මට දැන් දවස 4-5ක ඉදන් රෑට නින් ද යන්නෙ නෑනේ. 2.30-3.00 විතර වෙනකල් නිදි නෑ. නින්ද යන්නෙත් නෑ. සීත වතුර නාලා බැලුවා ඒත් නිදිමත එන්නෙ නෑ. මේ දවස්වල ලොකු ස්ට්‍රෙස් එකකුත් නෑ. වැඩ හිරවෙලාත් නෑ. ඇයි බන් මෙහෙම වෙන්නේ? පාන්දර 3ට විතර නින්ද ගියාට ආයෙත් පාන්දර 5.30-6.00 වෙද්දි නැගිටින්න වෙනවා.පැය 3ක්වත් හරිහමන් නින්දක් නෑ. හැබැයි 6ට ඇහැරුනත් නිදා ගත්තා මදි කියලා දැනෙන ගතිය අඩුයි. සමහර දවස්වලට දැනෙන්නෙම නෑ. උදේ 6ට ඇහැරුනම ආයෙත් නිදා ගන්නේ පහුවදා පන්දර. ඇයි බන් මෙහෙම වෙන්නේ? ඇගේ මොකක් හරි විටමින් එකක් අඩු වෙලාද? නැත්නම් ලෙඩක් හැදීගෙන එනවද?