ඇයි මචංල බුද්ධාගමේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,323
    166,635
    113
    එකමත් එක රටක
    මොහොතින් මොහෙත වෙනස් වුණාට සම්බන්ධයක් තියෙනව.
    කලින් හිටපු කෙනා කරපු දේවල් දැං ඉන්න කෙනාට බලපානව (එකම කෙනෙක් ගැන කියන්නෙ)
    එහෙනම් ඉතින් මම ඉන්නව. බය නැතුව ඉදපන්. උබ ඉන්නව.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    එහෙනම් ඉතින් මම ඉන්නව. බය නැතුව ඉදපන්. උබ ඉන්නව.
    පට්ට පැරඩොක්ස් එකක් තියෙනව
    ඇයි එයාම බුදු වෙලා තව කෙනෙක් දේවදත්ත වුණේ..
    ඕක අනිත් පැත්තට වෙන්නත් එකම චාන්ස් එකක්නෙ තියෙන්නෙ..
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඒ කියන්නෙ මචං දැනෙනවා හැඟෙනවා කියන එක, මට දැනෙනව හැඟෙනවා කියල අල්ල ගන්න එකද වැරදි
    උත්තරයක් දෙන්නැතුව
    ම අහන්නද තව ප්‍රශ්නයක්

    මට දැනෙනවා හැංගෙනවා කියලා අල්ලගන්න එක වැරදියි කියල දැනුනෙ කාටද?
    සහ ඒ දේවල් අල්ලගන්නේ හරි අතාරින්න හරි කවුද?

    මෙහෙමයි
    මම උත්තරයකුත් දෙන්නම්

    මූලික මට්ටමේ ඉඳලා ඔය ටිකක් දේවල් අතඇරියා ට කමක් නැහැ
    පස්සේ තේරෙයි, අතාරින්න අතාරින්න "අත්හරින මම" කියලා කෙනෙක් බිහිවෙලා "අතහැරීම" අල්ලගෙන කියලා

    මේකේ කිසි දෙයක් අල්ලගන්නවත් අතහරින්න වත් දෙයක් නැහැ
    aන්න ඒක තමයි ගැඹුරු ශුන්‍යතා දහම

    ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ " සත්වයෙක් නැහැ ජීවයක් නැහැ ුන්‍යයි කියලා"
    හැබැයි ඒක වචන වලින් පැහැදිලි කරන්න මට නම් තේරෙන්නෙ නැහැ

    වැරදි පැත්තකින් අල්ලා ගත්තොත් අනිවාර්යෙන් පිස්සෙක් වෙනවා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Monsters Inc Reaction GIF by filmeditor
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113


    let me guess, this is one of those controversial monks?

    edit: දැන් video එක බැලුවේ. මේ ඩයල් එක බුද්දාගමේ වගේ කතාවල් කියල ක්‍රිස්තුස් වහන්සේගේ දේව වචනය ගැන සීන් එකක් කියන්නේ නේද?
     
    Last edited:

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මොන පවු වැඩේ කළත් වැඩිය හිතන්ඩ එපා කියල :baffled:
    වැඩිය හිතුවොත් කර්ම විපාකය වැඩියිලු :rolleyes2:

    එතකොට මොන නරක වැඩේ කලත් ගානක් නැතුව ඉන්න මිනිහ සුගතියට යනව
    ඒ තරං වැරදි කරල නැති නමුත් ලොකුවට පසු තැවෙන කෙනා දුගතියට යනව :ROFLMAO:

    මාරයි නේ. මම නෙමේ කියන්නෙ, බුද්ධාගමේ එහෙම තියෙනව
    මාරයි නේ 😂😂😂😂 කොහෙන්ද් උබ ඕව හොයාගන්නෙ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අනාත්මය "මම නෑ" කියන පැත්තෙන් නැතිව "මමය, මගේය, මගේ ආත්මය ලෙස මෙතන ගන්න සුදුසු දෙයක් නැහැ" කියන පැත්තෙන් බලන්න තමා බුදුන් සේඛ පිරිස පුහුණු කරන්නෙ. (ඒකෙන් කියවෙන්නෑ මම නෑ කියන එක වැරදියි කියලා)

    යමක් මමයි මගෙයි මගේ ආත්මයයි කියලා කියන්න සුදුසු වෙන්න නම් ඒක මගේ අධිපතිභාවයට යටත්ව, මා නොපෙලන දෙයක් විය යුතුයි. යමක් පෙලීමට හේතුවෙයිද එහි අධිපති භාවයක් පැතිරවිය නොහැකිද එය මමය මගේය මගේ ආත්මයද කියා ගැනීම දුකට අත වැනීමක්.

    බුදුන්ගේ කාලයේ එක ක්‍රමයක් තිබ්බා මේ සත්වයා කියන එක බෙදා වෙන්කරලා දක්වන. ඒකෙදි සත්වයා කොටස් පහකට බෙදලා දක්වන්න පුලුවන්.

    රූප - භෞතිකත්වය
    වේදනා - දල දැනගැනීම්
    සංඥා - ඇතිවන හැඟීම්
    සංස්කාර - සංස්කරණය කිරීම් (හිතින් කරන,කරපු)
    විඥ්ඥාණ - බෙදා වෙන්කොට දැනගැනීම

    ඔය පහෙන් ස්ව වසඟයෙහි පවත්වන්න පුළුවන් කුමක්ද බලන්නයි කියලා තමා බුදුන් අපට කියන්නෙ. රූපය වෙනස් වෙනවා. කොතෙරම් නුල් සූත්තර දැම්මොත් සදාකාලික වසඟ භාවයකට ගන්න බැහැ. ශරීරයට ආදරය වැඩි අය ඒ කියන්නෙ කායවර්ධනය කරන අය, රූපලාවන්‍යට ප්‍රිය අය ගතහොත් මේක ප්‍රකටයි. අපි රූපය කෙරෙහි අධිපති භාවයක් ලබාගන්නවා වෙනුවට අපි රූපය නඩත්තුකරන්න එහි දාසයෙක් වෙනබවනම් දකින්න පුලුවන්.

    වේදනාවත් එසේමයි, අපිට මේ හිතට කයට අණ කරපු පමණින් පුලුවන්ද සැප වේදනා උපද්දවගන්න? ඇතිවුන හැඟීම් (සැප හෝ දුක්) අපේ අධිපති භාවයෙන් මෙපමණක් කල් මෙසේ පවතීවා කියලා අධිශ්ඨානයෙන් පමණක් පවත්වන්න පුලුවන්ද? ඒ හැඟීම් වෙනස්වීම අපිව පෙලනවා නෙමෙයිද ජීවිත ගමනෙදි. මෙසේ වෙනස්වීම් නිසා අපි ඉච්ඡාභංගත්වයට පත්වීමම දුකට හේතු වෙන්නෙ නේද. වේදනා සංඥා නිසා හිතේ ඇතිවන "මෙසේ උවහොත් හොඳයි, අරහෙම නොවුනහොත් හොඳයි" ආදී හැඟීම් එක ආකාරයකට පවතිනවාද? ඊටපස්සෙ ගැඹුරුම එක බෙදා වෙන්කොට දැනගැනීම.

    අපිට පුලුවන්ද අපිට අවශ්‍ය දේ පමණක් දැනගෙන ජීවත් වෙන්න. ගහක් දිහා බලාගෙන ගහේ වර්ණය කෙරෙහි පමණක් කැමති තාක්කල් හිත පවත්වන්න පුලුවන්ද අපිට. ඇයි හිත අපිට ඕනෙ විදිහට ඉන්නෙ නැතිව, ඒක ඒකට ඕනෙ දේ වලට පැන පැන ඉන්නෙ. මේක දුකට හේතු නොවෙයිද. යමක් දුකට හේතුවෙයි නම්, අධිපති භාවයකින් පාලනය කරන්න බැරිනම් ඒක මමය මගේය මගේ ආත්මයය කියලා සලකන්න සුදුසුද? එහෙම සැලකීම නිසා අපි සුඛයම පමණක් ලබනවාද? ඔය පහම අපිට ස්ථිර, සුඛ පමණක් ගෙනදෙන වසඟයකට නතුකර ගන්න පුලුවන්ද අපිට?

    මේ කාරණා වලට එකඟනම්, තේරෙනවානම් බුදුන් ප්‍රතිපදාවක් පෙන්වනවා මේක වඩාත් ගැඹුරින් සහසුද්දෙන් දැනගන්න. අන්න එදාට පුලුවන් තමන්ටම දැනගන්න "මම කියලා දෙයක් නැත්තෙ" ඇයි කියලා.

    Edit

    ප්‍රශ්නය මම කියලා කෙනෙක් කියන්නෙ නැතිව, මම කියලා දෙයක් නැහැ කියන්නෙ ඇයි කියලා ඇහුවනම් තවත් ඔය ප්‍රශ්නෙ තියන සැඟවුන පැත්තක් තේරෙන්න තිබ්බා.
     
    Last edited:

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මෙහමනේ බන් . වෙනස් වේවි යන මම නෙවෙයි නම් කලින් හිටියේ, විපාක විතරක් බැදිලා තියන වෙනස් නොවන දෙයක් තියෙන්න ඕනේ.
    වෙන එකෙක් කරපු දේකට දැන් ඉන්න එකා පලි නෑ නේ.
    අනික ඔය මගේ , තමන්ගේ කියල දෙයක් නැති තැන "සොරකම" , "ප්‍රාණගාතය" වගේ දේවල් වල තේරුමක් නැති වෙනවා.
    අන්සතු දෙයක් කියලා දෙයක් නැති නිසා. තමන් සතු කරගන්නවා කියලා දෙයක් නෑ .. ඒක නිසා ඕවා නිකන් කතා විතරයි. ඕව ඇත්ත කරන්න කතා කරල තේරුමක් නෑ . හැමදේම වෙනස් වෙන්ව තමයි. එහෙම කියලා මම නෑ වගේ කතා තේරුමක් නෑ සාමාන්‍ය ලෝකේ..
    පන්සල් ගිහින් බන අහන්න වාඩි උනාම, මම කියලා කෙනෙක් නැහැ.
    හැබැයි, ගෙදර ඇවිත් , ආයේ පන්සල් යනකන් මම කියලා කෙනෙක් ඉන්නවා....
     
    • Haha
    Reactions: AnuradhaRa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,151
    113
    මෙහමනේ බන් . වෙනස් වේවි යන මම නෙවෙයි නම් කලින් හිටියේ, විපාක විතරක් බැදිලා තියන වෙනස් නොවන දෙයක් තියෙන්න ඕනේ.
    වෙන එකෙක් කරපු දේකට දැන් ඉන්න එකා පලි නෑ නේ.
    අනික ඔය මගේ , තමන්ගේ කියල දෙයක් නැති තැන "සොරකම" , "ප්‍රාණගාතය" වගේ දේවල් වල තේරුමක් නැති වෙනවා.
    අන්සතු දෙයක් කියලා දෙයක් නැති නිසා. තමන් සතු කරගන්නවා කියලා දෙයක් නෑ .. ඒක නිසා ඕවා නිකන් කතා විතරයි. ඕව ඇත්ත කරන්න කතා කරල තේරුමක් නෑ . හැමදේම වෙනස් වෙන්ව තමයි. එහෙම කියලා මම නෑ වගේ කතා තේරුමක් නෑ සාමාන්‍ය ලෝකේ..
    උබට ඕක හරියටම තේරුන් ගන්න පුළුවන් ගිනිකූරකින් පහනක් පත්තු කරල ඒක ගැන කල්පනාකරොත්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,635
    113
    එකමත් එක රටක
    උබට ඕක හරියටම තේරුන් ගන්න පුළුවන් ගිනිකූරකින් පහනක් පත්තු කරල ඒක ගැන කල්පනාකරොත්.
    ඉතින් මොකද වෙන්නේ ? පහන නිවුන වෙලාවේ මොකද්ද නැති උනේ ?
     
    • Wow
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,151
    113
    ඉතින් මොකද වෙන්නේ ? පහන නිවුන වෙලාවේ මොකද්ද නැති උනේ ?
    නිවෙන වෙලාවෙ නෙවෙයි පත්තු වෙන දැල්ල ගැන මුලින් ගින්කූරෙන් පත්තු වෙච්ච එකම පහනට මාරු වෙන එක. පහනෙ තෙල් වර්ග වෙනස් වෙනකොට දැල්ලට වෙන දේ.
     
    • Wow
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,635
    113
    එකමත් එක රටක
    නිවෙන වෙලාවෙ නෙවෙයි පත්තු වෙන දැල්ල ගැන මුලින් ගින්කූරෙන් පත්තු වෙච්ච එකම පහනට මාරු වෙන එක. පහනෙ තෙල් වර්ග වෙනස් වෙනකොට දැල්ලට වෙන දේ.
    ඒ ඉතින් ගින්දර වල ස්වබාවය නේ.

    දැන් ඕකම වතුර ජෝගුවකින් වීදුරුවකට දාන එකෙන් ගන්න පුලුවන් ද ??
    ගින්දර වල ස්වභාවය අරගෙන එකෙන් ලෝකේ හැමදේම ගැන කතා කරල තේරුමක් නෑ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,151
    113
    ඒ ඉතින් ගින්දර වල ස්වබාවය නේ.

    දැන් ඕකම වතුර ජෝගුවකින් වීදුරුවකට දාන එකෙන් ගන්න පුලුවන් ද ??
    ගින්දර වල ස්වභාවය අරගෙන එකෙන් ලෝකේ හැමදේම ගැන කතා කරල තේරුමක් නෑ .
    ඒ වගේම තමා ඔය උබ අහන වෙනස් වීමේ ස්වභාවය ඒක ගින්දර වතුර කියල වෙනසක් නෑ. ගින්දර ගන්නෙ උදාහරණයකට ඒකෙන් ලේසියෙන්ම තේරුන් ගන්න පුළුවන් නිසා. වතුර ජෝග්ගුවකට දාන්න ඕනිම නෑ නිකන් තිබ්බත් ඕක තේරුන් ගන්න පුළුවන්. වැලි කැටයකින් උනත් තේරුන් ගන්න නන් පුළුවන් ඒත් ඒවගෙ අර තරන් එලියට ලක්ශන පැහැදිලිව වෙන් වෙලා නෑ.
     
    • Wow
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,635
    113
    එකමත් එක රටක
    ඒ වගේම තමා ඔය උබ අහන වෙනස් වීමේ ස්වභාවය ඒක ගින්දර වතුර කියල වෙනසක් නෑ. ගින්දර ගන්නෙ උදාහරණයකට ඒකෙන් ලේසියෙන්ම තේරුන් ගන්න පුළුවන් නිසා. වතුර ජෝග්ගුවකට දාන්න ඕනිම නෑ නිකන් තිබ්බත් ඕක තේරුන් ගන්න පුළුවන්. වැලි කැටයකින් උනත් තේරුන් ගන්න නන් පුළුවන් ඒත් ඒවගෙ අර තරන් එලියට ලක්ශන පැහැදිලිව වෙන් වෙලා නෑ.
    දැන් උබ හිතන්නේ දැන් ඔය පහනේ කතාවේදී වෙන්නේ ගිනිකුරේ තිබ්බ ගින්දර පහනට මාරු උනා කියලද??
     
    • Wow
    Reactions: jennt