ඇයි ගොඩක් බඩු වල ගනන් මෙහෙම දාල තියෙන්නෙ...

nastaya

Junior member
  • Jan 8, 2023
    44
    69
    18
    Gampaha
    ඇයි බන් ගොඩක් පිටරටවල් වල බඩු වල ගනන් ඉවරවෙන්නෙ සත 99න් හරි සත 49න්? එක්කො එක්කො මොනව කලත් ගොඩක් වෙලාවට සත 9කින් තමා ඉවරවෙන්නෙ.
    කලාතුරකින් තමා බඩු හරියට round කරල price දාල තියෙන්නෙ. උන්ට මොකක්ද වාසිය ඔහොම දැම්ම කියල?

    ලංකාවෙ ඔහොම නැති උනාට පිටරටවල් වල ඔහොම්මමයි නේද?
    ඕක මොකක් හරි marketing trick එකක්ද? මොකද උදාහරණයක් විදියට $5 එක $4.99 කරල දාපුවාම මනසට දැනෙන්නෙ අඩුයි කියල වගේ නේද? මොකද 4 < 5 නිසා. ප්‍රශ්නෙ තියෙන්නෙ $1.50 එකක් $1.49 ට දාන කොට එකට ඔය trick එක අදාල වෙන්නෙ නැහැනෙ.
    නැත්තම් වෙන මොකක් හරි හේතුවක්ද?

    ඔය ගනන් credit card වලින් ගන්න කොට අවුලක් වෙන්නෙ නෑ කියල තේරෙනව, ඒත් ඇයි ඔහොම price label කරන්නෙ කියල මට හිතාගන්න බෑ. දන්නෙ කෙනෙක් ඉන්නවද මේ ගැන?

    rsz_1657109614854_tdy_money_7a_erin_grocery_prices_220706_1920x1080-htep14.jpg


    තව කියමු අපි ඇත්තටම $5 cash වලින් දීලා $4.99 බඩුවක් ගත්තොත් ඔය ඉතුරු සතේ අපිට අතට දෙනවද? නැත්තම් අපේ ලංකාවෙ වගේ ටොපියක් (හරි වෙන මොකක් හරි balance වෙන්න) ගන්න වෙයිද? නැත්තම් අපි බස් එකේ යනකොට වගේ ආයි හම්බෙන්නෙ නෑ කියල අදහස අත් ඇරගන්නද වෙන්නෙ? එක බඩුවක් නෙමේ දෙක තුනක් ගත්තත් අන්තිමට සත ගානක් ඉතුරු වෙනවනෙ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,767
    13,156
    113
    Colombo
    පොඩි සයිකොලොජි සීන් එකක් තියෙන්නෙ
    දැන් හිතපන් එකම ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් දෙකකින් තියනවා එකක් $5 යි සහ අනෙක $4.99, ගොඩක් වෙලාවට බඩු තෝරගෙන යද්දි අර 4.99 එක ගාන අඩුයි කියලා මොලේට සිග්නල් එක යනවා. සතයක් ලාබයි කියලා නෙමයි එක සැරේම ක්ලික් වෙන්නෙ අරකට වඩා මේක ලාබයි කියලා.
    ඒක නිසා ඒක තෝර ගන්න ලොකු චාන්ස් එකක් තියනවා
     
    • Like
    Reactions: Honda.putha

    nastaya

    Junior member
  • Jan 8, 2023
    44
    69
    18
    Gampaha
    පොඩි සයිකොලොජි සීන් එකක් තියෙන්නෙ
    දැන් හිතපන් එකම ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් දෙකකින් තියනවා එකක් $5 යි සහ අනෙක $4.99, ගොඩක් වෙලාවට බඩු තෝරගෙන යද්දි අර 4.99 එක ගාන අඩුයි කියලා මොලේට සිග්නල් එක යනවා. සතයක් ලාබයි කියලා නෙමයි එක සැරේම ක්ලික් වෙන්නෙ අරකට වඩා මේක ලාබයි කියලා.
    ඒක නිසා ඒක තෝර ගන්න ලොකු චාන්ස් එකක් තියනවා
    එතකොට $1.50 එක $1.49ට දෙද්දි?
    ඔය දාපු photo එක බලපුවම එක එක numbers තියෙන්නෙ. 89, 29, 49, etc.

    69ත් තියනවා :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,767
    13,156
    113
    Colombo
    එතකොට $1.50 එක $1.49ට දෙද්දි?
    ඔය දාපු photo එක බලපුවම එක එක numbers තියෙන්නෙ. 89, 29, 49, etc.

    69ත් තියනවා :lol:
    ඒ සේරම ඒක නිසා තමයි බන්

    එක හේතුවක් අර @supun_sg කියලා තියන rounded නම්බර් වලට වඩා ඔය වගේ ගනන් දැම්මම සේල්ස් වැඩිවෙනවා කියලා හොයාගෙන තියනවා
    අනෙක් එක තමයි අපි ගනන් කියවද්දි වම් පැත්තෙ තියන ඉලක්කම් වලට වැඩි බරක් දානවා කියලා. එතකොට xx.50 ට වඩා xx.49 අඩුයි කියලා හිතට යනවා

    තව ඔය වගේ ඒව තියනවා, ඉලෙක්ට්‍රොනික් බඩු කඩ වල එහෙම දොර ලඟ පට්ටම ගනන් බඩු තියලා ඇතුලෙ ගනන් අඩු බඩු තියනවා. දොර ලගින් එද්දිම ගනන් දැකල හිතනවා මේකෙ බඩු පට්ට ගනන් කියලා ඇතුලට එන්නෙ ගොඩක් ගනන් බඩු තියේවි කියන අයිඩියා එකත් එක්කමයි. හැබැයි ඇත්තටම බඩු අර හිතාගෙන ආවට වඩා අඩු වෙන නිසා මිනිස්සු මිලදීල ගන්න පොඩ්ඩක් වැඩි නැඹුරුවක් තියෙන්න පුලුවන්.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    9,897
    1,425
    113
    දවසක් ඒවා ගන වීඩියෝ එකක් දැක්කා.. ඒවයෙන් යන ප්‍රෝමෝ එක ගැනත් අදහසක් දෙනවලු.. *.99 නම් බෙස්ට් ප්‍රයිස්.. *.49 ඔන් ක්ලියරන්ස් වගේ මොනාහරි.. ටික්ටොක් වීඩියෝ එකක් දැක්කෙ

    Menna

    https://vt.tiktok.com/ZS8BR67MA/
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    25,966
    1
    30,278
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට හේතු කීපයක් තියෙනවා.

    1. 2000 ක් කියනවට වඩා 1999.99 කිව්වම අපිට හිතෙනවා බඩුව එක්දාස් ගාණක් කියල.

    2. සත 39, 69 වගේ ගණන් දාන්නෙ සිල්ලර බඩුවලට. එතකොට හිතෙන් ගණන් හදාගන්න අමාරුවෙනවා. තමන් ෂොපින් කාට් එකට දාගත්ත බඩුවල සම්පුර්ණ මිල හිතෙන් හදාගන්න බැරි නිසා ඔහේ දකින දකින බඩු කාට් එකට දාගන්නවා.

    3. ඊළඟ ක්‍රමය තමයි භාණ්ඩවල ප්‍රමාණ හිතෙන් ගණන් හදන්න බැරි කරන එක. පහල තියෙන screenshot එක බලන්න. මේක මිනිස්සුන්ට ලාබ මොකක්ද කියල හිතෙන් හදන්න අමාරුයි

    image.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    8,329
    13,012
    113
    ඟ ක්‍රමය තමයි භාණ්ඩවල ප්‍රමාණ හිතෙන් ගණන් හදන්න බැරි කරන එක. පහල තියෙන screenshot එක බලන්න. මේක මිනිස්සුන්ට ලාබ මොකක්ද කියල හිතෙන් හදන්න අමාරුයි
    ow ban. meka nam mama hirawena thanak

    අපි බඩු ගනිද්දි බලන්න ඕනෙ ඔෆර් එක ඇත්තටම ලාභද කියලා.

    සමහර කඩ වල කාර්ඩ් ඔෆර් තියෙන දවසට උන් වෙනම ප්‍රයිස් ටැග් එකක් ගහලා තියෙන්නෙ. 10% ඕෆ් නම් උන් ඒ ගාන වැඩි කරලා ප්‍රයිස් ටැග් ගහන්නෙ.

    අනික් එක ලොකු ගණන් ගහලා කපලා පොඩි ගණන් ගහන එක. මේකත් මිනිස්සු අල්ලන ලොකු ට්‍රික් එකක්.

    කඩ වල උන් උන්ට වැඩිපුර ලාභ තියෙන බ්‍රෑන්ඩ් තමයි අපේ ඇඟේ ගහන්න හදන්නෙ. හිතමුකො එක බ්‍රෑන්ඩ් එකක් 100යි ඒත් කඩකාරයට ඒකෙන් තියෙන්නෙ 20යි. ඒත් තව එකක් 90යි හැබැයි කඩකාරයාට 30ක් ලාභයි. ඉතින් බිස්නස් දන්න උන් කරන්නෙ අර 90 එක වර්ණනා කරලා විකුණනවා. අපිත් හිතන්නෙ මූ හරි හොඳයිනෙ ගාන අඩු එක අපිට දෙනවා කියලා.

    තව සමහර කඩවල ගොඩක් තම්බි කඩවල සමහර බඩු හොඳ නෑ ගන්න එපා කියලා අපිට කියනවා. ඇත්තටම ඌ අපේ විශ්වාසය දිනාගන්න බොරුවක් කරන්නෙ. බඩුව හොඳ නැත්නම් ඌ ඒක කඩේ තියන් අහවල් බම්බුවක් කරනවද?
    ------ Post added on Jan 16, 2023 at 8:39 AM
     

    nastaya

    Junior member
  • Jan 8, 2023
    44
    69
    18
    Gampaha
    ඕකට හේතු කීපයක් තියෙනවා.

    1. 2000 ක් කියනවට වඩා 1999.99 කිව්වම අපිට හිතෙනවා බඩුව එක්දාස් ගාණක් කියල.

    2. සත 39, 69 වගේ ගණන් දාන්නෙ සිල්ලර බඩුවලට. එතකොට හිතෙන් ගණන් හදාගන්න අමාරුවෙනවා. තමන් ෂොපින් කාට් එකට දාගත්ත බඩුවල සම්පුර්ණ මිල හිතෙන් හදාගන්න බැරි නිසා ඔහේ දකින දකින බඩු කාට් එකට දාගන්නවා.

    3. ඊළඟ ක්‍රමය තමයි භාණ්ඩවල ප්‍රමාණ හිතෙන් ගණන් හදන්න බැරි කරන එක. පහල තියෙන screenshot එක බලන්න. මේක මිනිස්සුන්ට ලාබ මොකක්ද කියල හිතෙන් හදන්න අමාරුයි
    2යි 3යි නම් සිරාම points. මටත් දැන් click උනේ. (y)
     

    NiveaFlorex

    Junior member
  • Apr 1, 2015
    89
    27
    18
    depending on the retailer/shop okata kiyanne price code ekak kiyala.

    1st clearence price, 2nd clearence price, 3rd clearence price or it can be discounted price for seasonal sales. Oka anuwa eka eka shops egollo cents walin wen karanwa.

    eg.
    best buy wala .99 is sale price, .92 one time drop/discounted price or .96 is a price to beat competitor.

    You can find more below.
    https://www.rather-be-shopping.com/blog/retailers-big-secret-crack-the-price-tag-code/
     
    • Like
    Reactions: supun_sg

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,767
    13,156
    113
    Colombo
    ow ban. meka nam mama hirawena thanak

    අපි බඩු ගනිද්දි බලන්න ඕනෙ ඔෆර් එක ඇත්තටම ලාභද කියලා.

    සමහර කඩ වල කාර්ඩ් ඔෆර් තියෙන දවසට උන් වෙනම ප්‍රයිස් ටැග් එකක් ගහලා තියෙන්නෙ. 10% ඕෆ් නම් උන් ඒ ගාන වැඩි කරලා ප්‍රයිස් ටැග් ගහන්නෙ.

    අනික් එක ලොකු ගණන් ගහලා කපලා පොඩි ගණන් ගහන එක. මේකත් මිනිස්සු අල්ලන ලොකු ට්‍රික් එකක්.

    කඩ වල උන් උන්ට වැඩිපුර ලාභ තියෙන බ්‍රෑන්ඩ් තමයි අපේ ඇඟේ ගහන්න හදන්නෙ. හිතමුකො එක බ්‍රෑන්ඩ් එකක් 100යි ඒත් කඩකාරයට ඒකෙන් තියෙන්නෙ 20යි. ඒත් තව එකක් 90යි හැබැයි කඩකාරයාට 30ක් ලාභයි. ඉතින් බිස්නස් දන්න උන් කරන්නෙ අර 90 එක වර්ණනා කරලා විකුණනවා. අපිත් හිතන්නෙ මූ හරි හොඳයිනෙ ගාන අඩු එක අපිට දෙනවා කියලා.

    තව සමහර කඩවල ගොඩක් තම්බි කඩවල සමහර බඩු හොඳ නෑ ගන්න එපා කියලා අපිට කියනවා. ඇත්තටම ඌ අපේ විශ්වාසය දිනාගන්න බොරුවක් කරන්නෙ. බඩුව හොඳ නැත්නම් ඌ ඒක කඩේ තියන් අහවල් බම්බුවක් කරනවද?
    ------ Post added on Jan 16, 2023 at 8:39 AM
    ඔවු බඩු ගනිද්දි ටිකක් මීටරෙන් ගන්න ඕන
    සාමාන්‍යෙන් සුපර් මාකට් වලින් ගනිද්දි ප්‍රයිස් ගහලම තියන පැකට් කරලා තියන ඒව ගන්න එක ලාබයි මොකද කාඩ් ඔෆර්ස් සහ එකී නොකී ඔෆර්ස් සෑහෙන්න තියන නිසා
    අනික ඔය ප්‍රයිස් ගහලම පැකට් කරලා තියන අයිටම් කොහෙන් ගත්තත් එකම ගාන නිසා කොහෙන් හරි සම්පූර්න ගානට ඩිස්කවුන්ට් එකක් දෙන තැනකින් හරි ගන්න පුලුවන් නං කීයක් හරි ලාබයි
    වියලි ජාති ඇට ජාති වගේ නං, තොග කඩේකින් ගන්න එක ලාබයි සුපර්මාකට් වල ඒව අනිවා ගනන් වැඩී
    එලවලු සහ පලතුරු නං දෙපැත්තක් තියනවා
    සුපර්මාකට් වල බඩු කොලිටි සහ අපතේ යන ප්‍රමානෙ ගොඩක්ම අඩුයි. පොලෙන් ගත්තම ගනන් අඩුයි හැබැයි අපතේ යන ප්‍රමානයක් තියනවා. මම සාමාන්‍යෙන් කරන්නෙ සෙනසුරාද පොලේ ගිහින් පොලේ ගාන පොඩ්ඩක් හරි වැඩි උනත් පොලේ තියන කොලිටිම එලවලු වලින් අරන් එනවා. පොලෙන් ගන්න බැරි වෙන එලවලු එකක් දෙකක් තමයි සුපර්මාකට් වලින් ගන්නෙ
    ඉස්සර නං මම ගොඩක් වෙලාවට සුපර්මාකට් එකෙන් එලවලු ගත්තා පොලේ ගනන් එකක් බැලුවම පොඩි වෙනසක් නිසා තිබුනෙ
    දැන් නං ගොඩක් ලොකු වෙනසක් තියනවා ඒක නිසා පොලෙන් ගන්නවා. අනික පොලේ සමහර එලවලු පට්ටම අඩුවට ගන්න පුලුවන්, ගොඩක් වෙලාවට වට්ටකා සහ ගමේ හැදෙන එලවලු වර්ග ගොඩක්ම අඩුවට ගන්න පුලුවන්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,455
    1,377
    113
    ඕකට හේතු කීපයක් තියෙනවා.

    1. 2000 ක් කියනවට වඩා 1999.99 කිව්වම අපිට හිතෙනවා බඩුව එක්දාස් ගාණක් කියල.

    2. සත 39, 69 වගේ ගණන් දාන්නෙ සිල්ලර බඩුවලට. එතකොට හිතෙන් ගණන් හදාගන්න අමාරුවෙනවා. තමන් ෂොපින් කාට් එකට දාගත්ත බඩුවල සම්පුර්ණ මිල හිතෙන් හදාගන්න බැරි නිසා ඔහේ දකින දකින බඩු කාට් එකට දාගන්නවා.

    3. ඊළඟ ක්‍රමය තමයි භාණ්ඩවල ප්‍රමාණ හිතෙන් ගණන් හදන්න බැරි කරන එක. පහල තියෙන screenshot එක බලන්න. මේක මිනිස්සුන්ට ලාබ මොකක්ද කියල හිතෙන් හදන්න අමාරුයි

    image.png

    meka hri.. anika prices 100grams walata weight eka yna ewage + products wala prices print karanne nah hugak welawata prices aisle eke display karanne packs ehema promote karaddi lesi movement eka ganna oya wage pricing tiyeddi
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    2,699
    5,804
    113
    Between Worlds
    ඇයි බන් ගොඩක් පිටරටවල් වල බඩු වල ගනන් ඉවරවෙන්නෙ සත 99න් හරි සත 49න්? එක්කො එක්කො මොනව කලත් ගොඩක් වෙලාවට සත 9කින් තමා ඉවරවෙන්නෙ.
    කලාතුරකින් තමා බඩු හරියට round කරල price දාල තියෙන්නෙ. උන්ට මොකක්ද වාසිය ඔහොම දැම්ම කියල?

    ලංකාවෙ ඔහොම නැති උනාට පිටරටවල් වල ඔහොම්මමයි නේද?
    ඕක මොකක් හරි marketing trick එකක්ද? මොකද උදාහරණයක් විදියට $5 එක $4.99 කරල දාපුවාම මනසට දැනෙන්නෙ අඩුයි කියල වගේ නේද? මොකද 4 < 5 නිසා. ප්‍රශ්නෙ තියෙන්නෙ $1.50 එකක් $1.49 ට දාන කොට එකට ඔය trick එක අදාල වෙන්නෙ නැහැනෙ.
    නැත්තම් වෙන මොකක් හරි හේතුවක්ද?

    ඔය ගනන් credit card වලින් ගන්න කොට අවුලක් වෙන්නෙ නෑ කියල තේරෙනව, ඒත් ඇයි ඔහොම price label කරන්නෙ කියල මට හිතාගන්න බෑ. දන්නෙ කෙනෙක් ඉන්නවද මේ ගැන?

    View attachment 194658

    තව කියමු අපි ඇත්තටම $5 cash වලින් දීලා $4.99 බඩුවක් ගත්තොත් ඔය ඉතුරු සතේ අපිට අතට දෙනවද? නැත්තම් අපේ ලංකාවෙ වගේ ටොපියක් (හරි වෙන මොකක් හරි balance වෙන්න) ගන්න වෙයිද? නැත්තම් අපි බස් එකේ යනකොට වගේ ආයි හම්බෙන්නෙ නෑ කියල අදහස අත් ඇරගන්නද වෙන්නෙ? එක බඩුවක් නෙමේ දෙක තුනක් ගත්තත් අන්තිමට සත ගානක් ඉතුරු වෙනවනෙ.

    "because you have to go into the till to get change. If it's a round number, someone could just give you a ten-pound note, and you could pocket that"...... (නැත්තන් වැඩකරන කට්ටියට සල්ලි හොරකන් කරන්න පුලුවන් නිසා)

     
    Last edited:

    nastaya

    Junior member
  • Jan 8, 2023
    44
    69
    18
    Gampaha
    "because you have to go into the till to get change. If it's a round number, someone could just give you a ten-pound note, and you could pocket that"...... (නැත්තන් වැඩකරන කට්ටියට සල්ලි හොරකන් කරන්න පුලුවන් නිසා)

    Damn (y)
     
    • Like
    Reactions: Reincarnator

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    10,446
    11,841
    113
    ඔවු බඩු ගනිද්දි ටිකක් මීටරෙන් ගන්න ඕන
    සාමාන්‍යෙන් සුපර් මාකට් වලින් ගනිද්දි ප්‍රයිස් ගහලම තියන පැකට් කරලා තියන ඒව ගන්න එක ලාබයි මොකද කාඩ් ඔෆර්ස් සහ එකී නොකී ඔෆර්ස් සෑහෙන්න තියන නිසා
    අනික ඔය ප්‍රයිස් ගහලම පැකට් කරලා තියන අයිටම් කොහෙන් ගත්තත් එකම ගාන නිසා කොහෙන් හරි සම්පූර්න ගානට ඩිස්කවුන්ට් එකක් දෙන තැනකින් හරි ගන්න පුලුවන් නං කීයක් හරි ලාබයි
    වියලි ජාති ඇට ජාති වගේ නං, තොග කඩේකින් ගන්න එක ලාබයි සුපර්මාකට් වල ඒව අනිවා ගනන් වැඩී
    එලවලු සහ පලතුරු නං දෙපැත්තක් තියනවා
    සුපර්මාකට් වල බඩු කොලිටි සහ අපතේ යන ප්‍රමානෙ ගොඩක්ම අඩුයි. පොලෙන් ගත්තම ගනන් අඩුයි හැබැයි අපතේ යන ප්‍රමානයක් තියනවා. මම සාමාන්‍යෙන් කරන්නෙ සෙනසුරාද පොලේ ගිහින් පොලේ ගාන පොඩ්ඩක් හරි වැඩි උනත් පොලේ තියන කොලිටිම එලවලු වලින් අරන් එනවා. පොලෙන් ගන්න බැරි වෙන එලවලු එකක් දෙකක් තමයි සුපර්මාකට් වලින් ගන්නෙ
    ඉස්සර නං මම ගොඩක් වෙලාවට සුපර්මාකට් එකෙන් එලවලු ගත්තා පොලේ ගනන් එකක් බැලුවම පොඩි වෙනසක් නිසා තිබුනෙ
    දැන් නං ගොඩක් ලොකු වෙනසක් තියනවා ඒක නිසා පොලෙන් ගන්නවා. අනික පොලේ සමහර එලවලු පට්ටම අඩුවට ගන්න පුලුවන්, ගොඩක් වෙලාවට වට්ටකා සහ ගමේ හැදෙන එලවලු වර්ග ගොඩක්ම අඩුවට ගන්න පුලුවන්
    මේකට එකක් එකතු කරන්නම්.....

    කුළු බඩු ආදී බර සංවේදී ඒවා සමාගම් වලින් වෙනම පැක් කරනවා මෝල් වලට වෙනම අඩු බරකින්.

    අපි හිතමු සිල්ලර කඩේ 150g මිරිස් කුඩු Rs.150.00 යි කියලා.

    නමුත් මෝල් වල Rs.145.00 , 135 g ඕවා හොඳට ඇනලයිස් කරන්නේ නෑ කවුරු වුණත්.

    Cheap කියලා ඔලුවට යනවා.


    හොඳම වැඩේ ලොකු ලොට් නොගෙන ඉන්න එක. විශේෂයෙන් කරෝල, මස් එහෙම ගන්න කොට පත්තර කොළේ තියලා බර වැඩි කරනවා.

    පොඩි කරවල කඩේක පත්තර කිලෝ 40ක් යනවාලු මාසෙට.

    කරෝල 1g රු. 3 ක් නම් 12,000/- අයුතු ලාභයක් එතන.

    නාරාහේන්පිට කරෝල කඩවල එළියේ කිරලා ඔතන්නේ ඇතුළේ. එතකොට කෑලි හැලෙනවා....🤣