වරිගය කියන්නේ කුලයට. සිංහල මිනිස්සු අතර තියෙන තියෙන කුල භේදය වගේ තමයි. වැද්දොත් ඌරු වරිගේ, තලා වරිගේ, මොරාන වරිගේ කියලා කුල භෙදාගෙන තියෙනවා. ඔය හැම කුලයකම සම්භවය ගැන කතා තියෙනවා. ඔය වරිගේ පරම්පරාව තීරණය කරන්නේ මව් පාර්ශවය පදනම් කරගෙන කියනවානේ. එක් ගැබිනි කාන්තාවක් කැලයේ ඉද්දි ඇයට විළිරුදාවක් ඇති වුණාලු. ගල්තලාවකට වත් යා ගන්න බැරුව ඇය ඌරෙකු හාරපු වලක දී තම දරුවා බිහි කලාලු. ඒ දරුවගෙන් ඇරඹුණ පරම්පරාව ඌරු වරිගය කියලා හදුන්වනවා කියලත් කියනවා.