ඔහු ඉල්ලා සිටියා පෑනකුයි කොළයකුයි.. ඔහු ලියපු දේ දුටුවොත් ඔබේ ඇසිනුත් කදුලක් වැටේවි.
OCTOBER 26, 2018
මරණ මංචකයේ සිටින සිරකරුවකුට කිව්වා ඔහුගේ අවසන් ඉල්ලීම කරන ලෙස, විදුළි පුටුවේ ඔහුගේ මරණ්යට පෙර ඔහු ඉල්ලාසිටියා පෑනකුයි කොළයකුයි.( ඔහුගේ සටහන මෙසේයි) මගෙ ආදරණීය අම්මේ, නීතිය සාධාරණනම්, මේ වෙනකොට ඔයත් මෙතන ඉන්න ඕනෙ, මගේ ලඟ වාඩිවෙලා මරණ දණ්ඩනය බලාපොරොත්තුවෙන්. නමුත් නීතිය අන්ධ නිසා , අපි දෙන්නම වගකිවයුතු වරදකට මම තනියෙන් වරදකරුවෙලා.
අම්මේ, මතකයිද ඔයාගේ පුතා මම,අවුරුදු තුනේදි , හොරෙන් ගත්ත මගේ සහෝදරයගෙ රසකැවිලි? මට හොඳට මතකයි මම වයස 5 දි , මම අසල්වාසියෙක්ගෙ සෙල්ලම්බඩුවක් හොරකම් කරල ගෙදර හැංගුවා. ඒත් ඔයා කිව්වේ සෙල්ලම් බඩුව ගෙදර නෑ කියලයි ඔවුන්ට
අම්මෙ .. මම අවුරුදු 12 දි , මම හැංගුවා මගේ ඥාතියාගේ පන්දුව ගරාජයේ.ඒත් එදත් අම්ම කිව්වේ ඒක දැකලත් දැක්කේ නෑ කියලයි ඔවුන්ට ඔයාට මතකද මම අවුරුදු 15 දී මාව ස්කෝලෙන් එළවපු දවස? තාත්තට ඕනෙ උනා මට දඬුවම් කරන්න , ඒත් ඔබ ඒක ප්‍රතිකේෂ්ප කරා, ඔබ එයත් එක්ක ලොකු රණ්ඩුවක් උනා, ඒ ඔබට මාව බේරෙන්න ඕනෙ උන නිසා. එදත් අම්ම කිවේ , මම තරුණයි තාම කියල… ඒ නිසා කමක් නෑ කියල..
අම්මා මම වෙනුවෙන් උන්නා , අම්මා මම වැරදියි කියල දැනගත්ත වෙලාව ඒක නෙමෙයි. අම්මා කිවේ මම නිවැරදියි කියලයි. ඒත් ඔයා දන්නවා මම (ඒ හැම වෙලේම) වැරදියි කියල. මට තවත් හොඳට මතකයි ,මම අවුරුදු 17 දී අම්මා දැනගෙනත් මම අසල්වැසියෙක්ගේ බයික් එකක් හොරකම් කරල විකුණුවා කියලා අම්මා මොකුත්ම කිව්වේ නෑ.(ඒ වෙලාවෙත්) ඔයා මට ගොඩක් අදරෙ නිසා. ඔයා මාව හැදුවෙ නෑ.ඔයා එහෙම කරලා කරේ මාව නරක් කරපු එකයි.
අන්න එහෙමයි මේ ඔක්කොම පටන්අරන් අන්තිමේ හෙමින් හෙමින් ඇවිත් මේ විදියට මගේ මරණ මංචකෙන් අවසන් වෙන්නේ අද මම තාමත් ගොඩක් තරුණයි අම්මේ , අද මට ඕනේ ඔයාගෙ ආදරය ඔයාට අද දෙන්න පුළුවන්ද ඒක? මේක කියවන වෙලාව වෙනකොට මම මියගිහින් ඇති. ඉතින් ආයුබෝවන් අම්මේ ඔයාගෙ ආදරණීය පුතා.
කෝටුවක් පාවිච්චි නොකරන, දරුවන්ට සැර නොකරන, ඒත් ආදරය පමණක්ම කරන, වෙලාවට උගන්වන, සියලුම දෙමාපියන් වෙතයි මේ ආදරය කරන්න ඔබගේ දරුවන්ට නමුත් ඔවුන්ව “හදන්නට” අමතක නොකරන්න.
සැ.යු:- මෙය එක් භාෂාවකින් තවත් භාෂාවකටත් ඉන් තවෙකකටත් පරිවර්ථනය වූවක් හෙයින් පරිවර්ථන ගැටලු හමුවිය හැක.
ප. ස:-දෙමාපිය සෙනෙහසට තීන්දු තීරණ දීම අපහසුය. ඒ සෙනෙහසේ තරමටම දිනක අනිසි ප්‍රතිඵල අත්වන වස්ථා බොහෝය .සෙනෙහස කළමණාකරණය කර හරි වැරදි නිසි පරිදි කියාදී දරුවන් සමාජයට මුදාහැරීම ද පහසු කටයුත්තක් නොවේ.
ඇඹිලිපිටියේ මෙත්තානන්ද හිමි