ඇයි ලස්සන මල් මෙච්චර විස??

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඇයි ලස්සන මල් මෙච්චර විස??

    මල් එහෙමත් නැත්තම් පුෂ්ප ස්වභාව ධර්මයේ අසිරිය, චමත්කාරය බොහෝ ලෙස ඉහල දමයි. විටෙක ලොව මිනිසා හට හුස්ම ගැනිමේ යාන්ත්‍රණය සාදන්නා වු ප්‍රභසංස්ලේශණයේ නියමුවා ලෙස ක්‍රියාකරනනේ තම ශාක ප්‍රජාව බිහි කිරීමේ පුරෝගාමියා ලෙසයි. තවත් විටෙක පාරිශුද්ධ ආදරයේ සංඛේතය වෙමින් මිනිස් සිත වසග කරයි.. හැබැයි ලොව අලංකාරය පිටුපස සැගවුන විෂ බව කුරිරැ බව මේ ලස්සන මල් වලටත් උරුමයි.
    මේ ලිපියෙන් ලොව ඉතා අලංකාර මල් 7ක විෂ බව හා එහි හානි කර බලපැම් ඔබ වෙත ගෙන ඒමට බලපොරොත්තු වෙනවා.

    English broom

    Cytisus scoparius නම් විද්‍යාත්මක නමකින් හදුන්වන, එක්සත් රාජධානියේ දේශීය මල් විශේශයක් ලෙස සැලකෙන මෙය බටහිර හා මධ්‍යම යුරෝපය දක්වා සංක්‍රමණය වූවක්. මෙය දීප්තිමත් ආකර්ෂණීය පුංචි කෙසෙල් රැනක් වගේ පෙනුමක් ගනී. ස්වසන පද්ධතියට බලපාන්න වූ alkaloid නම් රසායනික විෂ විස රැසක් අන්තර්ගථ මෙය ඔබේ හද ගැස්මට ඍජුවම බලපයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ගැබිණි මව්වරුන්ට හා හදවත් රෝගීන් හට වඩා අහිතකර වේ.


    Cytisus_scoparius.jpg


    Monkshood

    Aconitum එහෙමත් නැතිනම් යක්ෂයාගේ හිස ලෙස හදුන්වන දම් පැහැති මෙම මල් වර්ගය බටහිර යුරෝපයටයට ආවේණික වූවක්.. එක් ස්පර්ශයකින් පවා හිරි වැටීම (numbness), සිහි නැති වීම (asphyxia) හෝ අඩු රුධිර පීඩනය (cardiovascular hypotension) ඇති කිරීමට සමත් pseudaconitine නම් රසායනික විෂ බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වේ. මෙය ශරීර ගත වීම පුද්ගලයෙකුගේ මරණයට පව හේතු විය හැක.

    fd398f7b775f5132339ebb9761e057f3.jpg


    White snakeroot

    Ageratina altissima නම් විද්‍යාත්මක නමකින් හදුන්වන සුදු පැහැති අලංකාර මල් විශේෂය උතුරු ඇමෙරිකාවට ආවේණික වූවක්.. මේ මලෙහි tremetol නම් විෂ රසායණික සංයෝගය යහමින් අන්තර්ගත වන අතර එය කෙතරම් විෂ සහිතද කියනවනම් මෙය ආහාරයට ගත් කිරි ගවයෙකුගේ කිරි පානය කිරීමත් මාරන්තික වේ.
    මේ කිරි විෂ වීම ඇමරිකා හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ මවගේ මරණයටත් හේතු උනා කියලා සැකයක් තියෙනවා.


    Ageratina_altissima,I_LJM3323.jpg

    Foxgloves

    foxgloves හා මිය ගිය මිනිසාගේ සීනුව යන අනවර්ථ නාමයන්ගෙන් හදුන්වන මෙය පෙනුමෙන්නම් බොහෝ සුන්දරය. digitoxin, digoxin හා cardiac glycosides යන විෂ රසායණික සංයෝග රැසක් අන්තර්ගත වේ.
    මේ විෂ රසායනික සංයෝග වලින් ලැබෙන අහිතකර බලපෑම් පුලුල් පරාසයක් පුරා විහිදයයි. ඔක්කාරය (nausea), මාංශ පේෂී වල අක්‍රමවත් ඉතා වෙදනාකාරී චලනයන් (convulsions), මනසේ ව්‍යාකූල බව, හිසරදය, උණ, හා විශේෂයෙන්ම අක්‍රමවත් හදගැස්ම හා වෙව්ලීම මින් කිහිපයක් පමණි. මෙම ශාකයේ මල් පමණක්ම නෙමේ කද, මුල් සහ ඇට යන සියල්ලක්ම මරණාසන්න විෂ දරයි.


    foxgloves.jpg

    Lily of the valley

    Convallaria majalis යන විද්‍යාත්මක නමකින් හදුන්වන සුදු පැහැති සීනු හැඩැති දීප්තිමත් මල් විශේෂයක් වන අතර රතු පැහැති කුඩා ගෙඩි සමූහයකින් ශාකයේ අලංකාරය වැඩි කරයි. Convallatoxin නම් උග්‍ර විෂ සහිත රසායනික සංයෝගයක් මුලු ශාකය පුරාම පැතිර පවතී, ඒ නිසාම මෙය ආසියාවේ හා යුරෝපයේ විෂෙන් අධ්කම ශාකය ලෙස නම් දිනා සිටී. හෘද ස්පන්දනය ක්ෂණිකයෙන් පහල දැමීමට සමත් මේ සංයෝගය වමනය, උදරයේ මාංශ පේෂි පෙරලීම වැනි වේදනාකාරි හානි ගෙනදේ. අධික ආග්‍රහනය හෝ විෂ ශරීර ගත වීම ඉතා වේදනාකාරී මරණයක් එසැනින් ගෙනදේ

    il_340x270.343188682.jpg


    Angel’s trumpet

    මෙහි නමෙහි නම් හරිම ලස්සන අර්ථයක් තියෙන්නේ.... දේවදූතයාගේ හොරණෑව. හැබැයි මෙය නම් ඉතා භයංකාර මල් වර්ගයක්. විටෙක මෙය නිවෙස් අලංකරණය කරන ලෑම්ප් 1ක් වගේ දිස්වෙනවා... brugmansia නම් විද්‍යාත්මක නමකින් හදුන්වන මෙය පැස්ටල් රෝස පැහැයක් ගනී.. brugmansia යන ඉතා දරුණු විෂ සහිත ධූලක අඩංගු වන අතර ඉතා සුලු ප්‍රමාණයේ මාත්‍රාවක බලපෑම සොම්බි (‘zombie’ effect) ලෙස හැදින්වීමට තරම් දරුණු වේ.ඒ එය ඔබේ සියලු මතකයන් නිමේෂයෙන් නැති කර දමන නිසයි. මෙය ටිකක් වැඩිපුර ස්පර්ශ වීම මෝහනයකට හා සමාන බලපෑමක් ඇති කරයි එනම් ඔබගේ ස්නායු පද්ධතියට විශාල බලපෑමක් ඇති කරයි එය මරණයෙන් කෙලවර වීමටත් ලොකු කාලයක් ගන්නේ නෑ.

    $T2eC16J,!yME9s5qF1UyBRRf4og)YQ~~60_1.JPG

    Autumn crocus

    එක්සත් රාජධානියට ආවේණික වු සරත් සෘතුවේ පිපෙන සිත් වසග කර ගන්නා අලංකාරයක්, සුගන්දයක් පිරි දම් පැහැති මල් විශේෂයක් වන මෙය මෙයි තරම් විෂද කියලා හිතාගන්නවත් බැරි තරම්. මෙහි අඩංගු නම් රසායනික සංයෝගය ආසනික් වලටත් වඩා උග්‍ර විෂක් ගනී. ඉතා සුලු ප්‍රමාණයක් වමනය, පාචනය හා ඉතා වේදනාත්මක උගුරේ අසාදන වැනි බලපැම් රැසැක් එක් නිමේෂයකින් ඇති කරන අතර මධ්‍යම ප්‍රමාණයේ මාත්‍රයකින් ඔබේ අක්මාව, වකුගඩු එසැනින් අක්‍රීය කර හෘද ස්පන්දනය මොහොතින් නතර කර දමයි......


    CrocusSpeciosus091023.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,589
    113
    මහපොලව.....
    Angel’s trumpet

    මෙහි නමෙහි නම් හරිම ලස්සන අර්ථයක් තියෙන්නේ.... දේවදූතයාගේ හොරණෑව. හැබැයි මෙය නම් ඉතා භයංකාර මල් වර්ගයක්. විටෙක මෙය නිවෙස් අලංකරණය කරන ලෑම්ප් 1ක් වගේ දිස්වෙනවා... brugmansia නම් විද්‍යාත්මක නමකින් හදුන්වන මෙය පැස්ටල් රෝස පැහැයක් ගනී.. brugmansia යන ඉතා දරුණු විෂ සහිත ධූලක අඩංගු වන අතර ඉතා සුලු ප්‍රමාණයේ මාත්‍රාවක බලපෑම සොම්බි (‘zombie’ effect) ලෙස හැදින්වීමට තරම් දරුණු වේ.ඒ එය ඔබේ සියලු මතකයන් නිමේෂයෙන් නැති කර දමන නිසයි. මෙය ටිකක් වැඩිපුර ස්පර්ශ වීම මෝහනයකට හා සමාන බලපෑමක් ඇති කරයි එනම් ඔබගේ ස්නායු පද්ධතියට විශාල බලපෑමක් ඇති කරයි එය මරණයෙන් කෙලවර වීමටත් ලොකු කාලයක් ගන්නේ නෑ.

    $T2eC16J,%21yME9s5qF1UyBRRf4og%29YQ%7E%7E60_1.JPG
    මේ අත්තන නේ කුකුලෝහ්!
     
    • Like
    Reactions: sudeewa

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    මේවත් විසද මචෝ?
    මේවානම් හැමතැනම තියෙනවා :sorry:

    නෑ මචං මම හිතන විදිහට 4ටෝ එක වැරදි.විස්තරේ තියනවා නේද පැස්ටල් රෝස කියලා.
    Brugmansia කියන ගන නාමයට අයත් විශේශ වර්ග 7ක් තියෙනවා. මටත් හුරුයි මේක දැකල තියෙනව වගේ
    හැබැයි ඕක විසයි....

    All parts of Brugmansia are poisonous, with the seeds and leaves being especially dangerous. Brugmansia are rich in Scopolamine (hyoscine), hyoscyamine, and several other tropane alkaloids.[24] Effects of ingestion can include paralysis of smooth muscles, confusion, tachycardia, dry mouth, diarrhea, migraine headaches, visual and auditory hallucinations, mydriasis, rapid onset cycloplegia, and death

    632f56cc7df992c5c282b66b91f1f50c.jpg
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ado thread eka ela, rep denna balu thawama , wate gihin dennam

    ෆට්ට සාහෝ....


    best thread i ever read on elakiri..
    i have no reputation power to adore you..:(

    Niyamai Mchn

    පට්ට මචන්+..

    බොහොමත්ම ස්තූතියි..ඇත්තටම තමන් පල කරන ලිපියකට අදහස් දෙනවා කියන්නෙ ලොකු උදවුවක් මචන්ලා,,,,
     
    • Like
    Reactions: Troop