බුදු රජාණන් වහන්සේ මාංශ අනුබවය නීතයක් ලෙස තහනම් නොකළේ හේතු කීපයක් නිසා.
1. සමහර අයට සංසාරික පුරුදු නිසා කොච්චර Try කරත් මාංශ අනුබවයෙන් වැළකෙන්න බැහැ . Eg : ගිය ආත්මේ කොටියෙක් හරි සිංහයෙක් වෙලා හිටියනම් මේ ආත්මේ ඒ පුරුද්ද එහෙමම හිටිනවා.අපි අතරෙත් ඉන්නවනේ එක වේලක්වත් මස් මාළු නැතිව කන්න බැරි අය .
2. සමහර ප්රදේශ වල අයට ඕන උනත් මස් , මාළු නොකා ඉන්න බැහැ . Eg : Ice land වල Eskimo අය කන්නේ මාළු සහ මස් .කන්න වෙන දේවල් හොයාගන්න අමාරුයි., කාන්තාර ප්රදේශ වල ගහ කොළ අඩුයි. එනිසා අනිවාර්යයෙන් මස්,මාළු මත යැපෙන්න වෙනවා.
අනික මාංශ අනුබවයෙන් ප්රාණ ගාථ අකුසලයක් වෙන්නේ නැහැ.එයට ගිජු වීමෙන් කෙලෙස් වැඩි වීමක් වෙනවා.
ප්රාණ ගාථ අකුසලය අනුව සැලකුවම මදුරුවෙක් මැරුවට වැඩිය පව වැඩියි කුකුලෙක් මැරුවම.ඊටත් වැඩියි හරකෙක් මැරුවම .මිනිහෙක් මැරුවම ඊටත් වැඩියි.සතා ලොකු වෙන තරමට අකුසලය වැඩියි. ඊට හේතුව සත්වයා ලොකු වෙනකොට අපි දාන effort එක වැඩියි.එනිසා සිතේ ඇතිවන ද්වේශය වයිරය වැඩියි.