව්‍ය යොදා ගෙනයි. එය ඉහල ගුනාත්මක බවකින් යුත් සිලිකන් ෆයිබර් හා වීදුරු වල එකතුවක්. මෙය ඔබීටර් හී බඳ නිමවා ඇති ඇලුමිනියම් ආවරණය 1260 ක් තරම්වූ උෂ්ණත්වයකින් ආරක්ෂා කිරීමට සමත් වෙනවා. පෘතුවියට ලඟා වීමට පෙර අභ්‍යවකාශය තුලදීම නිරන්තරයෙන් මේ පෘෂ්ටය පරික්ෂා කර අලුත් වැඩියා කරයි.


    15ry6pe.gif

    එදාමෙදා තුර නිපදවූ ඔබීටර්......

    01. Enterprise OV-101
    මෙය ප්‍රථම ඔබීටර් 1ක ලෙස සටහන් වේ. 1977 වර්ශයේදී නිපදවූ මෙය පලමුවෙන්ම 747 ගුවන් යානයක් මගින් ඉහල අවකාශයට ගෙන ගොස් එහි බිම පතිත වීමේ නිවරද්‍යතාව (drop-testing) පරික්ෂාකොට ඇත. නමුත් අධික වියදම් සහ තාක්ෂණික අපහසුතා මත මෙය අභ්‍යවකාශ ගත කොට නැත.

    2v82wci.jpg

    02. Columbia OV-102
    පියාසර කල පලමු ඔබීටර් 1ක මෙය වේ, 1981 අප්‍රේල් 12 වන දින මෙහි මංගල ගුවන් ගමන ආරම්භ කර අතර 2013 පෙබරවාරි 1 වන දා තෙක් සාර්ථක ගුවන්වාර 28 ක් සිදුකරනු ලැබුවත් අවාසනාවන්ත අයුරින් හත් දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලය සමඟ මෙය පෘතුවියට ලඟා වීමේදී විනාශ වූයේ දින 16ක අභ්‍යවකාශ මෙහෙවරකට පසුවයි.

    2pq9uo1.jpg
    25iofaf.jpg


    03. Challenger OV-099
    දෙවන අභ්‍යවකාශ ගත්වූ ඔබීටර් 1ක ලෙස නම් දරයි. 1983 අප්‍රේල් 4 වන දින මංගල ගමන ආරම්භ කල අතර 10 වරක් අභ්‍යවකාශගත වී ඇත. 1986 ජානවාරි 28 වන දින පුද්ගලයන් 7ක් රැගත් මෙය 73 වෙනි තප්පරයේදී ගිනි ගෙන විනාශ විය.

    16c9i4j.jpg
    04. Discovery OV-103
    1984 වර්ෂයේ ගුවන් ගමන් ආරම්භ කළ මෙය 39 වතාවක් අභ්‍යවකාශ ගතවෙමින් වාර්තා තබා ඇත. 1990 වර්ෂයේදී හබල් දුරේක්ෂය කක්ෂ ගත කරනු ලැබුවේ මෙහි ආධාරයෙනි.

    10dsev9.jpg

    05. Atlantis OV-104
    1985 දී ප්‍රථම ගුවන් සැසිය ආරක්ෂක මෙහෙයුමක් සදහා අභ්‍යවකාශ ගතකොට ඇති අතර 2012 මැයි මස වන විට එය 32 වෙනි වතාවක් ගුවන් ගත වී ඇත.

    f9mxoh.jpg

    06. Endeavour OV-105
    මේ දක්වා නිපදවා ඇති අවසාන ඔබීටර් 1ක මෙය වේ. 1992 වසරේදී සිය පලමු අභ්‍යවකාශ ගමන් ඇරබි මෙය 25 වාරයක් සිය මෙහෙයුම් කටයුතු සිදු කර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම අලුත් අමතර කොටස් යොද ගනිමින් මෙය ප්‍රතිනිර්මාණය කොට ඇත.


    f08d1y.jpg

    මේ ගැන කතා කරන්නනම් ගොඩාක් දේවල් තියෙනවා... ත්‍රෙඩ් 1ක දිග වැඩිවෙන නිසා අත්‍යවශයෙන්ම සදහන් කල යුතු කරුණු වලට සිමා වෙන්න සිදුවුනා.........

    ස්තූතියි සියලු දෙනාටම.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලහං නේ ඒකෙත් හැටි උන් භාණ්ඩයි මිනිස්සුයි ප්‍රවාහනය කරන්න පුළුවන් ඒව හදනව අපි මෙහෙ කූඹි තිය තිය කඩදාසි ප්ලේන් යවනව :sorry: :sorry:
    සිඞ්හලුන්ට කවදා හරියයිද :( :(
    රෙප්
     
    • Like
    Reactions: Dineth1990

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    බලහං නේ ඒකෙත් හැටි උන් භාණ්ඩයි මිනිස්සුයි ප්‍රවාහනය කරන්න පුළුවන් ඒව හදනව අපි මෙහෙ කූඹි තිය තිය කඩදාසි ප්ලේන් යවනව :sorry: :sorry:
    සිඞ්හලුන්ට කවදා හරියයිද :( :(
    රෙප්

    :lol::lol::lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    හොද ලිපියක්.

    මම තව දෙයක් එකතු කරන්නම්. මුලිම් සැලසුම් කරේ සැම සති දෙකකට් වරක් අබ්යවකෂ ගත වෙන්න. එත් ඇයි මේ space shuttle වැඩසටහන නතර කලේ ?.

    (1) අදික පිරිවැය - මේක නඩත්තු කරන්න 10,000 වැඩිය පිරිසක් ඕන. ඉස්සර වගේ නෙවි අද වැටුප් වලට යන වියදම ඉහලයි.

    (2) ආරක්ෂාව - මේකේ සැලසුමේම ප්‍රස්නයක් තියෙනවා. ප්‍රදාන රෝකට් එක පිපිරුවොත් shuttle එක අනිවාර්යයෙන් විනාශ වෙනවා.

    අනෙක් අතට සාමාන්‍ය rocket එකක ඉහලම තමයි මිනිස්සු හෝ බඩු ගෙනියන්නේ. පහල පිපිරුවොත් ඉහල කොටසට පුළුවන් ඉවත් වෙන්න. හරියට fighter jet එකක් අනතුරට ලක් වෙනකොට, pilot අසුන ඉවත් වෙනවා වගේ.

    russia-progress-44-soyuz-launch-aug-24.jpg


    (3) පොඩි පොඩි දේවල් නම් සාමාන්‍ය rocket හෝ පුද්ගලික කාර්යක්ෂම අවකාශ යන වලින් අබ්යවකාශ ගත කරන එක ලාබයි.

     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    හොද ලිපියක්.

    මම තව දෙයක් එකතු කරන්නම්. මුලිම් සැලසුම් කරේ සැම සති දෙකකට් වරක් අබ්යවකෂ ගත වෙන්න. එත් ඇයි මේ space shuttle වැඩසටහන නතර කලේ ?.

    (1) අදික පිරිවැය - මේක නඩත්තු කරන්න 10,000 වැඩිය පිරිසක් ඕන. ඉස්සර වගේ නෙවි අද වැටුප් වලට යන වියදම ඉහලයි.

    (2) ආරක්ෂාව - මේකේ සැලසුමේම ප්‍රස්නයක් තියෙනවා. ප්‍රදාන රෝකට් එක පිපිරුවොත් shuttle එක අනිවාර්යයෙන් විනාශ වෙනවා.

    අනෙක් අතට සාමාන්‍ය rocket එකක ඉහලම තමයි මිනිස්සු හෝ බඩු ගෙනියන්නේ. පහල පිපිරුවොත් ඉහල කොටසට පුළුවන් ඉවත් වෙන්න. හරියට fighter jet එකක් අනතුරට ලක් වෙනකොට, pilot අසුන ඉවත් වෙනවා වගේ.

    russia-progress-44-soyuz-launch-aug-24.jpg


    (3) පොඩි පොඩි දේවල් නම් සාමාන්‍ය rocket හෝ පුද්ගලික කාර්යක්ෂම අවකාශ යන වලින් අබ්යවකාශ ගත කරන එක ලාබයි.


    Thanks machan....
     
    • Like
    Reactions: arsehole-froce

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks මචං හොද පෝස්ට් එකක්.
    මහන්සි වෙලා හැදුවට ස්තූතී.
    +15


    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ
    02. Columbia OV-102 විනාශ වුනේ 2013 නොවැම්බර් 1 නෙවෙයි 2003 නොවැම්බර් 1
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    Thanks මචං හොද පෝස්ට් එකක්.
    මහන්සි වෙලා හැදුවට ස්තූතී.
    +15


    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ
    02. Columbia OV-102 විනාශ වුනේ 2013 නොවැම්බර් 1 නෙවෙයි 2003 නොවැම්බර් 1

    ස්තුති ගොඩක්