1). මම පුංචි කාලේ කියෙව්වා "එ_ හෙල__" කියලා පොතක්. රොබට් නොකස් කියලා ඉංග්‍රීසි ජාතිකයෙක්, අපේ රට ගැන කරපු වර්ණනාවක් තමයි ඒකෙ තියෙන්නේ. මට හරිම ආඩම්බර හිතුණා ඒක කියවද්දී.
අවුරුදු 15කට පස්සේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ තිබිලා, රොබට් නොකස් ලියපු ඇත්තම ඉංග්‍රීසි පොත කියෙව්වමයි මම දැනගත්තේ, අර සිංහල පොතේ වචනයක් හැර වචනයක් තියෙන්නේ, පට්ටපල් බොරු කියලා.
එතකොටයි මම දැනගත්තේ, ඇත්ත ඉංග්‍රීසි පොතේ තියෙන්නේ, මේ රටේ හිටිය ස්වදේශීක පාලකයෝ මොනතරම් නපුරු මිනිස්සු කොටසක්ද කියලා කෙරෙන විස්තරයක් බව. එයාලා සාමාන්‍ය මිනිස්සුන්ට සැලකුවේ, මොනතරම් නපුරු විදියට කියන එක ගැන විස්තරයක් බව.
2). මගේ ගුරුතුමියන්ලා හැමදාම මට කිව්වේ, අපේ මවු භාෂාවෙන් ඉගෙනගන්න එක ගැන ආඩම්බර වෙන්න කියලා. මීට වෙනස් මතයක් දරපු අපේ ඉංග්‍රීසි ගුරුතුමියට, මුලු පන්තියම හිනා වුණා.
විශ්වවිද්‍යාලයට ආව පලවෙනි සතියෙයි මට තේරුණේ, ඝාතීය ශ්‍රිතය.. ව්‍යුත්පන්නය.. වගේ විකාර වචන, මගේ ජීවිතයේ ආයේ කවදාවත් පාවිච්චි වෙන්නේ නෑ කියලා. දැන් මට ආයේ මුල ඉඳලා English Terminology ඉගෙනගන්න වෙනවා කියලා.
3). මට හැමදාම ඇහුණේ "දේශීය සමාගම් හරිම හොඳයි.. අපි ඒවා නොමිලේ promote කරන්න ඕනා.. අපි දේශීය සමාගම් රැකගන්න ඕනා.." වගේ කතන්දර.
ශ්‍රී ලංකාවේ තියෙන, විදේශීය පරිගණක සමාගමකට ගියපු පලවෙනි දවසෙයි මම දැනගත්තේ, දේශීය සමාගම් මේච්චර කල් කරලා තියෙන්නේ, මගේ අම්මාලා තාත්තලාව, මගේ අයියලා අක්කලාව සුරාගෙන කන එක විතරයි කියලා. විදේශීය සමාගම් තමයි ඇත්තටම සත්පුරුෂ කියලා.
............................................
දෙවියනේ ඇයි ඔයාලා අපට මේ තරම් බොරු කියන්නේ? ඔයාලා අපට කියපු බොරු ලයිස්තුව, මට මෙහෙම දිගට දිගට ලියන්න පුළුවන් දවස් දෙකක් විතර යනකල්.
අපට මෙහෙම බොරු කියලා ඔයාලට මොනවද ලැබුණේ? මෙහෙම නැති අභිමානයක් හදන්න ගිහිල්ලා, අන්තිමට වේලක් හැර වේලක් බඩගින්නේ ඉන්න රටක් නේද හැදුනේ?
මගේ ආදරණීය දරුවනේ, ඔයාලවත් බුද්ධිමත් වෙන්න. අපේ වැඩිහිටියෝ කියන දේවල් හරිම පරිස්සමට ගිලින්න. මේක මහාචාර්යවරයාගේ ඉඳලා, හවසට රූපවාහිනියේ උඩ පනින නිලිය දක්වා, හැමෝම බොරු කියන රටක්.
දරුවනි, කිසිම සංස්කෘතියක් ගෙඩිය පිටින් හොඳයි කියලා ගන්න එපා! ලෝකයේ හැම තැනකම හොඳත් තියෙනවා. ලෝකයේ හැම තැනකම නරකත් තියෙනවා. සමස්ත ලෝකය දිහාම බලලා, හැමතැනකම තියෙන හොඳම දේවල් ටික හොයාගෙන එන්න උත්සාහ කරන්න.
අන්න එහෙමයි ඇත්තටම සුන්දර රටක් හදන්නේ. අන්න එහෙමයි සත්පුරුෂ රටක් හදන්නේ.
අපි දැන්වත් වෙනස් වෙමු! අපි දැන්වත් modern වෙමු! අපි මේ රට හරිම ලස්සනට හදමු!

- @Sujeeva

Anek peg karapu honda than wala kollo out unu gaman $1400-1600 ganiddi SLASSCOM company ekaka $300-$450 ta wada karanawa kiyanne gammak thama