ඇයි ඔයාලා මෙච්චර අපට බොරු කියන්නේ? 🤔

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    1). මම පුංචි කාලේ කියෙව්වා "එ_ හෙල__" කියලා පොතක්. රොබට් නොකස් කියලා ඉංග්‍රීසි ජාතිකයෙක්, අපේ රට ගැන කරපු වර්ණනාවක් තමයි ඒකෙ තියෙන්නේ. මට හරිම ආඩම්බර හිතුණා ඒක කියවද්දී.

    අවුරුදු 15කට පස්සේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ තිබිලා, රොබට් නොකස් ලියපු ඇත්තම ඉංග්‍රීසි පොත කියෙව්වමයි මම දැනගත්තේ, අර සිංහල පොතේ වචනයක් හැර වචනයක් තියෙන්නේ, පට්ටපල් බොරු කියලා.

    එතකොටයි මම දැනගත්තේ, ඇත්ත ඉංග්‍රීසි පොතේ තියෙන්නේ, මේ රටේ හිටිය ස්වදේශීක පාලකයෝ මොනතරම් නපුරු මිනිස්සු කොටසක්ද කියලා කෙරෙන විස්තරයක් බව. එයාලා සාමාන්‍ය මිනිස්සුන්ට සැලකුවේ, මොනතරම් නපුරු විදියට කියන එක ගැන විස්තරයක් බව.

    2). මගේ ගුරුතුමියන්ලා හැමදාම මට කිව්වේ, අපේ මවු භාෂාවෙන් ඉගෙනගන්න එක ගැන ආඩම්බර වෙන්න කියලා. මීට වෙනස් මතයක් දරපු අපේ ඉංග්‍රීසි ගුරුතුමියට, මුලු පන්තියම හිනා වුණා.

    විශ්වවිද්‍යාලයට ආව පලවෙනි සතියෙයි මට තේරුණේ, ඝාතීය ශ්‍රිතය.. ව්‍යුත්පන්නය.. වගේ විකාර වචන, මගේ ජීවිතයේ ආයේ කවදාවත් පාවිච්චි වෙන්නේ නෑ කියලා. දැන් මට ආයේ මුල ඉඳලා English Terminology ඉගෙනගන්න වෙනවා කියලා.

    3). මට හැමදාම ඇහුණේ "දේශීය සමාගම් හරිම හොඳයි.. අපි ඒවා නොමිලේ promote කරන්න ඕනා.. අපි දේශීය සමාගම් රැකගන්න ඕනා.." වගේ කතන්දර.

    ශ්‍රී ලංකාවේ තියෙන, විදේශීය පරිගණක සමාගමකට ගියපු පලවෙනි දවසෙයි මම දැනගත්තේ, දේශීය සමාගම් මේච්චර කල් කරලා තියෙන්නේ, මගේ අම්මාලා තාත්තලාව, මගේ අයියලා අක්කලාව සුරාගෙන කන එක විතරයි කියලා. විදේශීය සමාගම් තමයි ඇත්තටම සත්පුරුෂ කියලා.

    ............................................

    දෙවියනේ ඇයි ඔයාලා අපට මේ තරම් බොරු කියන්නේ? ඔයාලා අපට කියපු බොරු ලයිස්තුව, මට මෙහෙම දිගට දිගට ලියන්න පුළුවන් දවස් දෙකක් විතර යනකල්.

    අපට මෙහෙම බොරු කියලා ඔයාලට මොනවද ලැබුණේ? මෙහෙම නැති අභිමානයක් හදන්න ගිහිල්ලා, අන්තිමට වේලක් හැර වේලක් බඩගින්නේ ඉන්න රටක් නේද හැදුනේ?

    මගේ ආදරණීය දරුවනේ, ඔයාලවත් බුද්ධිමත් වෙන්න. අපේ වැඩිහිටියෝ කියන දේවල් හරිම පරිස්සමට ගිලින්න. මේක මහාචාර්යවරයාගේ ඉඳලා, හවසට රූපවාහිනියේ උඩ පනින නිලිය දක්වා, හැමෝම බොරු කියන රටක්.

    දරුවනි, කිසිම සංස්කෘතියක් ගෙඩිය පිටින් හොඳයි කියලා ගන්න එපා! ලෝකයේ හැම තැනකම හොඳත් තියෙනවා. ලෝකයේ හැම තැනකම නරකත් තියෙනවා. සමස්ත ලෝකය දිහාම බලලා, හැමතැනකම තියෙන හොඳම දේවල් ටික හොයාගෙන එන්න උත්සාහ කරන්න.

    අන්න එහෙමයි ඇත්තටම සුන්දර රටක් හදන්නේ. අන්න එහෙමයි සත්පුරුෂ රටක් හදන්නේ.

    අපි දැන්වත් වෙනස් වෙමු! අපි දැන්වත් modern වෙමු! අපි මේ රට හරිම ලස්සනට හදමු! 🙂❤️

    FB_IMG_1670326760851.jpg


    - @Sujeeva
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    රී ලංකාවේ තියෙන, විදේශීය පරිගණක සමාගමකට ගියපු පලවෙනි දවසෙයි මම දැනගත්තේ, දේශීය සමාගම් මේච්චර කල් කරලා තියෙන්නේ, මගේ අම්මාලා තාත්තලාව, මගේ අයියලා අක්කලාව සුරාගෙන කන එක විතරයි කියලා. විදේශීය සමාගම් තමයි ඇත්තටම සත්පුරුෂ කියලා. :baffled:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මම පුංචි කාලේ කියෙව්වා "එ_ හෙල__" කියලා පොතක්. රොබට් නොකස් කියලා ඉංග්‍රීසි ජාතිකයෙක්, අපේ රට ගැන කරපු වර්ණනාවක් තමයි ඒකෙ තියෙන්නේ. මට හරිම ආඩම්බර හිතුණා ඒක කියවද්දී.

    අවුරුදු 15කට පස්සේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ තිබිලා, රොබට් නොකස් ලියපු ඇත්තම ඉංග්‍රීසි පොත කියෙව්වමයි මම දැනගත්තේ, අර සිංහල පොතේ වචනයක් හැර වචනයක් තියෙන්නේ, පට්ටපල් බොරු කියලා.
    මේක ඇත්ත ද බන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඌ බං නැව කුණාටුවකට අහුවෙලා ආවම අල්ලන් හිර කරපු එකෙක්නෙ

    ඉතින් මලෙන් තමයි ලියල තියෙන්නේ :rofl:
    ඒකත් ඇත්ත හැබැයි 😅
     
    • Like
    Reactions: elajani

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    එක බලලා දුක හිතිල තමා සුද්දා ඇවිත් රජාවයි වෙල්ලල්ලසේ කොල්ලයි බල්ලයි හෙම එකම ලෙප්ට් කරලා ගියේ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    හෑලි ලියන අයගෙ එක පොදු ලක්ෂණයක් තියනව. තමන්ගෙම ෆොටෝ එකක් දාල හෑල්ලක් ලියනව.
    රසික ජයකොඩි අර යෙහාලිගෙ සීන් එකේ චොර උන ඩයල් එකත් ඒ වගේ. මේ හෑල්ල ලියපු එකත් ඒ වගේ.

    PS:
    හෑල්ලක් නිසා කියෙව්වෙ නෑ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේක ඇත්ත ද බන්

    ඔව් ඇත්ත ඉංග්‍රීසි පොතේ ලියල තියෙන සිංහල සංස්කෘතියේ තිබුනු සමහර නරක ලක්ෂන සිංහල පොතේ දාලා නෑ. උදාහරණයක් විදියට ඉංග්‍රීසි පොතේ තියෙනවා ඒ කාලේ ලංකාවේ පවුල්වල වැරදි නැකතකින් ඉපදුණු ළමයින්ව මරනවා කියලා. සිංහල පොතේ ඒවාගේ ඒවා ලියලා නෑ. (Source: An Historical Relation Of the Island Ceylon, in the East-Indies )
    They often destroy new born Infants. They have no Midwives, but the neighbouring good Women come in and do that Office. As soon as the Child is born, the Father or some Friend apply themselves to an Astrologer to enquire, whether the Child be born in a prosperous Planet, and a good hour or in an evil. If it be found to be in an evil they presently destroy it, either by starving it, letting it lye and die, or by drowning it, putting its head into a Vessel of water, or by burying it alive, or else by giving it to some body of the same degree with themselves; who often will take such Children, and bring them up by hand with Rice and Milk; for they say, the Child will be unhappy to the Parents, but to none else. We have asked them why they will deal so with their poor Infants, that come out of their Bowels. They will indeed have a kind of regret and trouble at it. But they will say withal, Why should I bring up a Devil in my House? For they believe, a Child born in an ill hour, will prove a plague and vexation to his Parents by his disobedience and untowardliness.
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේක රාවණා පරපුරේ තනි සිංහල බෞද්ධ රට යකෝ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඔව් ඇත්ත ඉංග්‍රීසි පොතේ ලියල තියෙන සිංහල සංස්කෘතියේ තිබුනු සමහර නරක ලක්ෂන සිංහල පොතේ දාලා නෑ. උදාහරණයක් විදියට ඉංග්‍රීසි පොතේ තියෙනවා ඒ කාලේ ලංකාවේ පවුල්වල වැරදි නැකතකින් ඉපදුණු ළමයින්ව මරනවා කියලා. සිංහල පොතේ ඒවාගේ ඒවා ලියලා නෑ. (Source: An Historical Relation Of the Island Ceylon, in the East-Indies )
    අපෝ කැරිම ටොක්සික් පොතක් වෙන්ටැ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපෝ කැරිම ටොක්සික් පොතක් වෙන්ටැ

    පොත කියවද්දී මටනම් තේරුණේ පුද්ගලික අදහස් හෝ උපකල්පන නැතුව තනිකරම නිරික්ෂන මත පදනම්ව ලියපු එකක් කියලා.
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    රී ලංකාවේ තියෙන, විදේශීය පරිගණක සමාගමකට ගියපු පලවෙනි දවසෙයි මම දැනගත්තේ, දේශීය සමාගම් මේච්චර කල් කරලා තියෙන්නේ, මගේ අම්මාලා තාත්තලාව, මගේ අයියලා අක්කලාව සුරාගෙන කන එක විතරයි කියලා. විදේශීය සමාගම් තමයි ඇත්තටම සත්පුරුෂ කියලා. :baffled:
    Mu danne nadda hama company ekakama target eka profit wadi karaganna eka kiyala 🤣
     
    • Haha
    Reactions: 33000v

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    පොත කියවද්දී මටනම් තේරුණේ පුද්ගලික අදහස් හෝ උපකල්පන නැතුව තනිකරම නිරික්ෂන මත පදනම්ව ලියපු එකක් කියලා.
    ඔරිජිනල් පොතද පරිවර්තනේද?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,431
    4,682
    113
    Mu danne nadda hama company ekakama target eka profit wadi karaganna eka kiyala 🤣
    E uanta SLASSCOM company wala tiyena atal eka kohomada ? :D Anek peg karapu honda than wala kollo out unu gaman $1400-1600 ganiddi SLASSCOM company ekaka $300-$450 ta wada karanawa kiyanne gammak thama :rofl:
     
    • Haha
    Reactions: AlphaStigma

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    රී ලංකාවේ තියෙන, විදේශීය පරිගණක සමාගමකට ගියපු පලවෙනි දවසෙයි මම දැනගත්තේ, දේශීය සමාගම් මේච්චර කල් කරලා තියෙන්නේ, මගේ අම්මාලා තාත්තලාව, මගේ අයියලා අක්කලාව සුරාගෙන කන එක විතරයි කියලා. විදේශීය සමාගම් තමයි ඇත්තටම සත්පුරුෂ කියලා. :baffled:
    කතාව හදනකොට ටිකක් වැරදිලා. පොඩ්ඩක් තාත්විකව ලියන්න බැරි වෙලා ඒ හරිය. අව්ලක් නෑ ටික දවසක් හෑලි ලියනකොට හරියයි. Audience එක හදාගෙන කුලියට ලියන Contract එකක් සෙට් කරගන්න හදන්නේ.

    මූ කියල තියන ඒවා ඇත්ත තමා. අපේ හුත්තල ඕව කියවල මුන්ව වන්දනාමාන කරගෙන ඉන්න එක තමා අව්ල