ඇය කවුද ? ඔන්න මමත් කවියක් ලියුවා.
සිනිදු සුමුදු සුදු නිරුවත් ගත පෙන්වා ඇස් නටවා
සිනහ සලා දුටු දුටු අය තුටු කරවන ඇය කවුද ? දන්නවාද
කඩපිල්වල තිතර වෙසෙන ආදර කරුණාව ලබන
කෙනෙකු ඇවිත් ගෙනයන තුරු
බියක් සැකක් ලැජ්ජාවක් නොමැතිව
මග බලා ඉන්න ඇය කවුරුද දන්නවාද ?
කුරිරු ලොවක සිනහසෙන්න
සතුට දෙන්න හැඩු කඳුලලෑලි පිරිමදින්න
සතුටින් ඉන්න ඇය කවුරුද දන්නවාද ?
දරුවන් හට සතුට ගෙනෙන දුසිරිත් කිසි නොමදන්නා
ඇයවේ අප කොයි කවුරුත් හොඳ හැටි දන්නා හඳුනන
සිත් ජයගත් බෝනික්කා

Last edited:

ela ela