මම කිරියට අලුත් ඇත්තටම මගෙ account එක බැලුවොත් ඒක බලාගන්න පුලුවන්. සමහරවිට මේ suggestion එක කලිනුත් ඇවිල්ල ඇති. ඇයි කිරියට Reddit වල තියනව වගේ voting system එකක් හඳුන්වලා දෙන්නෙ නැත්තෙ. මම දැකල තියේ සමහර thread වල ඒක තියනව ඒත් කවුරුත් පාවිච්චි කරන බවක් නම් පේන්නෙ නෑ. thread එක උඩට ගන්න හැම වෙලේම කරන්නෙ "bump" කියල ටයිප් කරන එක, මට හිතෙන විදිහට ඒ ක්‍රමයෙන් වැදගත් comment යට ගිහින් thread එකක quality එක අඩු වෙනව නේද? ඒත් voting system එකකින් තමන් කැමති thread එකකට ලේසියෙන්ම vote කරල උඩට ගන්න පුලුවන්. ඒක thread එකේ quality එක වැඩි කරන්නත් හේතුවෙයි කියල හිතනවා. හැබැයි ඒ ක්‍රමෙන් අවුරුදු ගාණක් පරණ threads නම් උඩට ගන්න බැරිවෙයි. මම මේ හිටපු දවස් ටිකේ හිතට ආපු දෙයක් කීවෙ.
...............................