කහ ආනයන තහනම පැනවිය යුතුව තිබුණේ, තහනමට ලක්කල භෝග වර්ග දේශීයව නිෂ්පාදනය කිරීමේ පුළුල් වැඩ පිළිවෙළක් ද සමගිනි. එවැන්නක් සිදු වූවා නම් ‘මිල ඉහළ යාමේ’ හෝ ‘හිඟයක් ඇති වීමේ’ ඉඩකඩ ඇහිරී යයි. අනෙක, යම් භෝගයක් සිටුවා ඵල දරන තත්ත්වයට වර්ධනය වීමට ද කාලයක් ගත වේ. වර්ෂාව ආදී බාහිර සාධක ද ඒවාට බලපායි. වෙළෙඳපොළෙහි කහ සහ උඳු ආදී ආහාර භෝග හිඟ වීමෙන් පෙනී යන්නේ එවන් කාරණා ගැන සැලකිල්ලකින් තොරව ආනයන තහනම පැනවුණු බවයි.
කහ සම්බන්ධයෙන් ගතහොත්, දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා, වාර්ෂිකව වියළි කහ මෙට්‍රික් ටොන් 4700ක් පමණ පිට රටින් ආනයනය කරන්නට සිදු වේ. අපේ රටට කහ ආනයනය කෙරෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි.
වසරකට මෙට්‍රික් ටොන් 4700ක කහ තොගයක්, රට ඇතුළෙන් ම නිපදවා ගන්නා ආකාරය ගැන කල්පනා කරන්නට තිබුණේ තහනම පනවන්නට පෙර දී ය. අපට ඒ සඳහා ගොවි බිම් සහ ඇඹරීමේ තාක්ෂණය තිබේ ද? යන්න, මෙහි දී සලකා බැලිය යුතුව තිබිණි. එවැන්නක් නොවූ බව, රට පුරා අසන්නට ලැබෙන උග්‍ර කහ හිඟයෙන් පැහැදිලිය.
එමෙන්ම සලකා බැලිය යුතු ප්‍රධාන කරණයක් නම් දැනට කහ වගාවට අලුතින් යොමු වූ ගොවීන් (කහ මිල ඉහල යෑම නිසා ) මිට පෙර වෙනත් වගාවක නියැලුණු ගොවීන් එම වගාවෙන් ඉවත් වී කහ වගාකරනවද යන්නයි , එසේ උවහොත් කග ආනයනය නැවතුනද , වෙනත් භෝගයක් අලුතින් ආනයනය කිරීමට සිදුවිය හැක